Vijaya Gurunatha Sethupathi Sinhala Articles | සේතු |

Vijaya Gurunatha Sethupathi

නම කිව්ව ගමන් ඔයාලට මතක් වෙන නලුවා නෙවෙයි,බොරු කොමඩි,අඩි ගනන් උඩ විසිවෙන නලුවෙකුත් නෙවෙයි.දමිල සිනමා ලෝකයේ ඇත්ත තලා(නායකයා) මම දකින විදියට,වෙනස්ම ආකාරයට,සින්හලෙන්ම කිව්වොත් බොක්කටම වදින ,වෙලාවකට ඔහුගේ පෞර්ෂය සමඟ මුසු වුණ දෙබස් ඛණ්ඩ..සිනමා කාලය තුල හැරවුම් ලක්ෂ ඇති කල අග්රඝණය්ය කලාකරුවා..ඔහු නමින් vijay sethupathy..දැන් මතක් වුණා නේද😎✌️

දැනට 39 වියෙහි පසු වණ ඔහු 1979 ජනවාරි 16 වන දින ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ Rajapalayam හි දී උපත ලද ඔහුගේ පියා කාලිමුත්තු සහ මව සරස්වතී වන අතර ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක් බිරිඳ නමින් ජෙසී..

Image may contain: 6 people, people smiling

ඔහුගේ සිනමා ජීවිතය පලමුවෙන් ඔහු පසුභිම් නලුවෙක් සහ ඉතා සුලු චරිත වෙනුවෙන් පෙනී සිටින ලදී.ඔහුගේ පලමු ප්රධාන භූමිකාව ලෙස රඟදක්වනු ලැබුවෙ seenu ramasamy ගේ Thenmerku paravakaatru 2010 දී වන අතර් පලමු දුශ්ඨ චරිතය 2012 දී sundarapandian සින්මාපටය තුලින්ද,.අති විශිෂ්ට රන්ඟනයක් pizza චිත්රපටය තුලින් 2012 දී ඔහු හැරවුම් ලක්ශ්ය තබන ලදී.ඔහු දැනට චිත්රපට 25 කට වැඩි ප්රමාණයක් රන්ඟනයෙන් දායක වී ඇති අතර දමිල සිනමාවේ විශිෂ්ට රන්ඟරයෙකු ලෙස අත්පොත් තබා අති ඔහුගේ ජීවන් මඟ නම් හරිම අපූර්වත්වයක් ගෙනහැර පානව..

Sethu හරිම සාමාන්ය ලමයෙක් ,කුඩා කල අධ්යාපනයෙන් පසු university of madras අනුයුක්ත උසස් පාසලකින් ඔහු bachelor of commerce උපාධිය ලබා සතියකින් සුලු රැකියා කීපයක් නිරත් වන අතර සිමෙන්ති කම්හලක සහයක මුදල් පරිපාලනය වෙත් යොමුවන අතර,,ඔහු එක්සත් අරාබි එමීර් රාජ්යට පිටව යන්නේ ඔහු ලබන මුදල් මෙන් 4 ගුණයක් වැටුපක් වෙනුවෙන්.එහිදී ඔහුට කේරල ජාතික ජෙසී හමුවන අතර 2003 දී විවාහය සිදු විය..නැවත ඔහු තමිල්නාඩුවට පැමිණ මිතුරන් සමඟ තමන්ගේම රැකියාවක් ආරම්භ කරන අතරම Balu mahendran විසින් ඔහුව සිනමාව වෙත තල්ලු කර හරින්න තරම් උත්සුක වෙනව..ඊට හේතුව ඔහුගෙ මුහුණ ඡායාරූප තුලින් ඉතා විශිෂ්ට හැඟිම් දනවන්නෙක් වන නිසාවෙන්..

Image result for Vijaya Gurunatha Sethupathi

ඉතා සුලු චරිත තුලින් දිගු සිනමා අඩිතාලමකට උරුමකම් කියන සේදු අද වෙනකොට වෙනස්ම විදියකට අපේ සිනමා රසාස්වාදයේ කොටසක් වෙලා.ඉතින් අපි බලමු මේ අග්රඝණය්ය නිර්මාණකරුගේ සිනමා දායකත්වය කොහොමද කියල

ඔහු සම්මාණ උදෙසා නිර්දේශ වීම් 21 සහ..ලබාගත් සම්මාණ ගනණ 13ක්.Film fare award south සම්මාණ 1ක්, vijey සම්මාණ 3, SIIMA සම්මාණ 1ක්, Edison සම්මාණ 1ක්, Asia vision සම්මාණ 1 සහ අනෙකුත් සම්මාණ 6 කට ඔහු උරුමකම් කියයි..

1.96 2018
2.Junga 2018
3.Sethupathy 2016
4.Imaikka nodigal 2018
5.Vikram vedha 2017
6.karuppan 2016
7.Dharma dhurai 2017
8.Chekka chivantha vaanam 2018
9.Naanum rowdi dhaan 2015
10.Kaavan 2017
11.Rekka 2016
12.Seethakathi 2018
13.Thenmerku parawakatru 2010
14.putiyatha puthir 2017
15.Soodu kavum 2013
16.Pizza 2012
17.khaadalum kdandu poghum 2017
18.Aanandawan kattalai 2016
19.Naduvula konjam pakkatha kanom 2012
20.Super deluxe 2018
21.Merku thodarchi malai 2016
22.Orange mittai 2015
23.Oru nalla naal parthu solren 2018
24.Rummy 2014
25.Iraivi 2016
26.Pudhupettai 2016 ධනුශ් සමඟ සුලු චරිතයක 2006
27.Pannaiyarum padminiyum 2014
28.sundarapandiyan (villain) 2012
29.Jigarthanda 2014
30.Im not a saint 2010
31.Vaanam 2014
32.Vasantha kumaran 2015
33.Sengudewan 2015
34.varnam 2010
35.Idam porul yaewal 2018
36.Thirunda police 2014
36.kaathu vaakula rendu kaadhal 2017

ඔහුගේ නිර්මාණ දායකත්ව කීපයක් ..තවද ඔහු නිශ්පාදකයෙක්..තිර රචකයෙක්..පසු බිම් ගී ගායකු වශයෙන් ද දක්ශයෙක් .ඉතින් ඔබත් අදම ඔහුගේ නිර්මාණ රසවිඳින්න .

සැකසුම : ලසිත් වීරසිංහ

 

විජයසේතුපති ඔහුගේ පවුලේ අය සමග වීඩියෝව මෙතනින් නරබන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *