The Turin Horse – A torinói ló (2011) (2011)

Image result for A torinói ló (2011)

ඉතින් මැදියම් රෑ යාමයේ හුදෙකලාව අන්ධකාරය රජකරපු කාලපරාසයක භාවනාවක් කරනව වගේ Béla Tarr ගෙ A torinói ló (2011) බලන්නත් මට වාසනාවක් ඉතුරුවෙලා තිබුනා. සිනමාව මං එදත් අදත් හෙටත් දකින්නේ ආර්ට් එ//කේ කම්ප්ලීට් පැකේජ් එකක් විදිහට. ඒත් ඒකෙන් කීයෙන් කීදෙනෙක් උපරිම ඵලයන් නෙළාගන්නවද කියන්න මං දන්නැහැ. “කලු-සුදු” සිනමාව දැකපු තැන අපෝ! ඊයා! කියල කුණුබක්කියට දාන යුගයක ඒ පාටවල් දෙක ඇතුළෙ කිමිදිලා ආර්ට් එක හොයාගෙන යන්න උණක් තියෙන එවුන් ඉන්නෙත් කීයෙන් කීදෙනාද. කෙටියෙන්ම කිව්වොත් මෙම චිත්රපටය ඊට හොඳම නිර්දේශයක්. චිත්රපට නිර්මාණ කලාව ඇත්ලෙ ආලෝකය සහ සංගීතය කෙතරම් හික්මීමකින් යුක්තව හැසිරිය යුතුද මේ එයට මට දෙන්න පුලුවන් හොඳම නිදර්ශනයන් අතර තියෙන්නක්. සියල්ල පාගා අතුගා දැමිය හැකි සුළඟ චිත්රපටයකට ඈඳාගැන්මට තරම් නිර්මාණශීලී අදහස්, කලාව තුළින් වෙනම දිශානතියකට ඇවිද යන සිනමා ගවේශකයෙකු විදිහට මං මිනිහව දකිනවා. ඒ දර්ශනයන් භාවිතයට මං පට්ට ලව්! අද්විතීයයයි! අසමසමයි! පහළින් චිත්රපටය පිළිබඳව නෙට් එකෙන් අහුළගත්තු ලස්සන වචනය කීපයක් මුලිනුපුටා දෙන්නම්.

සුළඟ හමයි!

අප චලනය වන්නාවූ ලෝකයක් දෙස බලා සිටිමු. අප අපවම චලනය කර නොගන්නෙමු. අනෙක් අතින් අප පිග්මාලියන් වෙමු. අපගේ දෛනික වූත් චර්යාව වන්නේ අපව ගල් බවට හැරවීමයි. අප බලමු! අප ප්රතික්ෂේප කරමු! අපි පරිණාමනය වෙමු! කාලය ඇනහිටී!

සුළඟ හමයි!

එය අපගේ හුස්ම උරාබොයි, එය අපගේ වචන ගිල දමයි. ක්රියාවලීන් හයියෙන් වාග්මාලාව හසුරවයි. ක්රියාවලීන් සුළඟට ගැළපේ. සොබාදහමටද එදිරිව. අප කාගෙත් ශෛලමය මුහුණත්වය ඉරා දැමීමට සදාකාලික සටහනක්. දෙවර්ගයම එකම ඉලක්කයක් මතය, විපාකය හා ශාපය. ගල් සහ දුහුවිලි! කෙටි සංන්ත්රාසයක් විසින් ජයගන්නාට අනතුරු හඟවයි. එවිට ගල් හෝ දුහුවිලි!

කාලය නවතී!

උපුටාගැනීමේ තියන පිග්මාලියන් කියන වචනය කාටහරි චකිතයක් වෙයි කියල හිතෙන නිසා කියන්නම්. පිග්මාලියන් කියන්නෙ පුරාණ ග්රීසියේ විසූ විශිෂ්ටතම ගනයේ මූර්ති ශිල්පියෙක්. විවාහය සහ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි දුර්වල ආකර්ශනයක් තිබූ මේ ශිල්පියා එක්තරා දවසක ඇවිදිමින් සිටින තරුණියකගේ ජීවමාන බඳු පිළිමයක් කැටයම් කරනවා. එය කෙතරම් ඔහුට සමීප වූවාද කිවහොත් ඔහු එයට ගලේටියා නමින් නම්කර ඒ හා පෙමින් බැඳෙනවා. කතාව නම් දිගට තියනව ඒත් මං මෙතනින් නවතින්නම් 😅

ඉදිරියේදී වොච්ලිස්ට් තියන Damnation, Sátántangó,Werckmeister Harmonies, Autumn Almanac,The Outsider බලනවා. ලෙක් මයෙව්ස්කි The Mill and the Cross (2011) කියල චිත්රපටයක් ඩිරෙක්ට් කළේ නැත්නම් බොහෝ දුරට මගේ වසරේ චිත්රපටය වෙන්න පවා තිබුනු චිත්රපටයක්!

අපි බැලූ චිත්‍රපට. (Great movies we watched.) වෙනුවෙන්

Anuja Wijesinghe

Anuja Wijesingheගේ ගිණුම් ඡායාරූපය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *