The Passion of the Christ : Sinhala Review – ජේසුස් වහන්සේගේ මරණය

The Passion of the Christ 2004 චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් අරන් ආවා, කියවලා බලන්න 👇

The Passion of the Christ 2004. Newmarket Films, director:Mel Gibson සමග එකතු වෙලා නිර්මාණය කරලා, 2004 පෙබරවාරි මස 25 වෙනිදා තිරගත කරපු චිත්‍රපටයක් තමයි මේ The Passion of the Christ කියන චිත්‍රපටය.

මේ චිත්‍රපටිය ජේසුස් වහන්සේ ගේ ජීවිත කතාව මුල් කොට ගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ වගේ චිත්‍රපටි හොලිවුඩ් සිනමාවෙන් ගොඩක් තිරගත වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස කිව්වොත්.

• Jesus 1979

• The Last Temptation of Christ 1988

• Son of God 2014

• The King of Kings 1927

• Color of the Cross 2006

• The Day Christ Died 1980

• Jesus Christ Superstar 1973

• Killing Jesus 2015

මේ වගේ ගොඩක් චිත්‍රපටි තියෙනවා.

හැබැයි මේ The Passion of the Christ කියන චිත්‍රපටය ඇමරිකන් ජනතාව අතර ගොඩක් ජනප්‍රිය වුනා වගේම ලොකු ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒකට හේතුව මේ චිත්‍රපටයේ අවසානය.

ජේසුස් වහන්සේ මැරෙන්න කලින් ගොඩක් දුක් වින්දා කියලා. බයිබලයේ සහා පැසියන් කියන පොත් දෙකක ලියවිලා විතරයි තියෙන්නේ. මේ කාල වකවානුවේ මේ පොත් දෙක කියවලා තමයි ඒ ගැන දැන ගන්නත් පුළුවන්. කියවද්දි නම් ඇත්තටම ගොඩක් දුක හිතෙනවා.

මේ චිත්‍රපටයේ ඒ දේ විශුවල් එකක් විදිහටම පෙන්නුම් කරලා තියෙනවා. ඒ කියන්නේ ජේසුස් වහන්සේ මැරෙන්න කලින් එයාට ලැබුන වේදනාවල් කොච්චර දරුණුයිද කියලා, මේ චිත්‍රපටයේ අවසානයේ අපිට පෙන්නුම් කරලා තියෙනවා. මේ දේ තමයි The Passion of the Christ කියන චිත්‍රපටයට ලැබුණු ලොකුම අයිය.

මේ චිත්‍රපටයට owne screenplay කියලා එකක් නෑ, ඒකට හේතුව යේසුස් වහන්සේ ගේ ජීවිතයේ සිද්ධ වුන සිදුවීම් screenplay එකක් විදිහට මාරු කරලා තමයි චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා මේ චිත්‍රපටයට owne screenplay එකක් නෑ,

ඒ වගේම writer කෙනෙකුත් මේ චිත්‍රපටයට නෑ. ඒකට හේතුව ලෝකේ ඇත්තටම වුන සිදුවීම් මුල් කොට ගෙන ගොඩක් චිත්‍රපටි තිරගත වෙලා තියෙනවා. හැබැයි ඒ වගේ චිත්‍රපටි වල 50% ක් තමයි ඇත්ත තියෙන්නේ. ඉතුරු 50 ඒ චිත්‍රපටයේ writer ගේ මවා ගැනීමක් විතරයි. හැබැයි මේ The Passion of the Christ කියන චිත්‍රපටයට writer කෙනෙක් ගේ මවා ගැනීමක් ඇතුලත් කරලා නිර්මාණය කරන්න බැ, ඒම කරොත් ඒ චිත්‍රපටයේ ගෞරවය සහා ඒ චිත්‍රපටයෙන් අපිට ලැබෙන රසාස්වාදය නැති වෙලා යනවා. ඒ වගේම ඇත්ත සම්පූර්ණයෙන්ම මැකිලා යනවා, ඒ නිසා මේ චිත්‍රපටයට writer කෙනෙක් නෑ.

හැබැයි director කෙනෙක් ඉන්නවා මේ චිත්‍රපටයට. Director:Mel Gibson ගේ පැත්තෙන් බැලුවොත්,ඒයාගේ වැඩේ එයා උපරිම හොදට කරලා තියෙනවා. මේ චිත්‍රපටයෙන් පෙන්නුම් වෙන හැම රංගනයක්ම ගොඩක් හැගීම් බරව පෙන්නුම් වෙනවා. ජේසුස් වහන්සේ ගේ චරිතයට රංගනයෙන් දායක වුන Jim Caviezel ගේ රංගනය ගොඩක් හැගීම් බරව තියෙනවා, ඒකට හේතුව මේ චිත්‍රපටයේ director:Mel Gibson.

ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ ටෙක්නිකල් පැත්තෙන් බැලුවොත්. Editers:John Wright සහා Steve Mirkovich උපරිම හොදට කරලා තියෙනවා. ඒයාලගේ හැකියාව සම්පූර්ණයෙන්ම මේ චිත්‍රපටයේ අවසානයේ දී තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ දේ ඔයාලට මේ චිත්‍රපටය බැලුවොත් දැන ගන්න පුළුවන්.

චිත්‍රපටයක ටෙක්නිකල් පැත්තෙන් බැලුවොත්,fantasy ගතිය විතරයි එතන අඩංගු වෙන්නේ. හැබැයි මේ චිත්‍රපටයේ ටෙක්නිකල් පැත්තේ සම්පූර්ණයෙන්ම ඒමෝෂනල් එක විතරයි අඩංගු වලා තියෙන්නේ. උදාහරණයක් ලෙස කිව්වොත්, අවසානයේ ජේසුස් වහන්සේට ඇණ ගහනකොට, ඒ විශුවල් එක ගොඩක් zoom කරලා තමයි අපිට පෙන්නුම් කරන්නේ. ඒ හරියේ ජේසුස් වහන්සේ ගේ අත ඇතුලට,ඒ ඇණේ යනකොට, ඒ දේ බලනකොට, ඒ චිත්‍රපටයේ fantasy ගතිය සහා VFX එකේ quality පෙන්නුම් වෙනවට වඩා, අපේ ඒමෝෂනල් එක ගොඩක් වැඩි වෙනවා. ඒ තරම් හොඳ edition එකක් කරලා තියෙනවා මේ චිත්‍රපටයේ Editers:John Wright සහා Steve Mirkovich

ලස්සන චිත්‍රපටයක්. කැමති අය අනිවාර්යෙන්ම බලන්න.

Typing එකේ වැරදීමක් තිබුනොත් සමාවෙන්න 

මාර්ෂල් ජෑන්ස් ✍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *