The Mentalist Sinhala Artcles (2008-2015)

🎬 The Mentalist

(2008 – 2015)

Type : Investigation/Crime/Mystery
IMDb : 8.1/10
No of Seasons : 7
No of Episodes : 151 (TV Series)
Running Time :40–50 minutes

 

මොහොතකට හිතන්න තව කෙනෙක්ගෙ හිතක් කියවන්න පුලුවන් විදියේ අසාමාන්ය බලයක් ඔයාලට ලැබුනොත් ඔයාලා මොකද කරන්නේ? 😊

එහෙම බලයක් ලැබෙනවානම් අපිටත් පුලුවන් මිනිස්සුන්ගේ අභ්යන්තරයට ගිහින් එයාලාගේ ඇත්තම සිතුවිලි, හිතන, පතන, කරන ,කියන දේවල් හොයා ගන්න .🤔 

ඔන්න ඉතින් අද මම ඔයාලට හදුන්වලා දෙන්නේ X-Files වලින් පස්සේ පිස්සුවෙන් වගෙ එලිවෙනකම් බලපු මම ආසම කරන රහස් පරීක්ශක TV Series එකක්. 💕

2008-2015 කාලසීමාව තුල ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් ලෙස CBS නාලිකාවේ විකාශය වුනු මෙම කතා මාලාව කොටස් 151 කින් සමන්විතයි. ඉහල ප්රේක්ශක ප්රතිචාර නිසාම IMDb Ratings වලින් 8.1 /10 ක් ලබා තිබෙනවා.

මේ කතා මාලාවේ ප්රධාන චරිතයට රගපාන පැට්රික් ජේන් (Simon Baker)ගේ ආදරණීය බිරිද සහ ඔහුගේ එකම දියණිය “Red John” යන අන්වර්ථ නාමයෙන් හැදින්වන මිනීමරුවෙකු (Serial Killer) විසින් සාහසික ලෙස ඝාතනය කරනු ලබනවා.

ඉන් අනතුරුව සිය පවුල විනාශ කල ඒ මිනීමරුවා සොයා පලිගැනීමට වසර ගණනාවක් පුරාම කැලිෆෝනියා බියුරෝ විමර්ශන කාර්යාංශයේ (CBI) ස්වාධීන මනෝවිද්ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අතර ඔහු සතුව අසාමාන්ය දක්ශතාවයක් තියනවා.

Image may contain: 1 person, closeupImage may contain: 1 person, closeupImage may contain: 1 person, closeup

ඒ තමයි ඔහුට ඉතා ප්රභල නිරීක්ෂණ හැකියාවක් එක්ක අභිරහස් ගැටලු විසදීමේ තීක්ශණ බුද්ධියක් තියනවා. ඒ නිසා ඔහු විසින් ඔහුගේ තියුණු නිරීක්ෂණ කුසලතා භාවිතා කරමින් විසදීමට නොහැකි අභිරහස් /මිනිමැරුම් පරික්ශන ඔහු විසින් මූලිකත්වය ගෙන ඔහුගේ CBI කණ්ඩායමේ අනිකුත් සාමාජිකාවන් වන තෙරේසා ලිස්බන් (Robin Tunny) ,කිම්බෝල් චෝ(Tim Kang),ග්රේස් (Amanda Righetti),රිග්ස්බි සමග එකතුවී විසදනු ලබනවා.

ඔහු විසින් පසු කලෙක ඔහුගේ පවුල සාහසික ලෙස ඝාතනය කල Red John කල්ලියේ මිනීමරුවා සොයාගනු ලබන අතර

පසුකාලීනව CBI කණ්ඩායම විසුරුවා හැරීමකට ලක්වෙනවා.ඉන් අනතුරුව ඔහු විසින් පරික්ශණ කටයුතු වලින් ඈත්ව හුදකලාව වාසය කරනවා.

ඒත් වැඩි කලක් ඔහුට නිදහසේ ඉන්න ලැබෙන්නේ නෑ පැටිරික් ජෙන් ගේ අබිරහස් විසදීමේ දක්ශතාවය නිසාම ඔහු ඇතුලුව ඔහුගේ කණ්ඩායමේ දක්ශතම නිලධාරීන් කීප දෙනෙකුට නැවතත් අපරාධ විසඳීමට FBI එකට සම්බන්ධ වීමට ආරාධනාවක් ලැබෙනවා.

ශර්ලොක් හෝල්ම්ස් කතා මාලාවේ වගේම නිරීක්ශනය මගින් හිතන්න පුරුදු කරන එකිනෙකට වෙනස් කතා මාලවලින් සමන්විත මෙම TV series මාලාව ත්රාසය, කුතුහලය සහිතව ඉතා ආසාවෙන් ඉවර වෙනකම් එකදිගට බලන්න පුලුවන් කතා මාලාවක්. අපිට හිතාගන්නවත් බැරි අභිරහස් පරික්ශක කතා විසදන්නේ කොහොමද කියලා දැන ගන්න ඕන නම් මේ කතාමාලාව අනිවාර්යෙන් බලන්න.

#Mentalist #TVSeries

tvseriesandmoviesub වෙනුවෙන්

Prathibha Mendis Wickramarathne‎

Leave a Reply

Your email address will not be published. Required fields are marked *