The Kissing Booth (2018) Sinhala Articles

🎬 The Kissing Booth (2018)
Type : Romance,Comedy
Duration :1h 50m
IMDb : 6.2/10
Rotten Tomatoes : 13%

ජීවිතයට හොඳම යහළුවෙක් හොයා ගන්න අමාරුයි හැබැයි එහෙම මිත්රත්වයක් හොයා ගන්න තරම් වාසනාවන්ත වුනොත් ඒ මිත්රත්වය කිසිම හේතුවක් නිසා අපි නැති කර ගන්න කැමති නැහැ.

ඒ වගේම තමන් හැමෝටම හොරෙන් හිත ඇතුලෙන් ආදරය කරන කෙනෙක් කවද හරි තමන්ට ආදරෙයි කියලා මුලින්ම ප්රකාශ කලොත් ඔබට මොනවා හිතෙයිද? 😊එතකොට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න පුළුවනිද? මම තමයි ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා කියලා ඔබට හිතෙනවා. ඒ වගේ දේවල් ගැන අත්දැකීම් ඔබත් සැබෑ ජීවිතයෙන් අත්විඳලා ඇති.

හැබැයි දෛවය විසින් ඔයාට මිත්රත්වයයි ආදරයයි දෙකම දීලා ඒ අතරින් එකක් තෝර ගන්න කියලා අසරණ කලොත් ඔයා මොකද කරන්නේ? හරිම අසරණ වෙනවා නේද?

Kissing Booth එකේ එලී වත් දෛවය විසින් එහෙම තීරණයක් ගන්න බැරි තැනට අසරණ කරනවා.

කතාව පටන්ගන්නේ මෙහෙමයි කතාවේ ප්රධාන චරිතය රගපාන එලී එවන්ස් (Joey King) කියන්නේ ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්. හැබැයි එයා අනිත් ගෑනු ළමයි වගේ ගොඩක් stylish නෑ වෙනස් විදියට අදින්නේ High School එකේ එච්චර ජනප්රිය චරිතයක් නෙවෙයි. ගොඩක් අය එයාට කැමති නෑ.

ලී (Joel Courtney) කියන්නේ එලීගේ හොදම යහලුවා එයා පොහොසත් කෙනෙක් ඒත් එයත් අදින විදිය කිසිම style එකක් නෑ. එයත් High school එකේ කෙල්ලෝ අතර ජනප්රිය කෙනෙක් නෙවෙයි.

ඒ දෙන්නා එකම දවසේ, එකම වෙලාවේ, එකම ඉස්පිරිතාලේ තමයි ඉපදෙන්නේ. එදා පටන්ම මේ දෙන්නා හොදම යහලුවෝ. මේ දෙන්නා පොඩි කාලේ ඉදන්ම ගොඩාක් ලොකු බැදීමකින් ඉන්නේ මේ දෙන්නගේ පවුල් දෙකත් ඒ යාලු කමට බාධා කලේ නැහැ ඒ පවුල් දෙකත් හරි එකතුයි ඒ යාලුකම නිසාම.

ලී ගේ පවුලේ ලීට ඉන්නේ එකම අයියයි එයාගේ නම තමයි නෝහා (Jacob Elordi) 😎

නෝහා කියන්නේ සෙල්ලක්කාර කඩවසම් කොල්ලෙක්. දකින දකින කෙල්ලෝ පිස්සු වට්ටන තරම් ලස්සනක් තියන්නේ. ඉස්කෝලේ ඉන්න හැම කෙල්ලෙක්ගෙම සිහින කුමාරයා එයා තමයි. 😍 නෝහා දැක්කම High School එකේ ජනප්රිය කෙල්ලොත් පිස්සුවෙන් වගේ පස්සෙන් යනවා.

ලී සහෝදරයෙක් වුනත් නෝහට වැඩි කැමත්තක් නැහැ. 🤷 මොකද ඒ දෙන්නා බොහෝ වෙලාවට රණ්ඩු වෙනවා. ලී අකැමැති නිසා එලීත් එයාට කැමති නෑ.හැබැයි එලී හිත යටින් නෝහා ගොඩක් කඩවසම් කොල්ලෙක් කියලා හිතනවා වගේම පොඩි කැමැත්තකුත් තියනව.

Image may contain: 2 people, people smiling

ඒත් අනික් කෙල්ලෝ වගේ එලී නෝහගේ පස්සෙන් යන්නෙත් නෑ නෝහා ව පොඩ්ඩක්වත් ගනන් ගන්නෙත් නෑ.

එලී සහ ලී අතර මිත්රත්වය ආරක්ශා කර ගැනීමට ඒ දෙන්නම කැමැත්තෙන්ම දා ගත්ත කොන්දේසි 10 ක් තියනවා.ඒකෙන් # 9 වෙනි කොන්දේසිය තමයි ; කවදාවත්ම හොදම යාලුවගේ පවුලේ හෝ නෑ වෙන කෙනෙක් එක්ක යාලු වෙන්න බෑ. 🤷

මේ දෙන්නා පොඩි කාලෙ ඉදන් ලොකු වෙනකම් ම කවදාවත් ඒ කොන්දේසි 10 ම කඩන්නේ නැතිව එකවිදියටම ඒ මිත්රත්වය පවත්වාගෙන යනවා.

ඔය අතරතුරේදි High School එකේ Carnival එකට fund raising project එකක් කරන්න යෝජනා හොයන්න පාසලේ කට්ටිය කතා වෙනවා.ඒ අතරින් ලී අදහසක් ගෙන එනවා “Kissing Booth” එකක් කරමු කියලා. ඊට පස්සේ කට්ටියගෙම අනුමැතිව අරන් මෙයාලා දෙන්නා Kissing Booth එකේ වැඩ පටන් ගන්නවා හැබැයි පාසලේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ Kissing Booth එකට හැමෝගෙම සිහින කුමාරයා වුන නෝහා ව ගෙන්නන්න කියලා. හැබැයි නෝහව ඒ වැඩේට කැමති කර ගන්න එක තමයි ලොකුම ප්රශ්නය. ඒක හිතන තරම් ලේසි නැහැ🤦

නෝහා එලීට නිතරම සලකන්නේ එයාගේ නංගි කෙනෙක්ට වගේ.High School එකේ එලීට බැල්ම දාන කොල්ලන්ගෙනුත් ඇයව ආරක්ශා කරනවා. ඔන්න ඉතින් නෝහාට Kissing Booth එකට එන්න කියලා කැමති කරගන්න වැඩෙ පැවරෙන්නේ එලීට.

අසරණ එලී ගොඩක් උත්සාහ කරනවා නෝහාව ඒ වැඩේට කැමති කරව ගන්න ඒත් නෝහා ටිකක් ගණන් උස්සනවා එන්න බැහැ කියලා.

කොහොම හරි carnival දවස එනවා දැන් කට්ටියම ඉක්මනට පෝලිම් ගැහිලා Kissing Booth එකට යන්න.මේ අතරතුරේදි තමයි High School එකේ ඉන්න ජනප්රියම කෙල්ලෝ තුන්දෙනා, නෝහා එනකම් බලන් ඉදලා ආවේ නැති වුනාම ඒ කේන්තියට එල් ගේ ඇස් කලු පටියකින් වහලා Kissing Booth එකට යවනවා.

මේ අතරතුරදී කවුරුත් නොහිතන විදියට නෝහා Kissing Booth එකට එනවා හැමෝම පුදුමයෙන් බලාගෙන ඉන්දෙද්දිම සිනහාවෙවි නෝහා එලී ට මුකුත් නොකියම සිප ගන්නවා. මේ ගැන මුකුත් නොදන්න එලී ඒ කෙනාව ආසාවෙන් සිප ගත්තත් මොකක්දෝ නුපුරුදු හැගීමක් නිසා එයා ඇස් වහලා තියන කලු පටිය අයින් කරලා බලනවා කවුද මේ කොල්ලා කියලා?

දෙවියනේ නෝහා ! 🤦

ඔන්න ඔය First Kiss එකෙන් පස්සෙ තමයි එලී ගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කරන්නේ. 😍

ඔබත් ආදර කතා බලන්න ගොඩක් කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ෆිල්ම් එක බලන්න. ඔයාලා ගොඩක් කැමති වේවි.

ඒ තරම්ම Kissing Booth ෆිල්ම් එක හරිම ආදරණීයයි.💕

මෙම සිනමාපටය Beth Reekles විසින් 2011 wattpadd එකෙහි ප්රථම වරට පල කල “Kissing Booth” නවකතාව ඇසුරෙන් නිර්මාණය වූවකි.මෙම නවකතාව wattpadd වාර්ෂික ලේඛකයින්ගේ තරගයේදි “Most Popular Teen Fiction” ලෙස Witty සම්මානයෙන් පිදුම් ලැබුවා.

Image may contain: 3 people, people smiling, people standing, sky, shorts, outdoor and text

මේ ෆිල්ම් එකේ ප්රධාන චරිත වලට රගපාන Jacob Elrodi සහ Joey Kin කියන ආදරණීය යුවල මේ ආදර කතාවෙන් පස්සේ සැබෑ ජීවිතයෙත් පෙම්වතුන් වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ 💑

tvseriesandmoviesub වෙනුවෙන්

Prathibha Mendis Wickramarathne‎

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *