Tamil Nadu Six month Box office palace (1st Part)

2019 පටන් අරන්, මාස 6ක් ඉවර වුනා. මේ මාස 6 ඇතුලත ටැමිල් නාඩු එකේ, චිත්‍රපටි 50ක් විතර release වෙලා තියෙනවා. ඉතින් එම release වුන චිත්‍රපටි වලින්, box office ගත්ත චිත්‍රපටි 6ක් විතර තියෙනවා.

5th place

පස් වෙනි ස්ථානයේ තියෙන චිත්‍රපටය තමයි. Arun Vijay ගේ රංගනයෙන් සහා Magizh Thirumeni direction එකෙන් release වුන, තඩම් චිත්‍රපටය. 2019 එකට හොද thriller and crime movie එකක් තමයි, තඩම්, ටැමිල් නාඩු ජනතාව අතර ලොකු බලාපොරොත්තුවක් තිබුනේ නෑ මේ චිත්‍රපටයට, හැබැයි release වුනාට පස්සේ, ගොඩක් ජනප්‍රිය වුනා මේ චිත්‍රපටය.

4th place

හතර වෙනි ස්ථානයට තියෙන චිත්‍රපටය තමයි. Suriya ගේ රංගනයෙන් සහා Selvaraghavan direction එකෙන් release වුන,NGK චිත්‍රපටය. මේ චිත්‍රපටයට ලොකු පිළිගැනීමක් තිබුනා ටැමිල් නාඩු එකෙන්, හැබැයි බලාපොරොත්තු වුනා තරම් චිත්‍රපටය ඇවිල්ලා තිබුනේ නෑ. හැබැයි මේ චිත්‍රපටය 25days run කරලා, හොඳ collection එකක් ගත්තා, ඒකට හේතුව Surya ගේ රංගනය,. හොඳ රංගනයක් ඉදිරිපත් කරලා තිබ්බා surya. ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ music director yuvan. 👍👌👌

3rd place

තුන් වෙනි ස්ථානයේ තියෙන චිත්‍රපටය තමයි, Raghava Lawrence මාස්ටර්ගේ රංගනයෙන් සහා Raghava Lawrence මාස්ටර්ගේ direction එකෙන් release වුන, කාන්චනා 3, මේ චිත්‍රපටය box office එකෙන් place එකක් ගත්තේ ඇයි කියලා මම තේරුම් කරන්න ඕනේ නෑ, මම ඒ ගැන විස්තර කරලා post එකක් දාලා තියෙන්නේ. ලින්ක් එක දාලා තියෙන්නේ, කැමති අය බලන්න.

2nd place Petta

දෙවෙනි ස්ථානයේ තියෙන චිත්‍රපටය තමයි, super star Rajini Kanth ගේ රංගනයෙන් සහා, Karthik Subbaraj ගේ direction එකෙන් release වුන ,පේට්ට චිත්‍රපටය, මේ චිත්‍රපටය, ටැමිල් නාඩු box office එකෙන් දෙක ගන්න හේතුව, මම කියන්න ඕනේ නෑ,ගොඩක් දෙනෙක් බලලා ඇති, මේ චිත්‍රපටයෙන්, පරණ රජිනිව බලා ගන්න පුළුවන් අවස්ථාවක් අපිට ලැබුනා. ඒ වගේම මේ චිත්‍රපටය තවත් ශක්තිමත් වෙන්න හේතුව, music director Aniruth, එයා මේ චිත්‍රපටයට design කරපු songs වලින්, songs දෙකක් විතර ගොඩක් ජනප්‍රිය වුනා.
Ullaallaa සහා Marana Mass මේ සිංදු දෙකම ලොකු අයියක් වුනා මේ පේට්ට චිත්‍රපටයට,

1st place Viswasam

පලවෙනි ස්ථානයේ තියෙන චිත්‍රපටය තමයි, Ajith Kumar ගේ රංගනයෙන් සහා Siva ගේ direction එකෙන් release වුන, විස්වාසම්, ජූන් 30 වෙනිදාත් එක්ක, විස්වාසම් චිත්‍රපටය 100 days complete කරා, ඒ වගේම තමයි, අවුරුදු 4ක් තිස්සේ ටැමිල් නාඩු box office එකේ පලවෙනියට තිබුන, බාහුබලි record එක විස්වාසම් break කරලා, දැන් ටැමිල් නාඩු box office එකේ, විස්වාසම් පලවෙනි ස්ථානයේ ඉන්නවා. ටැමිල් නාඩු අජිත්, විජයි ෆෑන්ස් ට තිබුන ලොකු දුකක් තමයි, අවුරුදු 4ක් තිස්සේ බාහුබලි record එක අජිත්, විජයි break කරපු නැති එක, හැබැයි දැන් අජිත් ඒ දේ කරා, විස්වාසම් චිත්‍රපටය 100days run කරන තරම් හරි, box office එකෙන් place ගන්න තරම්, හොදයිද කියලා මට හරියට දන්නෙ නෑ. හැබැයි මේ චිත්‍රපටය blockbuster වෙන්න හේතුව, තාත්තාගේ දුවගේ ඒ ආදරය, director Siva උපරිම හොදට screenplay එකෙන් පෙන්නලා තියෙනවා, ඒ වගේම, ඒ screenplay එකට ගැලපෙන හොද රංගනයක් අජිත් කුමාර් පෙන්නුම් කරලා තියනවා. ඉතින් මේ නිසා තමයි, අජිත්ගේ රංගනය නිසා තමයි, ගොඩක් දුරට මේ විස්වාසම් චිත්‍රපටය box office එකෙන් place එකක් ගන්න හේතුව. මේ විස්වාසම් එකට ලැබුන ජයග්‍රහණය නිසාම, දැන් අජිත්ගේ 59වන චිත්‍රපටය වෙන, නේර්කොන්ඩ පාර්වෙයි චිත්‍රපටය, ටැමිල් නාඩු ජනතාව ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා.

මේ අවුරුද්දේ, මේ මාස 6ඇතුලත box office එක තමයි මේ,, දැන් අනිත් මාස 6 පටන් ගත්තා, මේ ජුලයි 1වෙනිදා ඉදන්, ඉතින් මේ මාස 6 ඇතුලත ගොඩක් චිත්‍රපටි release වෙන්න තියෙනවා.
#Bigil_Nerkonda_parvei_Kaappaan_Asuran, saaho චිත්‍රපටය මේ පාර ටැමිල් නාඩු box office එකට වැටෙන්නේ නෑ කියලා තමයි, ටැමිල් නාඩු productions සමාගමෙන් දැනුම් දීලා තියෙන්නේ. කෝමත් විස්වාසම්, බාහුබලි record එක, ඒ කියන්නේ ටැමිල් නාඩු බාහුබලි record එක break කරපු නිසා, ඒ වගේම මේ පාර විජයිට, අජිත්ට තරගයක් නැති නිසා, මොනා වුනත්, නේර්කොන්ඩ පාර්වෙයි චිත්‍රපටය වඩා, බිගිල් චිත්‍රපටය හොද collection එකක් ගනි, ඇයි කිව්වොත් නේර්කොන්ඩ පාර්වෙයි එකේ social msg එකක් තිබුනට, ගොඩක් දෙනෙක් action එකත් බලාපොරොත්තු වෙනවා, ඒ නිසා කෝමත් බිගිල් චිත්‍රපටය විස්වාසම් record එක break කරන්න අවස්ථාවක් තියෙනවා. ඒක ඉතින් අජිත්, විජයි අතර ගොඩ කාලයක් තිස්සෙ වෙන තරගයක්, දෙන්නම මාරුවෙන් මාරුවට කෝමරි box office එකෙන් place එකක් අර ගන්නවා. හැබැයි අවුරුදු 4ක් තිස්සේ, දෙවෙනි ස්ථානය අරගෙන හිටපු අය, ආයේ පරණ විදිහට පලවෙනි ස්ථානය ගන්න, පටන් ගනි.

Typing එකේ වැරදීමක් තිබුනොත් සමාවෙන්න 🙏

මාර්ෂල් ජෑන්ස් ✍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *