| ස්වර මාධූර්යයේ රැජිණ | Shreya Ghoshal Sinhala Articles |

ඇය ශ්‍රෙයා ගෝෂාල් ය (Shreya Ghoshal).1984 වර්ෂයේ මාර්තු මස 12 වන දින ඉන්දියාවේ උතුරු බෙංගාලයේ, මුර්ෂිදාබාද් හී දී උපත ලැබූ ඇය කුඩා කළ සිටම ගායිකාවක් වීමට සිහින මැව්වා ය. ඇයගේ මව සර්මිස්තා ගෝෂාල් වන අතර පියා බිශ්වජිත් ගෝෂාල් වේ. ඇයගේ සහෝදරයා සෞම්‍යදීප් ගෝෂාල් වේ. ඇයට යන්තම් වයස අවුරුදු 4 වන විට ම ඇය සංගීතය ඉගෙන ගැනීම ආරම්භ කළා ය. වයස අවුරුදු 6 සිට ඇය සංගීතය, විධිමත් ලෙස ප්‍රගුණ කිරීමට යොමු වූවා ය. ඇය පාසල් අධ්‍යාපනය ලැබුවේ Atomic Energy Central නම් පාසලෙනි. 2015 පෙබරවාරි 5 වන දින ඇය ඇයගේ කුඩා කළ සිටම මිතුරෙකු වූ ශෛලාදිත්‍ය මුඛෝපද්‍යාය සමග විවාහ වූවා ය.

ඇයට වයස අවුරුදු 16 දී ඇය “ස රි ග ම ප” නම් රියැලිටි වැඩසටහනට සහභාගී වූ අතර එයින් ඇය ජයග්‍රහණය කරනු දුටු චිත්‍රපට නිෂ්පාදකයෙකු වන සංජය ලීලා භන්සාලි මහතා විසින් ඇයව ඔහුගේ දේව්දාස් චිත්‍රපටයේ ගීත ගායනය සඳහා යොදා ගත්තේ ය. ඒ ඇයගේ පසුබිම් ගායිකාවක ලෙස සිනමා ක්ෂේත්‍රයේ ආගමනයයි. ඇය මුලින්ම ගායනයෙන් දායක වූයේ Bairi Piya ගීතයටයි. මෙම චිත්‍රපටයේ ගීත ගායනය සඳහා National Film Award, Filmfare Award For Best Female Playback Singer සහ Filmfare RD Burman Award For New Music Talent යන සම්මාන ඇයට හිමි විය.

ගීත ගායනයට අමතර ව ඇය යම් යම් රියැලිටි වැඩසටහන්වල විනිශ්චයකාරිනියක ලෙස ද කටයුතු කළා ය. එමෙන් ම ඇය Dadhkane Azad Hain සහ Tere Bina යන Music Videos ද කළ අතර ඇය ලොව පුරා ම සංගීත සංදර්ශනවලට ද සහභාගී වෙයි. USA හි Ohio හී ආණ්ඩුකාරවරයෙකු වූ Ted Strickland විසින් 2010 ජූනි 26 දිනය “ශ්‍රෙයා ගෝෂාල්ගේ දිනය” ලෙස නම් කරනු ලැබීය. 2013 වසරේ අප්‍රේල් මාසයේ ලන්ඩන් හී දී ඇයව House of Commons of the United Kingdomහී සාමාජිකාවක් ලෙස ද තෝරා ගන්නා ලදි. ඇය 5 වතාවක් Forbes හොඳම කලාකරුවන් 100 දෙනාගේ ලැයිස්තුවට ද එක වූවා ය. 2017 වසරේ දී ඇයගේ රුව Madame Tussauds කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනය කළ පළමු ඉන්දියානු ගායිකාවගේ ඉටි රුව විය.

ඇය භාෂා ගණනාවකින් ගීත ගායන‍ය සිදු කර ඇති අතර ප්‍රධාන ලෙස හින්දි, දමිළ, තෙළිඟු, මලයාලම්, බෙංගාලි, කන්නඩ, මරාති, පාකිස්තාන්, පන්ජාබි හා බෝජ්පූරී යන භාෂාවවලින් ගීත ගායනය සිදු කරයි. දැනට ඇය සම්මාන 494කට නිර්දේශ වී ඇති අතර එයින් සම්මාන 150ක් හිමි කරගෙන තිබේ.

© Nethmi Parindya Ranathunga
(Source – Wikipedia)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *