Shraddha Srinath Interview In Sinhala Article | Nerkonda Paarvai| නිර්දෝෂීභාවය පිළිබඳ නීතිය

නිර්දෝෂීභාවය පිළිබඳ නීතිය

ශ්‍රද්ධා ශ්‍රීනාත් තවමත් ‘පින්ක්”නරඹා නැතැයි අසන්නට ලැබීම පුදුමය දනවන කරුණකි. චිත්‍රපටය 2016 වසරේ නිකුත් වුන විටද ඇයට එම චිත්‍රපටය නැරඹීමට අවස්ථාවක් නොලැබුනු බවයි ඇය පවසන්නේ. එය එක්තරා දුරකට පින්ක් හි දමිළ ප්‍රතිනිර්මාණය වන Nerkonda Paarvai චිත්‍රපටයේ ‘මීරා ක්‍රිශ්නන්’ චරිතය රඟපෑමට උපකාරයක් වුන බව ඇය සඳහන් කරනවා.
“Nerkonda Paarvai චිත්‍රපටයේ චරිතය ලැබුණු පසුවවත් මට පින්ක් චිත්‍රපටය නැරඹීමේ උනන්දුවක් ඇති වුනේ නැහැ. ඒ චරිතයේ පොඩි පොඩි  ප්‍රශ්නකාරී  දේවලුත් තිබුනා. Nerkonda Paarvai ප්‍රදර්ශනය ඇරඹුනාට පස්සේ එක පාරක් පින්ක් බලන්න හිතාගෙන ඉන්නවා”, යැයි ඇය පවසන්නේ සිනාසෙමින්.
ශ්‍රද්ධාට අනුව චිත්‍රපටයේ අධ්‍යක්ෂක H. විනෝද් මුහුණ දුන් ප්‍රබලම අභියෝගය වන්නේ එක් එක් චරිත වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටුකිරීමට හැකි නලුනිළියන් පිරිසක් තෝරා ගැනීමයි. “ඔවුන්ට අවශ්‍යවෙලා තිබුනේ ටිකක් විතර tomboy (කොලු ගතිගුණ ඇති කෙල්ලක් හැඳින්වීමට භාවිතා කරන යෙදුමකි – පරිවර්තක) ගතියක් තියන චරිතයක් කරන්න පුලුවන් කෙනෙක්,මොකද කිව්වොත් මීරා කියන්නේ නිර්භීත, ඒ වගේම දැඩි මතධාරී තරුණියක්”

චරිතය අවබෝධ කර ගැනීම

Nerkonda Paarvai ට්‍රේලරය පිළිබඳව සලකා බැලීමේදී පෙනී යන්නේ ශ්‍රද්ධා ශ්‍රීනාත් මීරාගේ චරිතය සඳහා හොඳින් ගැලපෙන බවයි. එම චරිතය මඳක්සංකීර්ණ සේම ග්‍රහනය කර ගැනීමට අපහසු චරිතයක් බව ශ්‍රද්ධා පිලිගනියි. ඇය පවසන්නේ මීරාගේ මානසික මට්ටම සමග සමානුපාතික වීමට තමාට සිදුවුනු බවයි.
“මම අපහසුවෙන් මුහුණ දුන් සිදුවීම් වෙත ආපසු හිතින් ගමන් කළා. එය සමහර වෙලාවට මට දැඩි බලපෑමක් කළ අනිසි ස්පර්ශයක් හෝ වැලඳගැනීමක් හෝ වෙන්න පුලුවන්. මම ඒ සිදුවීම් ගැඹුරින් විමර්ශනය කලා, මට ඒ වෙලාවේ දැනුනේ කොහොමද සහ ඒ සිදුවීම් වලට මම ප්‍රතිචාර දැක්වුවේ කොහොමද වගේ කරුණු ගැන. මේ වගේ සිදුවීමකට ඕනෑම කාන්තාවකට මුහුණ දීමට සිදුවිය හැකියි. මට ඒ වෙලාවේ මොනවා හරි කරන්න තිබුන කියලා හිතුනා, මට ඒ පුද්ගලයට පහර දෙන්න තිබුනා”
ඒ කෝපය සහ කලකිරීම දැන් සිටින ශ්‍රද්ධා ශ්‍රීනාත් බිහි කිරීමට මනා පිටිවහලක් සපයා ඇත. එම සිදුවීම් ගැන අතීතාවර්ජනයක යෙදෙමින් ඇය පවසන්නේ මීරාගේ චරිතය වෙනුවෙන් ඒ අනාරක්ශිත අතීතය වෙත නැවත යෑමට සිදු වුනු බවයි. “සිද්දවුනේ මොකද්ද කියලා හිතනවට වඩා ඒ වගේ වෙලාවක තදින්ම දැනෙන්නේ අසරණකමක්”
මෙහිදී ශ්‍රද්ධා ශ්‍රීනාත් පිළිබඳව වඩාත්ම අගය කලයුතු කරුණ වන්නේ තමාට එතරම් හුරුපුරුදු නැති භාෂාවක් නිවැරදි ලෙස හසුරුවා ගැනීමට ඇය දක්වා ඇති සමත්කමයි. ඇය විශ්වාස කරන්නේ දෙබස් තුළින් හැඟීම් ප්‍රකාශනය නොවන විට යම් චරිතයක තිබිය යුතු ගුණාත්මක භාවය නැතිවී යන බවටයි. ඒ නිසාම නිතරම චිත්‍රපටයේ දෙබස් සිතින් කියවමින් ඒවා තමා තුලට අවශෝෂණය කරගැනීමට උත්සාහ කළ බව ඇය පවසයි. “තෙලිඟුයි කන්නඩයි ගොඩක් දුරට සමානයි. ඒ නිසා තෙලිඟු චිත්‍රපටි වල වැඩ කරද්දි ලොකු ගැටලුවක් ආවේ නැහැ. ඒත් දෙමළ කියන්නේ ඉගනගන්න ටිකක් අමාරු භාෂාවක්. මේ ආරම්භය කියලයි භාෂාවක් ඉගන ගන්න අමාරුයි කියලයි මම දන්නවා”.
භාෂාව හරි හැටි නොදැන Nerkonda Paarvai වැනි දෙබස් බහුල චිත්‍රපටයක් සමඟ වැඩ කිරීම අභියෝගයක් බව ඇය පවසා සිටියි. එසේම එවැනි හේතුවක් මත තමා නිසා චිත්‍රපටයේ වැඩ කටයුතු අවුල් වීමද විශාල කතාබහක් ඇතිවන සිදුවීමක් වනු නොඅනුමානයි. “රූගත කිරීම් පටන් ගන්න මාස ගානකට කලින් මට පිටපත ලැබුනා.මොකද මගේ දෙමළ දැනුම අන්තිමයි කියලා එයාලා දැනගෙන හිටියේ”, ඇය පවසන්නේ සිනාසෙමින්. “ෂූටින් තිබුන හැම දවසකටම කලින් දවසේ රෑ මම පිටපත හොඳට කියෙව්වා. ඒ වගේම දෙබස් පාඩම් කළා”

තරඟය වෙනස් කරන්නා

පින්ක් චිත්‍රපටයේ ප්‍රචාරන කටයුතු සිදුකලේ එය අමිතාබ් භච්චන්ගේ චිත්‍රපටයක් ලෙස හඳුන්වමින් නොවෙයි. එහි කතාව කේන්ද්‍රවී තිබුනේ කාන්තාවන් තිදෙනෙක් වටා වන අතර අමිතාබ්ගේ චරිතය චිත්‍රපටයේ ගලායෑමට උපකාරී වන පරිදි නිර්මාණය කර තිබුණා. නමුත් Nerkonda Paarvai හඳුන්වන්නේ අජිත් කුමාර්ගේ චිත්‍රපටයක් ලෙසයි. ශ්‍රද්ධා ඒ පිළිබඳව දරන්නේ වෙනම අදහසක්.
“Nerkonda Paarvai අජිත්ගේ චිත්‍රපටයක් කියලා හඳුන්වන එකේ කිසිම වැරැද්දක් නැහැ. ඒක කෙල්ලො තුන්දෙනෙක්ගේ ෆිල්ම් එකක් කිව්වොත් කවුද චිත්‍රපටිය බලන්න එන්නේ? නමුත් අජිත් කුමාර් වගේ සුපිරි තරුවක් ඉන්නවා කිව්වොත් ඒ ආරංචිය අස්සක් මුල්ලක් නෑර පැතිරෙනවා”
තම වෘත්තියේ ආරම්භක අවධියේදීම අජිත් කුමාර් වැනි පුද්ගලයෙකු සමඟ කටයුතු කරන්නට ලැබීම භාග්‍යයක් ලෙසයි ඇය සලකන්නේ.මේ චිත්‍රපටියේ තියන හොඳම දේ තමයි ඒක අජිත් කුමාර්ගේ චිත්‍රපටියක් වීම” යනුවෙන් ඇය පවසනවා.
ශ්‍රද්ධා නීති අධ්‍යාපනය ලබා තිබෙන නිසා Nerkonda Paarvai චිත්‍රපටයේ කාලීන සමාජීය වැදගත්කම පිළිබඳව අන් කාහටත් වඩා ඇයට අවබෝධයක් ඇත.“නඩු තීන්දුවක් තියන චිත්‍රපටියක රඟපාන එක ආසා හිතෙන වැඩක්. අන්තිමේට තීන්දුව ලැබෙද්දි හිතෙන්නේ ඒක සැබෑ ජීවිතේ සිදුවීමක් කියලා”

ශ්‍රද්ධාගේ ලෝකය

නිලියන් සීනිබෝල ලෙස පෙන්වන චිත්‍රපට වල රඟපෑම ශ්‍රද්ධා අත්හැර දමා ඇත.මම සැබෑ ලෝකයේ පවතින චරිත රඟපාන්න කැමතියි” යනුවෙන් ඇය පවසන්නීය. ඒ නිසාම වර්තමානයේ සිටින තරුණ නිලියන් අතර ශ්‍රද්ධා යනු වඩාත් නිදහස් හඬක් සහ කුසලතාවයක් ඇති තැනැත්තියක් ලෙස කැපීපෙනෙයි.
The Hindu පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරෙන් පරිවර්තනය Indeewari Herath

3 comments

  1. මරු… අක්කේ… මාරු… !!!
    කොහොමත් ඕක බලන්න හෙන ආසාවෙන් හිටියේ…. ඔයා තවත් ඉවසීම නැති කරා..

  2. ඉන්දීවරී හේරත්

    thanks මල්ලි. එහෙනම් ඉතින් 8 වෙනිදට ගිහිල්ලා බලන්න තමයි තියෙන්නේ. මං දැක්කා මෙහේ හෝල් වලත් pre ticket booking පටන් අරගෙන කියල දාලා තිබුනා.

  3. නියමයි අක්කා..😗😁
    ලිපිය න්ස්ම් මරු..👍
    අනිවා බලන් ඉන්නේ ෆිල්ම් එක රිලීඉස් කරනවා නම්😘..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *