Shahrukh Khan Sinhala Articles | බොලිවුඩ් සක්විති |

කන්නවත් අතේ පිච්චියක් නොමැතිව අනාථයෙකු ලෙස ජාතකවුනු එකා, වීදිවල ඇවිද යන මිනිසුන් හිනස්සපු එකා,
ලෝකයෙන් සමුගත් දවසට මුලුමහත් ලෝකයක් හඬවල අවසන් හුස්ම පොද වා තලයට මුහුකරපු ඔහු නමින් චාර්ලි චැප්ලින්,

වැඩි සමාජ ආශ්‍රයක් නොමැතිව,
වයස අවුරුදු හතක් වනවිටදීවත් එකදු වචනයක්වත් කියවගන්න බැරිවුනු එකා,
සමාජෙන් මානසික රෝගියෙක් ලෙස හංවඩු ගසා මුලුගන්වල අතෑරල දාපු එකා,
ශතවර්ෂයේ පහළවූ බුද්ධිමතා බවට අර්ථකථනය කරපු ඔහු නමින් ඇල්බට් අයින්ස්ටයින්,

වෘත්තියෙන් ට්‍රක් එලවන්නෙකු වුනු එකා,
“උඹට සිංදු කියන්න බැහැ උබට පුලුවන් ට්‍රක් එළවන්න විතරයි” යනුවෙන් බැනවැද ඇදල දොට්ට දාපු එකා අද එල්විස් ප්‍රෙස්ලි විදිහට මුලුමහත් ලෝකයක් ඇඳින ගන්නව.

ඉතින් මෙ සාර්ථකත්වය පසුපස හඹාගිය පුද්ගලයින්ගෙ ලැයිස්තුවෙ බොහෝම පුංචි අකුරකින් ඉන්දියාවෙ ඉපැදුනු එකෙක් ගැනත් ලියැවුනා. ඉතින් මං අද කතාකරන්න යන්නෙ මගෙ ජීවිතේ කතාකරන්න කැමැතිම මාතෘකා වලින් එකක්. ඔව් ඒ තමයි ඔයාලා කවුරුත් දන්න ශාරුක්. කතාවට මුලපුරන්න ප්‍රථම මං මෙහෙම දෙයක් අහන්නම්. ඇත්තටම උත්සාහයකින් තොර ජයග්‍රහණයක් ලබාගන්න පුලුවන්ද ? ඇත්තෙන්ම බැහැ.

ඇත්තටම මෙ මනුෂ්‍යයින් පිටුපස අදෘශ්‍යමාන බලවේගයක් තිබුනද ? මෙක ඔවුනොවුන්ගේ වාසනවාද ? එහෙමත් නැත්නම් ලැබීමද ? කිය කිය එක එකාගෙ ජාතක හොය හොය ඉන්න එකා එකතැන පල්වෙද්දී ඇයි චැප්ලින්ට, අයින්ස්ටයින්ට, ප්‍රෙස්ලිට එහෙම කරන්න පුලුවන් නම් ඇයි මටත් බැරි කියල හිතන එකා පමණක්ම නෙමෙයි ඒ වෙනුවෙන් කැපකිරීම් සමුදායයක් මධ්‍යයේ නොපසුබට උත්සාහයක් දරන එකා හැමදාමත් වගෙ තමන්ගෙ පාර කපා ගන්නව සාර්ථකත්වය නම් චාරිකාවට.

තමන් උත්පත්තිය ලද ග්‍රාමය වූ දිල්ලිය අතහැර අතෙහි පුංචිම පුංචි මුදලක් රැගෙන හිතේ දහසක හීන කැටියක් මවාගෙන එදවස එකෙක් මුම්බායේ වීදිවල කරක් ගහන්න ඇතිබව එකල හිඳි එකෙක්වත් දැනුවත්ද ?

අවම දිල්ලියෙහි සිට මුම්බාය දක්වා දුම්රියෙහි පැමිණීමට ටිකට්පතක් මිලදී ගැනීමට තරමකවත් වත්කමක් අතෙහි නොතිබුනු එකෙක් එදා හොරෙන් ටිකට් පතක් නොමැතිව මුම්බායට පැමිණි බව උබ දන්නවද ?

මං අදටත් විශ්වාස කරන දෙයක් තමයි මනුෂ්‍යයෙක්ගෙ උත්සාහයේ පරිමාණය අනුව තමයි ඔවුනොවුන්ගේ ඉරණමද තීරණය වන්නෙ කියන එක. හැමදෙයක්ම අතපය පිටුපසට බැඳ හිඳගෙන කාලෙ කකා ඉරණමට බාර දෙන එවුන් ඉන්න රටක උත්සාහයෙන් තොර ජයග්‍රහණයක් නොමැති බව වටහා ගත්තු එකෙක් දහසක හීන බලාපොරොත්තු පොදියක් බැඳගෙන මුම්බායට පැමිණ ඉන්න හිටින්නවත් තැනක් නොමැතිව බංකුවක් උඩ රැය පහන් කරන්නට ඇති බව උබ දන්නවද ?

අදටත් බොලිවුඩයෙ බොහෝ විචාරකයන්ගෙ මතය අනුව,
” බොලිවුඩය මතින් ඇවිද ගිය දැවැන්තම තාරකාව ❤️ ”
ඔහු යන්න බව බොහෝ දෙනෙකුගේ ඒකමතික උපකල්පනය බවට පත්ව හමාරයි. තව අවුරුදු සීයක කාලයක් ඉදිරියට ගියාවූද බොලිවුඩය තුළ මොන තරමක අසාර්ථක නිර්මාණයන් ඒ කාලය තුළ බිහිවුනා වූද
තව වසරයයන් සීයයක් ගිය තැනක වූද
එකල පරිදිම ප්‍රේක්ෂකයා හට රසවින්ඳනයක් ලබාදිය හැකි නිර්මාණයයන් පොදියක් ඔහු මෙ වනවිටදීත් අප සැවොමයන් හට දායාද කර අවසානයි.

වර්තමානයේදී බොලිවුඩය ඛාන් තිදෙනාගෙහි දැවැන්ත වළාකුළින් වසාගත්තද ඔවුනොවුන් කිසිම අවස්ථාවකදීවත් එහි බලපෑම ආධුනිකයන්ගෙ කර මතට නොදී තම ආධිපත්‍යය අනෙකාගෙ බාධාවට හේතුවක් නොවන පරිදි ස්වාධීනව පවත්වාගෙන යයි. ඵලයයන් ඇති රුකට ගල් ගසන සමාජයක ශාරුක්ට අවලාදයන් නගන එහෙකත් අරුමයක් නම් මා දකින්නෙ නොමැත. අඩුපාඩුවක් දුටු තැන අන්සියල්ලන්ටම ප්‍රථම ඇඟිල්ල දික්කර එය පෙන්වා දුන්නද,
ඔබ පරිදිම ශාරුක් යනු මගෙහිද හදවතෙහිද අරක්ගත් චරිතයක් බවට පත්වුනේද මීට වසර ගණනාවකට පෙරදීමය.

මා දන්නෙහිද මෙපමණය,

” ඉදිරියෙහිදී මොනයම් දෙයක් සිද්ධ වූවද ඉන්දියානූ රසිකයා පෙර ලෙසම හිටගන්නේද ශාරුක් නම් අසහාය වීරයාගෙහි පැත්තෙහිමය යන්න වගයි. ශාරුක් නම් ඔබ අප දැනහැඳිනගත් නලුවාට වැඩිය දෙයක් ඔහුගෙ සාර්ථකත්වය පිටුපස ඔහු විසින් අත්විඳි කටුක චාරිකාවේදී දෙයක් අප සැවොමයන්ගෙහිම ජීවිතයටද එක්කර ගතහැකිය ! “

හැමදෙයකම විනිවිදභාවයකින් යුක්තව දකින,
බොලිවුඩ් සිනමා සක්විතිගෙ පුංචිම පුංචි රසිකයෙක් වන මා නමින්,

– අනුජ විජේසිංහ –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *