| Prithviraj Sukumaran Sinhala Article | ප්‍රීත්විරාජ් 💜️ |

Prithviraj Sukumaran Sinhala Article

මං අද කතාකරන්න යන්නෙ මලයාලම් ලැයිස්තුවේ බොහෝ දෙනෙකු දැනහැඳින ගත්තද අඩුවෙන්ම අගය කිරීමට ලක්වන මගෙ සිත්ගත් තවත් එක් රංගනධාරියෙක් පිළිබඳවයි. නමින් ඔහු ප්‍රීත්විරාජ් සුකුමාරන්,

1982 වසරේ ඔක්තෝම්බර් මස 16 වනදින තිරුවන්නාතපුරම්හිදී මලයාලම් සිනමා නලුවෙකු මෙන්ම නිෂ්පාදකයෙකු වන සුකුමාරන් සහ මලයාලම් සිනමා මෙන්ම රූපවාහිනී නිළියක් වන මල්ලිකා දාව ප්‍රීත්විරාජ් උත්පත්තිය ලදහ. ඔහු මුල් අධ්‍යාපනය චෙන්නායිහි පිහිටි Shrine Vailankanni Senior Secondary පාසැලෙන්ද පසුව St.Joseps පිරිමි විද්‍යාලයෙන්ද පසුව ඔහුගෙ පවුල කේරළයට මාරුවීමෙන් පසුව NSS පොදු පැසැලෙන්ද පසුව ඔහු ඔවුන්ගෙ චෙන්ගල්ලූර්හි පිහිටි නිවස අසළ තිබුනු St.Marry’s Residential Central පැසැලෙන්ද අධ්‍යාපනය හැදෑරීය. එහිදී ඔහු පාසැලෙහි වාර්ෂික දින සැමරුම්හිදී පැවැත්වූ නාට්‍යයයන් තුළ විවිධාකාරී චරිතයයන් රඟදැක්වීයය. පසුව ප්‍රීත්විරාජ් සිය ඉතිරි අධ්‍යාපනය Sainik පාසැලෙන් සම්පූර්ණ කළේය. පාසැල් කාලයේදී වාදවිවාද තරඟ සඳහා ඉදිරිපත්ව ජයග්‍රහණ කිහිපයක්ද එකල ඔහු ලබගත් අතැරම ලොයෝලා පාසැල විසින් පවත්වනු ලබන වාර්ෂික අන්තර් පාසැල් කලා උත්සවයේදී “Mr LA Fest” පදක්කම දිනාගැනීමටද ඔහුට හැකිවිය. එම කාලයේදී තිරුවන්නාතපුරම්හිදී එම පදක්කම දිනාගත් එකම පුද්ගලයාද ප්‍රීත්විරාජ් විය.

Image result for Prithviraj Sukumaran

ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳව සිය උපාධිය හදාරන කාලයේදී චිත්‍රපට අධ්‍යක්ෂක රංජිත් බාලක්‍රිෂ්ණන් Nandanam චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය රඟපෑම සඳහා ආරාධනා කරනු ලැබීය. මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂක ෆාසිල් විසින් තමයි ප්‍රීත්විරාජ්ව මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂක රංජිත් වෙතද හඳුන්වාදී ඇත්තේද.

ප්‍රීත්විරාජ් රංගනයෙන් දායකවූ පළමු චිත්‍රපටය Nandanam වූවද එම වසරෙහිම ඔහු රංගනයෙන් දායක වූ NRAR චිත්‍රපටය ඊට කලින් තිරගත විය.

Related imageImage result for Prithviraj SukumaranImage result for Prithviraj Sukumaran

ප්‍රීත්විරාජ් රංගනයෙන් දායක වූ චිත්‍රපට

2002 – Nakshathrakkannulla Rajakumaran
Avanundoru Rajakumari, Nandanam, Stop Violence
2003 – Vellithira, Meerayude Dukhavum
Muthuvinte Swapnavum, Swapnakoodu, Ammakilikkoodu, Chakram
2004 – Vellinakshatram, Kadha, Sathyam, Akale
2005 – Albudhadweep, Krithyam, Daivanamathil, Ananthabhadram
2006 – Vargam, Classmates, Vaasthavam, Pakal
2007 – Oruvan, Avan Chandiyude Makan, Kaakki, Veeralipattu, Chocolate, Kangaroo, Mozhi, Kannamoochi Yenada
2008 – One Way Ticket, Thalappavu, Thirakkatha, Lollipop, Velli Thirai
2009 – Nammal Thammil, Calendar, Puthiya Mukham, Robin Hood, Kerala Cafe, Ninaithale Inikkum
2010 – Punyam Aham, Thanthonni, Pokkiri Raja, Anwar, The Thriller
2011 – Arjunan Saakshi, Urumi, City of God, Manikyakallu, Veettilekulla Vazhi, Teja Bhai & Family, Indian Rupee
2012 – Masters, Manjadikuru, Hero, Simhasanam, Molly Aunty Rocks, Ayalum Njanum Thammil, Aiyyaa
2013 – Celluloid, Mumbai Police, Memories
2014 – London Bridge, 7th Day, Sapthamashree Thaskaraha, Tamaar Padaar
2015 – Picket 43, Ivide, Double Barrel, Ennu Ninte Moideen, Amar Akbar Anthony, Anarkali
2016 – Paavada, Darvinte Parinamam, James & Alice, Oozham
2017 – Ezra, Tiyaan, Adam Joan, Vimaanam
2018 – My Story, Koode, Ranam
2019 – 9

අප්කමින්

Mammootty රංගනයෙන් දායක වන මෙම වසරෙ ජනවාරි මාසයේදී රූගතකිරීම් ආරම්භ කරන ලද Pathinettam Padi චිත්‍රපටයටද ප්‍රීත්විරාජ් රංගනයෙන් දායක වෙ.

ප්‍රීත්විරාජ් සහ අමලා පෝල් රංගනයෙන් දායකවන Aadujeevitham චිත්‍රපටයේද

Brother’s Day චිත්‍රපටයේද රංගනයෙන් දායකවීමට නියමිතයි.

අධ්‍යක්ෂකවරයෙක් ලෙස මෙම වසරෙ මාර්තු මස 28 වනදින තිරගත වූ මලයාලම් සුපිරි තරුව වන මෝහන්ලාල් රංගනයෙන් දායක වූ Lucifer චිත්‍රපටයද

බොහෝ විට 2021 වසරේදී තිරගතවීමට නියමිත Empuraan චිත්‍රපටයද ප්‍රීත්විරාජ්ගෙ අධ්‍යක්ෂණයෙන් වර්ණවත් වීමට නියමිතය.

Asianet Film Awards, Filmfare Awards South, IIFA Utsavam, Kerala State Film Awards, Kerala Film Critics Awards, Mathrubhumi Film Awards, South Indian International Movie Awards, Vanitha Film Awards යනාදී සම්මාන උළෙලවල්හිදී අවර්ඩ්ස් 30 ක් පමණද නොමිනේෂන්ස් 39 ක් පමණ දැනට වාර්තා වෙ.

සුකුමාරන් පවුල් පසුබිම වටා සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධිත පුද්ගලයින් බොහෝමයක් සිටියාවූද ප්‍රීත්විරාජ් තම සන්නාමය නිර්මාණය කරගත්තෙ උත්පත්තියෙන්ම ලද හැකියාවෙන්. එමෙන්ම ප්‍රිත්විරාජ්ගේ සහෝදරයාගේ නම ඉන්ද්‍රජිත් සුකුමාරන් ය. 2011 වසරේ අප්‍රේල් මස 25 වන දින බීබීසී ඉන්දියානු වාර්තාකරු සුප්‍රියා මෙනන් සමඟ විවාහ විය. ඔවුන්ට 2014 වසරේදී ඇලන්ක්‍රිටා මෙනන් ප්‍රිත්විරාජ් නම් දියණියක් උපත ලද අතරම ප්‍රිත්විරාජ් වර්තමානයේ පදිංචිව සිටින්නේ කේරළයේ කොචි හි ය.

පෞද්ගලිකව ප්‍රීත්විරාජ් නම් රංගනධාරියාට මා බොහෝ ප්‍රියත්වයක් දක්වන්නෙ ඔහු තුළ පවත්නා සංකීර්ණ හැඟීම් මූහුණෙන් පෙන්වීමට ඔහු ලද සහජත්වය නිසයි. කාලීන මලයාලම් සිනමා නලුවන්ට නම් ප්‍රීත්විරාජ් කියන්නෙ රංගන විශ්වවිද්‍යාලයක්.

ප්‍රීත්විරාජ්ගෙ රංගනය මුසුව පවතින්නෙ ඔහුගෙ රුධිරයෙමයි !

– අනුජ විජේසිංහ –

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *