Peranbu ( පේරන්බු – දයාව ) 

Peranbu ( පේරන්බු – දයාව )
2018 ‧ Drama ‧ 9.5/10 · IMDb
95% liked this movie
Google users

වැඩි කතාබහට ලක් නොවුන තවත් සුපිරිම ෆිලුමක් මේක. ඔබ දුවෙක්ට පන මෙන් ආදරය කරන පියෙක්ද? පියෙක් මවකට දෙවෙනි වන්නේ කෙසේද ? ගෑනු දරුවෙකක්නම් අනිවාර්යයෙන් මවක් ඕනමයි. කෙල්ලෝ තාත්තලට පන. ඒක රහසක් නෙවෙයි. ඒත් ඇයට මග පෙන්වන්නා මවයි. ඒකත් අංගවිකල දුවක්නම් කුමන කතාවක්ද ?

තංග මින්ගල් ෆිලුම නම් කට්ටියට මතක ඇති නේද . 2013 National Film Award එකේන් හොදම චිත්‍රපටයට තේරුනේ අන්න ඒක ලියල අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂක තමයි මෙයා. මේ පේරන්බු ෆිලුමත් මෙයාම ලියල අධ්‍යක්ෂණයත් කරලා. මේක මෙයාගේ හතරවන ෆිලුම . මේකත් තංග මීන්ගල් වගේ අනිවාර්යයෙන් සම්මානයට පාත්‍රවෙයි කියල මටනම් හිතෙනවා.

මලයාලම් මෙගාස්ටාර් මම්මූටි මෙයාගැන නම් කියන්න දෙයක් නෑ, මගේ කුඩාකලම සිට කැමතිම නලුවා, මෙගාස්ටාර් ම තමයි. ඒ තරමට තාත්වික රංගනයක් පියෙක් කියන්නේ මවකට නොදෙවෙනි කියන සත්‍ය පසන් කරන රංගනයක්.

මෙයානම් හරිම විශේෂ දක්ෂ කෙල්ලක්. ඒ මම්මූටි ( අමුදවන්) ගේ අංගවිකල දුව ෆිලුමේ ජීවය ඇයයි. ඒ Sadhana ( පාපා) . මෙයත් තංග මින්ගල් එකේ ප්‍රධාන ලමා චරිතය කරපු කෙනා . ඒකෙන්ම National Film Award for Best Child Artist සම්මානය ලබා ගැනීමට සමත් වු ඇය මේ ෆිලුමටත් යමක් ලැබෙයි කියලනම් හිතෙනවා . ඒ තරමට හද කකියවන රංගනයක ඇය.

ඉතින් කතාවට එමු. පාපා අංගවිකල ගෑණු දරුවෙක්, මවක් සිටිය යුතු කාලයේ ඇය මේ දරුවව පියාට බාරදී වෙන කෙනෙක් එක්ක යනවා. මේ දරුවව භාරගන්න තාත්තා අමුදවන් ගැහැනු දරුවෙක් ඒකත් අංගවිකල ගෑනු දරුවෙක් හදා ගැනීමේදී ඔහු මුහුණ දෙන ගැටලු. ඒ දරුව වයසින් හා ශාරිරිකව වැඩෙද්දී ඇය අංගවිකල වුවත් සාමාන්‍ය කෙනෙකුට හැගිම් පාලනය කරගැනීම හෝ ඒ පිලිබදව කියා දීමට ඇයට මවක් නොමැති වීමෙන් ඇය පියා සමග මුහුණ දෙන ගැටලු. අමුදවන් සහයට ගන්නා අනෙක් කාන්තාවද අමුදවන්ව රවටා දැමීම නිසා ඔහුගේ මානසික තත්වය. මේ අංගවිකල දුවට සහයට කවුරුත් නොමැති වීමෙන් අමුදවන් ගන්නා තීරණය කුමක් වේද ? මේ සියල්ලටම පිලිතුර ෆිලුම බලලම දැන ගන්න .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *