Nishabdham Movie Review

Nishabdham 2020
★★★★☆☆☆☆☆☆
Director – Hemant Madhukar

නිහැඬියාව ගිලගත් අබිරහස් ඝාතන!
මේ සිනමාපටය තෙලිගු, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාවන් හතරකින් නිර්මාණය වුන Thriller චිත්‍රපටයක්. මෙහි කතාව තුල පවතින සිදුවීම් සියල්ලම නිර්මාණය කරල තිබෙන්නෙ ඇමරිකාවෙහි Seattle නගරය මූලික කරගෙන. ඒ නිසා සම්පූර්ණ චිත්‍රපටයම දමිළ තෙලිඟු නළු නිළියන් සමගින් මේ Seattle නගරයෙහි තුල තමයි නිර්මාණය කරල තියෙන්නෙ. ඒ නිසාම චිත්‍රපටයට හොලිවුඩ් ගතියක් ඇවිත් තියෙනව. පටන්ගන්නෙත් හොලිවුඩ් චිත්‍රපටයක ආරම්භයක් වගේමයි.😂👌 ඉතින් මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වී තිබෙනනෙ Anushka Shetty, Madhavan, Shalini Pandey, Anjali වගේ දක්ශ නළු නිළියන් පිරිසක්. ඒ වගේම මෙහි ඇමරිකානු නළුවෙකු වන Michael Madsen විසින් ද චරිතයක් කරනව අපිට දැකගන්නට පුලුවන්.

මෙහි කතාව ගැන කෙටියෙන් පැහැදිලි කරොත් මේක අපිට මුලින්ම දකින්නට ලැබෙන්නෙ හොල්මන් කතාවක් විදියට. මොකද මෙය පටන් ගන්නෙ ඇමරිකාවෙහි නිවසක සිදුවුන ඉතිහාසයට එකතුවුන ඝාතන සිදුවීමක් ගැන පැහැදිලි කරමින් මේ කතාව තුලට අමනුෂ්‍ය සම්බන්ධක් ඇති බවට තේරුම් කරමින්. ඊලගට චිත්‍රපටය ආරම්භයේ Sakshi ගේ චරිතයෙන් Anushka Shetty හා Anthony Gonsalves ගෙ චරිතයෙන් Madhavan චිත්‍රපටය සමගින් සම්බන්ධ වෙනව. ආරම්භයේම අර මුලින් කියූ අමනුෂ්‍ය බලපෑමක් සහිත නිවසට මොවුන් දෙදෙනා යනව කලා නිර්මාණයක් සොයාගැනීමට. නමුත් එහි ඔවුන් ගිය පසුව අර කලින් සිදුවුන පරිදිම අබිරහස් ඝාතනයක් සිදුවෙනව! මේ සමගින් තමයි පොලිස් චරිතයක් වන Maha Lakshmi ගෙ චරිතයෙන් Anjali සහ Richard Dawkins කියන ප්‍රධාන පොලිස් චරිතය තුලින් Michael Madsen කතාවට එකතුවෙන්නෙ. ඉතින් ඉන් අනතුරුව කතාව ඉදිරියට අැදගෙන යන්නෙ Maha Lakshmi විසින් මෙහෙයවනු ලබන අබිරහස් ඝාතනය පිලිබදව සිදුකරන පොලිස් පරීක්ෂණය. මෙහිදි චිත්‍රපටයෙහි ඉදිරියට පරණ මතක ආවර්ජනයන් තුලින් Shalini Pandey කතාවට එකතු වනව Sonali කියන අමුතු හැගීම් ඇති චරිතයකින්. අැය Sakshi ගේ හොඳම යෙහෙළිය ලෙසින් තමයි අපිට දකින්න ලැබෙන්නෙ. ඉතින් ඇය තමයි මේ මිනීමැරුම පිලිබදව කෙරෙන පරීක්ෂණයේ ප්‍රධානතම ගැටලුකාරිය බවට පත්වෙන්නෙ. කතාවෙහි අන්තිමට මේ වගේ ඝාතන සිදුවීම් වලට මුලික වුන සාධකය බවට පත්වෙන්නෙ මිනිසුන් තුල ඇතිවන මානසික රෝග කියන එක පෙන්නුම් කරනව. ඉතින් ඒ වගේම චිත්‍රපටය තුල Anushka Shetty නිහඬ රංගනයක තමයි නියැලෙන්නෙ. ඒ නිසාමද කොහෙද Anushka ගෙ චරිතය ප්‍රෙක්ෂකයාට ලොකුවට දැනුනෙ නැහැ. ඇය සරල රංගනයක් තමයි චිත්‍රපටය තුල සිදුකරේ ඇයගෙන් ලොකු දෙයක් චිත්‍රපටයට අරගෙන තිබුන්නෑ. ඇයගෙ චරිතයට අමතරව අනිකුත් චරිත වලටත් ප්‍රෙක්ෂකයාගෙ අවධානය යොමුකරවීමට මෙහි නිර්මාණ කරුවා උත්සහ ගෙන තිබෙනව. Madhavan නම් හොඳ රංගනයක නියැලුනා. ඒ වගේම තමයි Michael Madsen කුනුහර්ප කියාගෙන කාගෙත් අවධානය අරගෙන ප්‍රධාන පොලිස් චරිතයකින් වෙනස් රංගනයක් කරා😂👌. ඉතින් චිත්‍රපටයෙ කතාව තුල නොගැලපෙන සිදුවීම් සහ අඩුපාඩු නම් හුගක් තදින් දකින්න ලැබුන. Anjali ගෙ චරිතය සහ ඇය කතාවෙහි මගපෙන්වීම කරපු හැටි නම් චිත්‍රපටයට ගැලපෙන්නෙ නෑ කියල දැනුන. ඒ වගේම සමහරක් සිදුවීම් සම්බන්ධ කරල තිබෙනව කිසිම ගැලපීමක් නැති. කොහොමහරි අන්තිමට ඉතින් කුතුහලයෙන් යුතුව නරඹන්න පුලුවන් හොලිවුඩ් ටයිප් එකට කරපු නිර්මාණයක් කියල කියන්න පුලුවන්.😁👍

Review by Sasith Sudarshana 

 

වීඩියෝ පිටපත සහ සිංහල උපසිරැසිය සදහා පිවිසෙන්න www.cineru.lk අපගේ වෙබ් අඩවිය වෙත………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *