Minnuminungu(2017) Sinhala Review: කලාමැදිරියෝ

මලයාලම් සිනමාව විටක මහා සාගරයකට සම කල හැක..
එකිනෙකට වෙනස් වු සහ විවිධ සන්කල්පයමය
රසාස්වාදනයකින් පිරි පුන් ..එය සැබවින්ම මායාවක් …
එහෙත් එය මායවක් නොව යථාර්ථයි.
සමාජයේ හමුවුන සහ ඇස් ඝට්ටනය වුන මිනිස් රූප චිත්රපටයක් යන රග මඩලට එක් කල ඔවුන් සැබෑ දක්ශයෝය.
එහෙම නැතිනම් මැජික් කාරයින්ය.ඉතාමත් ඉක්මනින්ම ඇබ්බැහි වන සුලුය.
මේ වනතුරුත් නැරභුව එක් මලයාලම් සලරුවක් තවමත් යටි සිත ස්පර්ශ කරමින් කම්පනයට පත් කරනවා
මේ මගේ කතා නායිකාවට නමක් නැත..
ඔබට භාරයි ඇයව නිර්වචනය කිරීම.
නමක් නැති මැදි වයසේ වැන්දඹු ගැහැනියක් ..
ඇය,ගැහැනියක් වඩා ඔබ්බට ගිය රූපයකි…
මක් නිසාද යත් ඇය අම්මා කෙනෙකි ..
ගැහැනියකටත් වඩා ශක්තිමත් මවක්…
හුනු ගා පිලිසකර නොවූ නිවසක වයසක් පියාත් සමග නොයෙකුත් රැකියාවන් කරන මේ ගැහැනිය…
ගලා යන දිය පාරක් අද්දරට වෙන්න පිහිටි ඒ ගොම ගඳ පිරුණ නිවස..
ගමට කලින් නෙමෙයි ගමේ මුලින්ම හිරු නැගුනේ ඇයට..
හිමිදිරියේම වැස්සිගේ පියයුරු වලින් කිරි ටික ඇද්දේ වැස්සිත් එක්ක කතා කර කර…
හැම මොහොතේම ඒ මුහුනේ තිබ්බේ ප්රබොධයක් මිස,කල කිරීමක් නොව..
පොඩ්ඩක් ඇ කලබලයි .
ඒ සැනින්ම ම කිකිළියගේ උණුසුම්ව බිත්තර ටිකත් ඇහිලුවා..ඒ කිකිලි අම්මාගේන් ඒ නොඉපුදුන පැටව් ඈත් කලෙ තම මිනිස් පැටියා වෙනුවෙන් .
තව,මහා ගොඩක් රාජකාරි ඈ හිරු එලිය තියෙද්දි කලා.
චාරු..
මන් චාරුම නෙමෙයි ..ඒත් මොකක්ද අවස්තා සම්බන්ධක් මට දැනුනා…
නවාතැන ගඳ නෑ..පිරිසිදූයි.
නගරයේ තද බදය සහ කලබලේ ඇරුනාම …
“චාරු මට,ආසයි ඔයාගේ ඔය මූන බලන්න?”
          “මට ගොඩක් දුර බස් එකේ එන්න බෑ අම්මා…”
චාරු කිවා..
එතකොට නමක් නැති ඈ හැමදාමත් මේ සුව පහසු නොවූ බසයෙ නගරයට ගමන් කලේ…
හුගක් දවස්වල ඈට නින්ද ගියේ තම පියාගේ කර මත..
හිටි ගමන් තාත්තා ලෙඩ වුනා..
ඒත් ඈ නම් හිනා වුනා
ගැස්ට්රයිටිස් කියලා බලන්න දොස්තර බඩ අත ගාලා බලන්න හැදුවේ චාරුගේ අම්මාගේ.
නමක් නැති ඇගේ හැම හීනයක්ම කෙලවර වුනේ චාරුගේන්..
හරිම පුදුමයි
වරකට මහ මෙරක් වගේ..
සිරීපාදේ වගේ …උසයි …ශාන්තයි..
අම්මාට හිටියේ චාරු විතරයි ..
චාරුටත් එහෙම වුනා නම්..එහෙම වුනේ නෑ..
රටේ ලෝකේ හුගක් දේවල් වල මිල ඉහල ගියා මිල වෙනස් වුනා ඒත් ඇගේ ඉපැයීම් හැම්දාම එක වගේමයි.ඈ,අරපිරිමැස්මෙන් ජීවීතේ ගෙවෙන චාරුගේ ජිවිතේ ලස්සන කරවන්න ..
ගහෙන් ගෙඩි එන්නා වගේ චාරු අම්මාගේන් ලක්ශ 6 ඉල්ලුවා..
ජීවීතේම අහපු විශාලතම මුදල..
මාසෙම වෙහෙස වී බොහෝම අමාරුවෙන් හොස්ටල් ගාස්තු ගෙවන අම්මාගෙන් ලක්ෂ හයක්…
චාරු වැඩිදුර අධ්යාපනය වෙනුවෙන් යුරොපිය රටකට යනවලු.ඉතින් ඒකේ ඇති වැරද්ද මොකක්ද ..හීන බලන්න චාරුට අයිතියක් නැතීද???
ඈ එක පාරටම කඩා,වැටුනා. එත් ඒ මොහොතකට..
උදේ සවස බලන්න පෙරුම් පුරා ඉන්නේ චාරුගේ මුන බලන්න ..
එච්චර දුර තනියම ..
හිතා,ගන්නවත් බෑ .
ලක්ශ හයක්….
හීනෙක වත් නොදකපු ලොකු බින්දු ගොඩක් .
විකුනන්න හැකි හැම දේම විකිනුවා..
හරි ඔප්පුවක් නැති ගොම ගද ගහන ගෙදර
අර කිරි බේරේන වැස්සි
රස්සාව..
ඒත් මේ මිනිස් සිරුර තවමත් සතුටින්..උද්යෝගිමත් ..
චාරු යන්නේ ඉගෙන ගන්න ඇ සුවද පිරුනු රටක් ජීවත් වේවී .ටික කලකින් ඒවි.
ඇය යන්නේ ආයෙ එන්න නෙමෙයි.., තනියමත් නෙමෙයි..
හිත කැලි කෑලි වලට කැඩුණා.
ජිවත් වෙන්න තිබ්බ එකම හීනේත් අයිති නැති ඇගේ නම් අම්මා නම් විය..
අච්චාරු බෝතල් ගෙදර .බැදපු තුනපහ ඔක්කොටමත් අසුරලා වේලුනු පොල් ගහක් යට කලු පාට වතුරට කදුලු වගුරන්න නමක් නැති මේ අම්මා…
“සර් සර්…………”
අම්මා කෑ ගහන් ගියේ ඈත අහසේ යන යන්තරේ බලන්න ..
මහ,හඩක් වුනාට ඒක ගියෙ හුගක් උඩ අහසේ..
ඉස්සර චාරු පොඩි කාලේ අහස් යානයක් යදදි පෙන්වනවා..
අද චාරු ඒ අහස් යානවේ නැගිලා තනියෙන් යනවා.
ජිවිතේ හරීම පුදුමයි.
“උඩ ඉන්න අයට පොලොව පෙන්නේ පොඩියටලු නේද, සර්?”
“උඹ කොහොමද තවමත් හිනා වෙලා ඉන්නේ ??”
       “එහෙම ඉන්න ඕනිනේ චාරු ආයේ එද්දි මම ගොම ගඳ නැති මදුරුවෝ නැති ගෙයක්                   හදලා       තියන්න ඕනී..”
ඒ තමයි අම්මා! ආදරයේ උල්පත වූ අම්මා…!
අනිල් තෝමස් යන දක්ශ සහ තරුන මලයාලම් සිනමාකරුවා අධයක්ශනය කල වසර පහක් පමන ඔහුගේ හිතේ හිටි ඒ ගැහැනියට පන දුන්නේ සුර්බි ලක්ශ්මී යන අති දක්ශ ශිල්පිනිය.
පිරිමියෙක් විසින් රචනය කල පිරිමියෙක් හිතේ මැවුන ශක්තිමත් ගැහැනියක් වටා ගෙතෙනු
මින්නුමිනුන්ගු. චිත්රපටයක් නොවේ ජිවිතේ මට හිතුනේ එහෙම්මයි..
ශක්තිය කියන්නේ ගඩොල් කපන එකවත් කලු ගලක් කඩන එකවත් නෙමෙයි ..කඩා වැටෙන්නේ හේතු දහසක් තියෙද්දි ආයේමත් නැගිටලා කිරි දොවන එකට..ඒක පුලුවන් අම්මා කෙනෙක්ටම විතරයි
මලයාලම් සිනමාව තවත් තිර කල නැවුම් සිසිල් රැල්ලක ලෙස හැදින්විය හැක.
වසර පහක් තිස්සේ සිතේ සිටි මේ අපුර්වතම ගැහැනිය තවත් හැඩ වැඩ දා ඔප කලේ මනොජ් රමේශ් විසින්.
පිරිමි දෙදෙනෙකුගේ හිතේ මැවුණු ඇයට ජීවය දුන් මේ රන්ගන ශිල්පිනිය ..ගැන කවර නම් කතාද?
ගෙවෙන හැම තප්පරයම ප්රේක්ෂකයාගේ මනසේ ඇති කලේ කුතුහලයක් ..ප්රේමයක් සන්වේගයක්…විටක ලැජ්ජාවක්.
කේරලයේ ස්භාවික සුන්දරත්වය පසුතලය ,රූප රාමූ සන්ගීතය සියල්ලම මනාව කැලතා මවපු නිර්මාණය මවකගේ දාරක ස්නේහය ගැන කියවෙන හොදම එක යැයි සිතේ.
නිර්මාණය කරුවෙකුට මේ තරම් මිනිස් සිතේ විප්ලවයක් ඇති කල හැකි ඇස් බැන්දුමක් කිරීමට චිත්රපටයට හැකි වී ඇති බව කිව යුතුමය.
මෙහි අධයක්ශනය සහ නිෂ්පාදනයත් අනිල් තෝමස් විසින්මයි.
කතාව තිර රචනය මනෝජ් රමේශ්සින්ග්
ලක්ෂ්මී එම, වසරේ ජාතික සම්මාන උලෙලේ හොදම නිලිය සම්මානයෙන් පිදුම් ලැබුවා..
කතාවට කියනවා දුවෙක් තමයි අම්මා බලන්නේ දුවක් ඉන්නම ඕනී.දුවෙක් පුතෙක් ද යන්න ලින්ග භේද ආදලම නෑ සමහර තැන් වලදී.
විනාඩි 130 තුලින් අම්මා කෙනෙකුන්ගේ දාරක ස්නේහයේ අගය උපරිමයෙන් ප්රේක්ෂකයාට කා වද්දපු හීන විකුනපු ඒ ගැහැනියගේ ආත්ම විශ්වාසය glow worms…පිරිමි සතාට එලිය දෙන ගැහැනු සතා ..(firefly)
ඔබත් අනිවාර්යයෙන් ම නරඹන්න ….
මම නීඩ්රා මාර්ටින්ස් .
IMDB අගය 7.7 /10
ගූගල් අගය 90%
bookMYshoW 80%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *