Mad Max Fury Road English Movie Review in Sinhala

ආදරණීය Furiosa වෙත,
අරගලය නිමාවක් නැත.මගේ නම Max, Max Rockatansky . කෙදිනකවත් බලාපොරොත්තු ඇතිකර නොගන්න.එය මුලාවක් පමණයි.බලාපොරොත්තු ඉටු නොවුණ කල අපි ද්වේශයෙන් ඇලලී යනවා පමණයි .ඉතින් ශකතිමත් යකඩ ගැහැණිය Furiosa ,අපි නැවත අරගලයකින් හමුවෙමු.

වසර ගණනාවක සංවර්ධන විපාකයේ ප්රතිඵලයක් ලෙස ලෝකය නිරයක ස්වාභාවයක් ගෙන ඇත.Citadel අපද්රව්ය බැහැර කිරීම නිසා අතහල මුඩුබිමකි.දිගුකාලීන පාරිසරික කඩා
වැටීමෙන් ,පශ්චාත් දේශගුණික විපර්යාසට මුහුණ දුන් දේශපාලනයකි. Immortan Joe එහි අසහාය පාලකයායි. මිලිටරි නිල ලාංජන , පදක්කම් හා බියකරු යකඩ සන්නායකයන්ගෙන් ,පරිහානියට පත් වයෝවෘද්ධ බලකාමය ඔද්දල්ව ගිය ශරීරය වසාසිටින ඒකාධිපති පාලකයා ඔහුයි. Valhalla සිහින පාරාදීසයට යෑමට එකම ගැලවුම්කරුවා Immortan Joe👑
කරුණාකර සර්වබලධාරි පාලකයා විශ්වාස කරන්න. ස්ත්රී පුරුෂ සමාජභාවයට හෝ සංකීර්ණ තීකෂණ බුද්ධියට Citadel හී ඉඩක් නැත. බලවතුන් ප්රචණ්ඩත්වය තුලින් පාලන ක්රියාවලිය මෙහෙයවයි. සැබෑ ලොව ඔබ අත්විදින අසමානතාවයේ ලක්ෂණ මෙහිද ඇත.

ජලය ,පතොරම්, ඉන්ධන හිගයක් පවතින citadel හි
ආහාර යනු දියමන්ති වලටත් වඩා වටිනා සාධකයකි. කුමන්ත්රණ ,සැලසුම්,ප්රහාර,ඔත්තුකරුවන්,සංස්කෘතික යුද්ධය, යන සියල්ල දේශපාලනිකයි.මෙලොව තුල ජලය ,රුධිරය ,ජීවය ලබාදිම කෙරෙහි විශ්වාස තැබිය හැක්කේ immortan joe වෙත පමනී.

Mad Max Fury Road 🧨💣🔪⚙️හීදී ප්රේක්ෂකයකු ලෙස ඔබගේ ආතතිය වැඩි වේ.නිමක් නැති කාන්තාර, එකලස් කල යුධ වාහන, ක්රියාදාම යුධ දර්ශන,ඉහළ පෙළේ රණ ශූරයින් සහිත ලොවකට ඔබ අතහරීවී.
ප්රවේසම් වන්න!!

ගැටුම ආරම්භ වන්නෙ Immortan Joe ගේ කාන්තා නිලදාරීයෙකු වූ Imperator Furiosa වහල්භාවයේ සිටි කාන්තාවන්(Joe ගේ දරු පිලිසිද්ගඇනිමක්ද එහි ඇත.) රැගෙන හොර රහසේ පිටව ගොස් ඇති බව සැලවීමෙන් ඊට ප්රතිචාර ලෙස Joe විසින් Furiosa පසුපස තම war boy හමුදාව යෙදවීමත් සමගයි.

ස්ත්රීවාදය ච්ත්රපටය ආඛ්යානය කර ඇතැයි සිතෙන තරම්ය. පිරිමියා සදහා ගැහැණිය යොදා ගැනීමත් ගැහැණිය පිරිමියා යොදා ගැනීමත් ,ප්රචණ්ඩත්වය කෙරෙහි පිරිමින්ගේ ඇති ආශාව යන ආකෘතිය අතික්රමණය කරමින් ස්ත්රීය Mad Max Fury Road හි වෙඩි පහරවල් මෙන් කියාත්මක වේ.

Mad Max: Fury Road's Final Chase Sequence Was Designed Around One ...

ඔබ ඉන්නෙ Citadel වල නම් එහි කාන්තාව ප්රධාන අරමුණු දෙකක් පමණක් ඉටුකරයි.
1. දරුවන් බිහිකිරීම
2. මිනිස් පරිභෝජනය සදහා කිරි ලබාදීම
ඒ අනුව Furiosa යනු දරුවාන් බිහිකිරීමටත් කිරි නිපදවීමටත් නොහැකි ශක්තිමත් ගැහැණියයි. දැන් අප කාන්තාවට සලකන්නේ කෙසේද්? ලෝකයේ අවසානයේන් පසු අප කාන්තාවට සලකන්නෙ කෙසෙද? චිත්රපටය මතුකරන ප්රශ්නයයි.

පලා යන Furiosa ලුහුබැදින war boy හමුදාවේ උමතු Valhalla කල්පිත පාරාදීසය හඹායන මරණයෙන් මතු භුහුමන් ලබන්නට නියමිත රණශූරයා
Nux 💉-“I live, l die,l live again “
ඔහු ආගම තුලින් බලය ලබාගැනීම සදහා මුලු සිරුරම සුදු පාට අලේප කරගනිමින් v8 එන්ජිමක රූපයෙන් පපුව පුලුස්සා දමා ගනි .
Nux ගේ මුහුණ වෙත සුදු පැහැති Chrome Spray නැමැති අන්තරායකර ඖෂධය (Night fume drug)
ඉසිමින් Immortan Joe පවසන්නෙ “මගේ වස්තුව මා වෙත ආපසු එවන්න. මම ඔබව වල්හල්ලා පිවිසුම මැදින් ගෙන යන්නම්.
යුද්ධය හා සටන වෙනුවෙන් පාලකයා අධිමානුෂික හැගීමක් සිය හමුදාවට ඇතිකර ඇත.සටන හා මරණය අභිබවා යන Valhalla ෆැන්ටසි අරමුණ ඔවුන්ට ලබා දී ඇත. මිනිසා සැබවින්ම සංස්කෘතියේ ප්රභල නිෂ්පාදනයකි. ලෝකය නැමැති ආයතන ක්රියාවලිය යලි ගොඩනගා ගැනීමට සංස්කෘතිය, චාරිත්ර විධි ,නොයෙකුත් ව්යභිචාර බලෙන්ම මිනිසුන් තමන් වෙත පටවා ගන්නා ආකාරය Mad Max Fury Road දී දැකිය හැක.
Nux යනු චිත්රපටයේ ආගම නිරූපණය කරන සංකේතය. පීඩනයයේ මෙවලමක්
ලෙස ආගම උපයෝගී කරගනිමින් පන්ති භේදය නිර්මාණය කොට ආධිපත්යය නීත්යානුකූල කර ඇත.
චිත්රපටය මාර්ක්ස්වාදය ප්රතිරාවය කරන්නෙ ආගම තුලිනි 😂😂
“ආගම පීඩිත සත්වයාගේ සුසුම්ලෑමේ නාදයි.ආගම ජනතාවට අබිං වගේ.ආගම මායාකාරි සතුටක ඔවුන් ගිල්වා දමයි. දිනක මිනිසුන් සැබෑ සතුට වෙනුවෙන් ආගම අහෝසි කරන ලෙස ඉල්ලා සිටී.”
-මර්ක්ස්වාදය-
Max පිටුවහල් උමතු ප්රාදේශීය අරගලකාරුවා
(Tom Hardy)🤘මාර්ග රණශූරයා ඔහුයි (Road Worrier )ඉදිරියේදී වඩා යහපතක් කිරීමට නම් ඔහු කෙසේ හෝ දිවිගලවාගත යුතුයි . චිත්රපටයේ Max ට වඩා Furiosa අපගේ වීරයා බවට පත්වේ.Max යනු ඇයට ප්රයෝජනවත් නමුත් තීරණාත්මක නොවන සාධකයකි. කාන්තාව ලෝකය එකස්ත් කිරීමේ හා සුවපත් කිරීමේ බලවේගයක් ලෙස Fury Road හි ඇවිද යන ඔබට හමුවේ.කිසිවෙකුත් විශ්වාස නොකරන රණ්ශූරයන් වූ Max හා Furiosa ට අවසානයේ එකිනෙකා විශ්වාස කොට අහිංසකයන් බේරා ගැනීමට සිදුවේ.
2015 Mad Max Fury Road හී හමුවූ Max ට තවදුරටත් ඉබාගාතේ ඇවිද යාමට සිදුනොවේ .
{පෙර Mad Max චිත්රපට මාලාවේ Max (Mel Gibbon )ට මෙන්} Furiosa නම් ශක්තිමත් රණශූරියක් ඇත.
🖤🖤🖤

Imorrtan Joe – ඒකාධිපති පාලන තන්ත්රය (රෙජීමය)👑
Citadel- පශ්චාත් මුඩුබිම්කරණය වු අරාජික දේශය
Furiosa- ස්ත්රීවාදය 🤛
Nux- 💉ආගම
Max- අරගලය 
Valhalla – කල්පිත සිහින පාරාදීසය

Dear Furiosa ,

Hope is a mistake , if you can’t fix whats broken,you ll go insane.
– Max –

#Lasithweerasinghe🖤🦍 #විප්ලවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *