Life Story Of Arnold Schwarzenegger

Life Story Of Arnold Schwarzenegger

Jansz Marshal Toney Anjalo ගේ ඡායාරූපය

ඕනෑම කෙනෙකුට තමන්ට කියලා නිර්මාණය වුන විෂයක් තමන්ගේ පසුපසින්ම ගමන් කරනවා , අධ්යාපනයෙන් ලබා දෙන විෂයන් ඉගෙනගෙන ජයග්රහණය කලොත් ජීවිතය ජය ගන්න පුළුවන් ඒකම තමන්ගේ විෂය ඉගෙනගෙන ජයග්රහණයක් කලොත් ➡️ [කතාවට කියන්නේ මුලු ලෝකෙම අතට ගන්න පුළුවන් කියලා] අන්න ඒ වගේ මුලු ලෝකෙම අතට ගන්න පුළුවන්….

අපි හැමෝටම පොඩි හෝ ලොකු සිහිනයක් අනිවාර්යෙන්ම තියෙනවා , 50% ක් ඔහුන්ගේ සිහිනය වෙත යනවා ඉතුරු 50 පොඩි පොඩි හේතු කියලා එකම තැන නැවතිලා ඉන්නවා., ගොඩක් දුරට සල්ලි නෑ කියලා තමා කියන්නේ හැමෝම හැබැයි මම දැන් කියන්න යන පුද්ගලයා ⬇️

Arnold Schwarzenegger - training, diet and motivation of the ...

[තමන්ගේ සිහිනය වෙත යාමට සල්ලි නෙමෙයි වැදගත් තමන්ගේ විශ්වාසය විතරයි වැදගත්] කියලා නිකම් කටින් විතරක් කියන්නේ නැතුව ඒ දේ ක්රියාවලියක් විදිහට පෙන්නුම් කල පුද්ගලයෙක්..

තමන්ගේ විෂය කුමක්ද කියලා සොයාගෙන ඒ විෂයෙන් ජයග්රහණය කරලා මුලු ලෝකෙම ජයගත් පුද්ගලයෙක්…

Arnold Schwarzenegger ⬇️

1947 ජූලි 30 වෙනිදා Austria නමින් හදුන්වන පොඩි රටක thal කියන පොඩි ගමක පිරිමි දරුවෙක් උපත ලබනවා , තමන්ගේ ඇස් වලින් මේ ලෝකයේ සුන්දරත්වය බලන්න යන්නේ කියන ආසාවෙන් එම දරුවා ඔහුගේ ඇස් දෙක හිමිට හරිනවා , ඒම ඇස් දෙක ඇරලා බලනකොට තමයි එම දරුවා දැන ගන්නේ , ඔහු මේ ලෝකෙට ආවේ වැරදි මොහොතක කියලා., ➡️ එම දරුවා ඔහුගේ දෙමාපියන්ගේ මුහුණෙන් වැටෙන කදුළු බලනවා , [ අපිටම ජීවත් වෙන්න විදිහක් නෑ , දැන් උඹත් අපි ගාවට ඇවිත් මැරෙන්න ද හදන්නේ , කොච්චර කල් පණ පිටින් ඉන්නද උඹ , ඒම පණ පිටින් හිටියත් ලොකු වෙලා උඹ මේ පව්කාර ලොකය තුළ මොනා කරන්නද ] කියලා කියන ඔහුගේ දෙමාපියන්ගේ දුකට ඇහුම්කම් දෙනවා වගේම , ඔහුගේ ගෙදරින් පිට ඇහෙන ➡️ [ මට මොනා කලත් කමක් නෑ මගේ ළමයට මුකුත් කරන්න එපා , දවස් දෙකක් තිස්සේ ළමයට කන්න නෑ මොනවහරි කන්න දෙන්න[ කියලා අඬන කෑ ගහන ජනතාවගේ දුකටත් එම දරුවා ඇහුම්කම් දෙනවා…

ඒ කාල වකවානුවේ මොන දුකක් මොන විදිහේ ප්රශ්නයක් තිබුනත් එම දරුවා තාම පොඩි , ඔහු දුකක් දැක්කත් දුකකට ඇහුම්කම් දුන්නත් ඔහුට ඒ දුක තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තිබුණේ නෑ , ඒ නිසා මොනා වුනත් එම දරුවාගේ මුණේ ලස්සන පොඩි සිනාවක් විතරයි තිබුණේ…

ඒ වගේම ඒ කාල වකවානුව ➡️ දෙවෙනි ලෝක යුද්ධය අවසන් වූ කාල වකවානුව වේ., Austria පොඩි රටක් වගේම Germany එකට ගොඩක් සමීපව තිබු රටක් , ඒ නිසා ඔහුන් අනිවාර්යෙන්ම Germany එකට තමා සහයෝගයක් ලබා දෙන්න ඕනේ., හැබැයි දෙවෙනි ලෝක යුද්ධයෙන් Germany පරාජයට පත් වුන නිසා පොඩි රටක් වෙන Austria වට ලොකු බලපෑමක් එල්ල වුනා…

මේ එක හේතුවක් නිසාම Austria රටේ ඉන්න සෑම පුරවැසියෙක්ම මත්පැන් වලට ඇබ්බැහි වෙලා ළමයින්ට කන්න දෙන්නේ නැතුව බිරිදට වද දී සම්පූර්ණ ජීවිතයම මත්පැන් වෙනුවෙන්ම කැප කලා., ඒ අතර අපේ Arnold ගේ පියත් ඉන්නවා., Arnold ගේ පියා Gustav Schwarzenegger පොලිස් නිලධාරියෙක් වගේම , යුද්ධයෙන් පරාජය වුන නිසා ඔහු ගොඩක් මානසිකව වැටිලා හිටියේ , ඒ වගේම Arnold ට කලින් උපත ලැබූ ඔහුගේ සහෝදරයා වෙන Meinhard Schwarzenegger ට තමයි ඔහුගේ තාත්තා ගොඩක් ආදරය කලේ හැබැයි ඒ ආදරය Arnold ට ඔහුගේ තාත්තා දුන්නේ නෑ., ඔහුගේ තාත්තා විතරක් නෙවෙයි thal ගමේ ඉන්න ජනතාවත් Arnold ට කැමති නෑ ඇයි කිව්වොත් Arnold පොඩි කාලේ ගොඩක් කෙට්ටුයි වගේම අංගවිකල දරුවෙක් වගේ ඒ නිසාම එම ගමේ ඉන්න කුඩා දරුවගේ ඉදන් හැමෝම Arnold ට එක එක නම් කියලා අපහාස කරනවා…

මේ නිසාම Arnold ලේසියෙන් ගෙදරින් එලියට යන්නේ නෑ ඇයි කිව්වොත් ➡️ ඔහුව බලන ගමේ ජනතාව ඔහුව බලන බලන පාරට [අන්න කූඹියෙක් එනවා , අඩෝ උඹ ඇයි බං එලියට එන්නේ , ගෙදර්ට පලයන් නැත්නම් හුළඟට ගාගෙන යයි] කියලා විහිලු කරනවා වගේම තමන්ගේ කේන්තිය නැති කර ගන්න ➡️ ගමේ කොල්ලෝ එකතු වෙලා Arnold ට සෙල්ලම් කරන්න කතා කරනවා , කවුරුත් තමන් එක්ක එකතු වෙන්නේ නෑ කියන සාංකාවෙන් ඉන්න Arnold ට කවුරු මොන වගේ වැඩකට වුනත් ආදරෙන් කතා කලොත් [හරි මම එන්නම්] කියලා යනවා , අන්න ඒ වගේම තමයි කොල්ලෝ හැමෝම එකතු වෙලා සෙල්ලම් කරන්න කතා කරද්දි [හරි මම එන්නම් හැබැයි මට කූඹියා කියලා බැනලා එලවන්න එපා] කියලා Arnold සෙල්ලම් කරන්න යනවා., සෙල්ලම් කරන්න ගියාට පස්සේ හැමෝම වට වෙලා Arnold ට ගහන්න පටන් ගන්නවා , ඉටපස්සේ තමයි Arnold දැන ගන්නේ [මෙයාලා මට සෙල්ලම් කරන්න නෙමෙයි කතා කරලා තියෙන්නේ ගහන්න තමයි කතා කරලා තියෙන්නේ] කියලා…

මේ විදිහටම හැම පාරම වෙනකොට ඔහුට පොඩි බයක් දැනෙනවා [මෙයාලා මාව ගහලම මරලා දායි] කියලා , බය වැඩි වෙන්න කලින් Arnold තීරණයක් අර ගන්නවා [මම මේ ගැන මගේ තාත්තට කියනවා එතකොට තාත්තා ගමේ අයට තරවටු කරයි] කියලා , ඉතින් ඔහු ඔහුගේ පියාට මේ ගැන කියනවා , එතකොට ඔහුගේ පියා දෙන උත්තරේ ⬇️

[ඉතින් මැරිලා පලයන් මට මොකො] කියලා ඔහුගේ බෙල්ටි එක ගලවලා Arnold ට ගහන්න යනකොට Arnold ගේ මව ඇවිත් [මේ අපේ පුතා එයාගේ ඇගේ හැටි බලන්න , එයාට පුළුවන් ද විසිදෙනෙක් ගෙන් විතර ගුටි කන්න , ඔයා එයාට කැමති නැත්නම් වෙන කාටහරි ගිහින් එයාව දෙන්න යන තැන හරි හොදින් සතුටෙන් ඉදිවී නැත්නම් අපිම කෑමට මොනවහරි දාලා එයාව මැරුවනම් හරි ඒකෙන් එයාට වේදනාවක් නැති වෙයි., ඒම නැතුව එක එකාගෙන් ගුටි කාලා උපරිම වේදනාවක් විදවලා මැරෙණ තරම ඒ කොල්ලා කල පව මොනාද] කියලා Arnold ගේ මව Arnold ගේ පියාට කෑ ගහන්න අරගෙන., කේන්ති ගිය Arnold ගේ පියා ඔහුටයි ඔහුගේ මවටයි දෙන්නටම බෙල්ටි එකෙන් ගහන්න අරගෙන……

මේ දේ Arnold ගේ හදවතට ලොකු බලපෑමක් එල්ල කරන්න ගන්නවා වගේම [මම මේ කොයිද ඉන්නේ ? මම සීන ලෝකයක හිර වෙලාද ඉන්නේ] කියලා ඔහු ඒ ගැන ගොඩක් කල්පනා කරන්න ගන්නවා , පහුවෙනිදා පාසලට ගියාම පාසල් ශිෂ්යයන්ට පොඩි Documentary චිත්රපටයක් පෙන්නුම් කරනවා , ඒ චිත්රපටයෙන් ඇමරිකාවත් පෙන්නුම් කරනවා., පලවෙනි වතාවට ඇමරිකාව බලන Arnold ට ඇමරිකාව කෙරෙහි ලොකු කැමත්තක් ඇති වෙනවා [මේ තියෙනවාට වඩා ලොකු පාරවල් තියෙනවා නේද ඒ ? ලොකු ලොකු ගොඩනැගිලිත් තියෙනවා , අර බලන්න ළමයි ඔක්කොම සමගියෙන් සතුටෙන් සෙල්ලම් කරනවා , මමත් ඇමරිකාවට ගියා කියන්නේ මාවත් සම සමව තියලා සලකයි නේද] කියලා Arnold ඇමරිකාවට යන්න තීරණය කර ගන්නවා…

කලිසමවත් හරි විදිහට ඇද ගන්න බැරි වයසේ ඇමරිකාවට යනවා කියලා තීරණය කර ගත්තට මොකො ඒ දේ කොච්චර ලොකු අමාරු වැඩක්ද කියලා ඔහු දැනගෙන හිටියේ නෑ හැබැයි [මම අනිවාර්යෙන්ම ඇමරිකාවට යනවා] කියලා ඔහුම ඔහුව තදින් විශ්වාස කලා., තමන් තමන්ව විශ්වාස කලොත් වෙනස වුනත් වෙනස් කරන්න පුළුවන් වගේ Arnold ඔහුව විශ්වාස කල නිසා දවසක් ඔහු පිටියක සෙල්ලම් කරගෙන ඉද්දි ඔහු පොඩි magazine එකක් බලනවා , අපිට ඒ magazine එක සාධාරණ පොතක් විදිහට පෙනුනට මොකො Arnold ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට මුල්ම හේතුව ඒ magazine එක සහා එම magazine එක තුල තිබුණ එම ඡයාරූපය…

එම magazine එකේ මුල් පිටුවේ body builder කෙනෙක් ගේ ඡායාරූපයක් තියෙනවා , එම ඡයාරූපය Arnold දකිනවා වගේම [කවුද මේ ? ඇයි මෙයාගේ ඡායාරූපයක් මුල් පිටුවේ දාලා තියෙන්නේ] කියලා Arnold ට ලොකු පේලිකාවක් ඇති වෙනවා , ඒ පේලිකාවට පිළිතුරු හොයන විදිහට Arnold ඒ body builder ගැන දැන ගන්න ඒ පොත කියවන්න ගන්නවා , ඉටපස්සේ තමයි ඔහු දැන ගන්නේ ➡️ ඒ body builder ඉංග්ලන්ඩ් දුප්පත් ජාතිකයෙක් බවත් , ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව හැම දාම පැය පහකට වඩා ව්යායාම් කරලා , Mr. Universe නමින් හදුන්වන එංගලන්තයේ ඉහල සම්මානයක් ලබාගෙන , එම සම්මානය ලබා ගත්තට පස්සේ ඇමරිකාවට ගිහින් ලොකු නළුවෙක් විදිහට ගොඩනැගී එන බවත්…

ඒ ලිපිය කියෙව්වට පස්සේ Arnold පුංචි සිනාවක් දාලා , [හරියට හරි මමත් ඔය විදිහට තමයි ඇමරිකාවට යන්නේ] කියලා තීරණය කර ගන්නවා., එතකන් [මම ඇමරිකාවට ගිහින් මොනාද කරන්නේ] කියලා හිතාගෙන හිටිය Arnold ට ලොකු අරමුණක් ලැබෙනවා., ඒ වෙලේම එම magazine එකෙන් ඒ body builder ගේ ඡායාරූප ඔක්කොම ඉරලා අරගෙන , ගෙදර්ට ගිහින් ඔහුගේ කාමරේ බිත්තියේ ඒ ඡයාරූප ටික අලව ගන්නවා වගේම කොයි ගියත් එතන body builder කෙනෙක් ගේ ඡායාරූපයක් තිබුනොත් ඒ ඔක්කොම ටික අරගෙන ඇවිත් ගේ ඇතුලේ අලවලා ලස්සන බලාගෙන ඉන්නවා., ඒ වගේම පවුලේ හැමෝම රෑ කෑමට මේසේ ගාවට යනකොට Arnold අම්මා ගාවට ගිහින් [අම්මේ විනාඩි 10ක් ඉන්නකො මම එනකන්] කියලා කියනවලු , අම්මා ඇයි පුතේ කියලා ඇහුවම [ අම්මේ මම ලොකු body builder කෙනෙක් වෙන්න යන්නේ ඒ නිසා කන්න කලින් Sit-up 10ක් කරලා තමයි කන්න ඕනේ] කියලා , දුවලා ගිහින් Sit-up 10ක් කරන්න ගන්නවලු., මේ දේ බලන ඔහුගේ අම්මට කේන්තියක් එනවා වගේම ලොකු බයක් දැනෙන්න පටන් අරන් ⬇️

Arnold Schwarzenegger celebrates Father's Day with his children ...

[ගේ ඇතුලේ ඇදුම් නැති පිරිමින්ගේ ඡයාරූප තියාගෙන ඉන්නවා ඒ මදිවට දැන් නැමිලා පහත් වෙලා මොන මොනාදො කරනවා , සමහරක් විට මගේ පුතා සමලිංගිකයෙක් බවට පත් වෙනවද මන්දා] කියලා Arnold ගේ මවට Arnold කෙරෙහි සැකයක් ඇති වෙනවා., ඉටපස්සේ Arnold ගේ මව Arnold ව දොස්තර කෙනෙකුට මුණගස්සනවා , ඒ දොස්තර Arnold ව සම්පූර්ණයෙන්ම පරික්ෂා කලාට පස්සේ ➡️ [නෑ අම්මේ ඔයාගේ පුතාට කිසිම ප්රශ්නයක් නෑ , හැබැයි එයාගේ හදවතේ ලොකු අරමුණක් තියෙනවා , ඒ අරමුණ කෙරෙහි තියෙන ඇබ්බැහි වීම නිසා තමයි ඔහු ඒ විදිහට හැසිරෙන්නේ] කියලා Arnold ව පරික්ෂණ කල දොස්තර Arnold ගේ මවට පවසනවා…

පොඩි කාලේ ඒ තරම් පුහුණු වීමේ ක්රම දන්නෙ නැති නිසා ගමේ ඉන්න body builder’s ගාවට ගිහින් [සර් මට පුහුණු වෙන ක්රමයක් කියලා දෙන්න] කියලා , හැම කෙනෙක්ගෙන් ම එක එක ක්රමයක් ඉගෙනගෙන ගෙදර්ට ඇවිත් පුහුණු වෙලා බලනවාලු., කොච්චර පුහුණු වුනත් Workout Instrument තිබුනොත් තමයි ඒ පුහුණු වීමට ප්රථිපලයක් ලැබෙන්නේ ඒත් කමක් නෑ මට ගලක් ඇති කියලා , අතට ලොකු ගලක් අරගෙන පුහුණු වීම් කරගෙන යනවලු ඒ අතර පොඩි පොඩි වැඩ කරලා ඇමරිකාවට යන්න එයාට පුළුවන් විදිහට සල්ලි එකතු කර ගන්නවලු , ඒ සල්ලි ඇමරිකාවට යන්න තරම් මදි වුනත් ඔහුට ලොකු අයියක් ලබා දුන්නා වගේම තවත් පැත්තකින් දෙමව්පියන් ගෙන් ප්රශ්න වැඩි වෙන්නත් ගත්තා ⬇️

[පොඩි එකෙක් යන්න යන්න හරි යයි කියලා බැලුවොත් , උඹ එලියේ තියෙන ගල් ටික අරගෙන ඇවිත් ගේ ඇතුලට දානවා ඇහුවොත් පුහුණු වීම් කියලා කියනවා , ඔය වැඩේ හරි යන්නේ නෑ ඔය ගල් ටික ගිහින් එලියට දාපන් , උඹ පොලිස් නිලධාරියෙක් වෙන්න ඕනේ එතකොට තමයි උඹේ අනාගත ජීවිතය හොදට තියෙයි , ඊට කලින් උඹ Army Training එකට යන්න ඕනේ] කියලා , Arnold ව ගෙනියලා Army Camp එකකට අත්හැරලා එනවා ඔහුගේ දෙමාපියන්., Army Training ගියාට මොකො ඔහුගේ අරමුණ නැති වුන පාටක් නෑ , training ගිහින් සතියක් යන්න කලින් ඔහු දැන ගන්නවා Army Camp එකට එහා පැත්තේ ජිම් එකක් තියෙනවා කියලා , ඒ ගැන දැන ගත්තට පස්සෙ හැම දාම training ඉවර වෙලා camp තාප්පෙන් එහා පැත්තේ තියෙන ජීම් එකට ගිහින් රෑ වෙනකන් පුහුණුවීම් කරලා පාන්දර දෙකට තමයි camp එකට යන්නේ., ගිය අලුතේ මේ ගැන කාටත් වැඩිය දැන ගන්න පුළුවන් වුනේ නෑ හැබැයි යන්න යන්න මුලු camp එකම ඔහු කරන ඒ හොර වැඩේ ගැන දැන ගෙන ඒකට හරියන දඩුවම් දුන්නා වගේම [දැන් ඉතින් උඹ හවස පහෙන් පස්සේ එලියට යන්නේ] කියලා , Arnold ගැන හොයලා බලන්න කියල වෙනම නිලධාරීන් දෙදෙනෙක්ව පවරලා තියෙනවා…

කොච්චර හිර කරන්න හැදුවත් ඔහුගේ අරමුණ ඔහු හිර කර ගත්තේ නෑ ඒ නිසා තමයි යුරෝපයේ body builder තරගයක් තියෙනවා කියලා දැන ගත්ත Arnold camp එකෙන් පැනලා ගිහින් ඒ තරගයට සහභාගි වෙන්නේ , සහභාගි විතරක් නෙවෙයි ඔහු එම තරගයෙන් ජය ගන්නවා., මේ ගැන Army camp එකෙන් දැන ගත්තට පස්සෙ Army camp එකෙන් Arnold ව අස් කරනවා එලියට එන Arnold [මේක තමයි බං මගේ වෙලාව , දැන් තියෙන්නේ Mr. Universe එක විතරයි ඒකත් ජය ගත්තා කියන්නේ මට ඇමරිකාවට ගිහින් Mr. Olympia ජයග්රහණය කරලා සිනමාවට ඇතුල් වෙන්න පුළුවන්] කියලා , Army එකට ගිහින් එකතු කර ගත්ත සල්ලි ටිකයි ගෙදර ඉන්නකොට එකතු කරපු සල්ලි ටිකයි එකතු කරලා , එංගලන්තයට යන්න සූදානම් වෙනවා හැබැයි එංගලන්තයට ගිහින් මොනාද කරන්නේ කොහොමද ජීවිත් වෙන්නේ කන්නේ කියලා මේ ගැන මුකුත්ම හිතලා නෑ , ඔහුගේ අරමුණක් වෙන Mr. Universe , Mr. Olympia , Cine Industry මේ තුන ගැන විතරයි ඔහු හිතලා තියෙන්නේ…

ඔහු හිතුවා වගේම Mr.Universe එකට සහභාගි වෙනවා , හැබැයි සහභාගි වුනාට පස්සේ තමයි ඔහු දැන ගන්නේ Mr.Universe ජයග්රහණය කරන්න කොයි තරම් කැප වීමක් සහා උත්සාහයක් ඕන කරනවද කියලා ඇයි කිව්වොත් ➡️ ඒ තරගයට සහභාගි වුන body builders එක්ක බලනකොට Arnold ගේ ඇග ඇත්තටම ඔහුගේ ගමේ අය කියනවා වගේ කූඹියෙක් වගේලු තිබුණේ., ඔහු ඒ තරගයට සහභාගි වුනාට පස්සේ [එච්චරයි නේද මට දැන් ඉතින් බෑ නේද , මම කොහොමද ඔය වගේ ඇගක් හදා ගන්නේ] කියලා දුකෙන් ඉන්නකොට , ඒ තරගයේ ජච් කෙනෙක් ඇවිල්ලා [කවුද පුතේ ඔයා කොහේ ඉදන්ද එන්නේ , ඔයාගේ ඇගේ හැඩය ගොඩක් ලස්සනයි] කියලා කියනවා , ඒකට Arnold [සර් මම Austria වේ ඉදන් Mr. Universe එක වෙනුවෙන් ආවේ , ආවට පස්සේ තමයි දැන ගත්තේ මගේ ඇග මේ තරගයට ගැලපෙන්නේ නෑ] කියලා , ඉටපස්සේ ඒ ජච් [පුතේ ඔයා මෙච්චර දුරක් ආව එකම ලොකු දෙයක් , හැබැයි mr. Universe ජය ගන්න ඕනේ නම් තව ටිකක් ඇග හදා ගන්න වෙනවා , ඔයා දැන් මේ ඉදලා මොන ජීම් එකටද යන්නේ] කියලා එම ජච් අහනකොට , Arnold [නෑ සර් මගේ ලග මෙච්චරයි සල්ලි තියෙන්නේ , මට ආයේ මගේ ගමට යන්නවත් සල්ලි නෑ සර්] කියලා උත්තර දෙනවා , ඒක ඇහුවට පස්සේ ඒ ජච්ට ලොකු දුකක් ඇති වෙලා [පුතා එන්න මගේ ගෙදර්ට , මගේ ගෙදර උඩ තට්ටුවේ ජිම් එකක් තියෙනවා , එතනින් ඔයාට පුහුණු වෙන්න පුළුවන් , පුහුණු වෙනකොට ගන්න ඕන කෑම වර්ග මොනාද කියලා මම ඔයාට කියන්නම් , පුහුණු වෙන කාලය හැර ඉතුරු කාලය තුළ පුළුවන් රැකියාවක් කරලා ඔයාට ඕන කරන දේවල් ටික කර ගන්න] කියලා ඒ ජච් Arnold ව ඔහුගේ ගෙදර්ට අරගෙන යනවා…

එම ජච් ගේ පවුල ගොඩක් විශාල පවුලක් නිසා සද්දේ ගොඩක් වැඩියෙන් තියෙනවා නමුත් කිසිම දෙයක් කර ගන්න බැරි මොහොතකදී ඉන්න තුනකුත් දීලා පුහුණු වෙන්න ජිම් එකකුත් දුන්න නිසා මේ අවස්ථාව අත්හරින්න Arnold ට හිත දුන්නේ නෑ ➡️ හැම දාම පාන්දරින්ම නැගිටලා , දවසේ පඩියට කුලි රස්සාවක් තියෙනවාද කියලා බලන්න යනවලු , හැම කෙනෙක් ගාවටම ගිහින් [සර් මට රස්සාවක් දෙන්න , හැමෝ ටම දෙන පඩිය මටත් දෙන්න හැබැයි මම හැමෝටම වඩා තුන් ගුණයක් වැඩ කරන්නම්] කියලා කියනවලු , එතකොට එතන ඉන්න හැමෝම [බය වෙන්න රස්සාවක් දෙන්නම් හැබැයි නිකන් බොරු කතා කියන්න එපා] කියලා විහිලු කරනවලු හැබැයි ඔහු කිව්වා වගේම හැමෝටම වඩා තුන් ගුණයක වැඩක් කරන්නේ ඔහු පමණයි., හවස් වෙනකන් වැඩ කරලා ලැබෙන පඩියෙන් ඔහුගේ ශරීරයට ඕන කරන දේවල් අරගෙන ජිම් එකට ගිහින් පාන්දර වෙනකන් පුහුණු වීම් කරලා , පැයක් පමණක් නිදාගෙන ආයේ කුලි රස්සාවට යනවලු., මේ කාලය Arnold ගේ දුක්බර කාලයක් කියලා කිව්වත් වැරදි නෑ ⬇️

ටිකක් හිතලා බලන්න ➡️ උදේ පාන්දර නැගිටලා කුලි රස්සාවට ගිහින් ගල් කඩලා සිමෙන්ති මූට්ට උස්සලා හවසට ජිම් ගිහින් පුහුණු වීම් ගන්නවා කියන්නේ 😮 කුලි රස්සාව කලත් ඇගට වේදනාවක් දැනෙනවා , ජිම් ගිහින් පුහුණු වෙනකොටත් ඇගට වේදනාවක් දැනෙනවා , මේ දෙකටම අඩුම ගානේ පැය තුනක විවේකයක් වත් ඕන කරනවා හැබැයි Arnold උපරිම පැයක විවේකයක් පමණයි ලබා ගන්නේ., කුලි රස්සාවට ගිහින් ඒ වේදනාවත් එක්කම ජිම් එකට ගිහින් පුහුණු වීම් ගන්න සුදානම් වෙනවලු හැම දාම , පුහුණු වීම් ගන්නකොට [මේ පාර මේක ටිකක් වැඩියෙන් කරමු] කියලා දවසෙන් දවස තමන්ගේ පුහුණු වීම වැඩි කරනවා මිසක් මහන්සි මට බෑ කියලා පැත්තකට වෙන්නේ නෑලු ඇයි කිව්වොත් ➡️ [මගේ පුහුණු වීම් කාලය වැඩි කරන්න කරන්න , මගේ අරමුණට මට ඉක්මනින් යන්න පුළුවන් වෙයි] කියලා විතරයි ඔහු අරමුණක් විදිහට තියාගෙන හිටියේ…

ඒ අතර කාලය අඩු වෙන්න වෙන්න [තව අවුරුද්දයි තියෙන්නේ තරගයට මේ පාර බැරි වුනොත් ගෙදර තමා යන්න වෙන්නේ] කියන බයට ඔහු කොයි තරම් කැප වුනාද කියලා ඔහුගේ ජයග්රහණයෙන් ම කියන්න පුළුවන් ➡️ ලොකේ ප්රථම වරට තරුණ කොල්ලෙක් Mr. Universe පට්ටම ලබා ගෙන තියෙනවා ඒ වෙන කවුරුත් නෙවෙයි Arnold., ඒ පට්ටම දෙනකොටම 1st Time කියන වචනෙන් තමයි Announcement කරන්න පටන් ගත්තේ , එතකොටම ටිකක් හිතලා බලන්න ඔහුගේ පුහුණු වීම් ගැන., ඒ වගේම ඔහු එක Mr. Universe එකකින් නැවතුනේ එක දිගට පස් වතාවක් Mr. Universe පට්ටම දිනලා තියෙනවා., ඒම බැලුවොත් ඔහුගේ දෙවෙනි අරමුණ Mr. Olympia…

Arnold Schwarzenegger : 1975 Mr. Olympia vs. 1980 Mr. Olympia ...

Arnold Schwarzenegger : 1975 Mr. Olympia vs. 1980 Mr. Olympia

ඒ වෙනුවෙනුත් ඔහු කොයි තරම් කැප වුනාද කියලා ඔහුගේ ජයග්රහණයෙන්ම කියන්න පුළුවන් ➡️ ලොකේ ප්රථම වරට Mr. Olympia පට්ටම ලබා ගත් (තරුණයා) වෙන කවුරුත් නෙවෙයි Arnold තමා  Mr. Olympia පට්ටමත් එකම එකකින් නවත්තන්නේ නෑ ඔහු , Mr. Olympia පට්ටම විතරක් පස් වතාවකට වඩා ලබා ගන්නා…

හැබැයි මේ දේ නෙමෙයි ඔහුගේ ප්රධාන අරමුණ , මේ ඔක්කොම ඔහුගේ අරමුණ වෙත යාමට ඔහු තෝරා ගත් පාරක් පමණයි., ඔහුගේ ප්රධාන අරමුණ ඇමරිකාවේ සිනමාවට ඇතුල් වීම , body building පැත්තෙන් ඔහු ලොකු කෙනෙක් වුනත් සිනමාවට තාම ඔහු අලුත් වගේම ගොඩක් දෙනෙක්ට ඔහු කවුද කියලා දන්නෙත් නෑ , ඒ නිසා හැම productions company එකක් වගේම director කෙනෙක් ගාවට ගිහින් අවස්ථාවක් ඉල්ලනවාලු., ඒම අවස්ථාවක් ඉල්ලගෙන යද්දී Producer’s directors හැමෝම Arnold ව බලලා හිනා වෙනවලු , [ඇයි සර් හිනා වෙන්නේ මම අවස්ථාවක් නේ ඉල්ලූවේ] කියලා කිව්වම , [කොල්ලෝ උඹ body builder පැත්තෙන් නේද යන්නේ ඒ පැත්තෙන් ම පලයන් , ඇයි බැරි වැඩ කරන්න හදන්නේ , සිනමාවට එනවා කියන්නේ ඒකට කියලා මූණක් තියෙන්න ඕනේ , උඹේ මූණ බලපන් රොබෝ කෙනෙක් වගේ., ඇගේ හැටි බලපන් frame එක ඇතුලට දා ගන්න පුළුවන්ද කියලා 🤦‍♂️උඹට ඉස්සෙල්ලා ඉංග්රීසියෙන් කතා කරන්න පුළුවන් ද කෝ කතා කරපන් බලමු] කියලා අහනකොට Arnold ඔහුට පුළුවන් විදිහට ඉංග්රීසියෙන් කතා කරලා තියෙනවා එතකොට [දැක්කා නේ උඹට ඉංග්රීසියෙන් කතා කරන්නවත් බෑ එතකොට කොහොමද Dubbing කරන්නේ] කියලා අපහාස කරලා Arnold ව එලියට යවනවලු , කොච්චර අපහාස කලත් Arnold ඒකේ තියෙන positive එක විතරයි ලබා ගන්නේ , එයාලා කිව්ව දේවල් වලින් තමන් ලග නැත්තේ මොකක්ද කියලා බලලා ඒ ටික සම්පූර්ණ කරන්න පටන් ගත්තා Arnold ⬇️

ඉංග්රීසියෙන් කතා කරන්න බැරි නිසා ඉංග්රීසි පංතියකට ගිහින් තියෙනවා වගේම හැම දාම රෑ 8 ඉදන් 12 වෙනකන් රංගනය ගැන ඉගෙන ගන්න Acting School එකකට ගිහින් join වෙලා තියෙනවා., ඒ අතර ඔහුගේ ශරීර පුහුණු වීම් වැඩ කටයුතුත් කරගෙනම ඉදලා තියෙනවා., මේ විදිහට යනකොට පොඩි පොඩි tv series වලින් පොඩි පොඩි අවස්ථා ලැබෙනවා ඔහුට , ඔහුත් ඒ අවස්ථා පැත්තකට නොකර ඔහුට පුළුවන් උපරිමයෙන් ම ඒ චරිතයට රංගනයෙන් දායක වෙනවලු , මේ විදිහට පොඩි පොඩි චරිත කරගෙන යනකොට ඔහුගේ සිනමා ගමනට අත්තිවාරමක් දැමු චිත්රපටය තමයි Conan the Barbarian

එම චිත්රපටයෙන් පසු Arnold ටික ටික ටික හොලිවුඩ් සිනමාවෙන් නැගි යන්න පටන් ගත්තා , පොඩි කාලේ ඔහු තීරණය කර ගත් ඒ අරමුණ වෙත ඔහු ගියා වගේම අදටත් ඔහු හොලිවුඩ් සිනමාවේ Super star කෙනෙක්., super star කෙනෙක් විතරක් නෙවෙයි , one of the best Action hero , one of the highest paid actor ඒ වගේම හැමෝම ඔහුට ආදරයෙන් කියන දෙයක් තමා One Man Army 😎

මොන production company එකද ඔහුව බලලා , උඹ රොබෝ කෙනෙක් වගේ , ඔය කටහඬ ඇග සිනමාවට ගැලපෙන්නේ නෑ කියලා කිව්වේ , ඒ ශරීරය , ඒ කටහඬ , ඒ මුහුණ තමයි මගේ චිත්රපටයට ඕනේ කියලා හොලිවුඩ් සුපිරිම director කෙනෙක් කිව්වේ , ඒ වෙන කවුරුත් නෙවෙයි director James Cameron ඒ වගේම එම චිත්රපටයේ නම Terminator…

Consider it a divorce - Schwarzenegger splits with wife Maria Shriver

තමන්ගේ සිහිනය පොඩි වුනත් , තමාගේ හැකියාව බලලා කවුරු හිනා වුනත් , ඒ සිහිනයෙන් ඒ හැකියාවෙන් ඔයා ලොකු තැනකට ගියොත් අනාගතයේදී ඒ සිහිනය සහා හැකියාව හැමෝටම අරමුණක් බවට පත් වෙයි… උදාහරණයක් ලෙස Terminator චිත්රපටය සහා ඒ චිත්රපටයට රංගනයෙන් දායක වුන අපේ Arnold Schwarzenegger ඉන්නවාෆමි

 

 

 

 

#GMWW
#Marshal 🙂🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *