Kaatrin Mozhi (2018) Sinhala Article| සුළගේ භාෂාව |

Kaatrin Mozhi කාට්ට්‍රින් මොලි
( සුළගේ භාෂාව )
2018 ‧ Drama/Comedy ‧ 2h 28m

7.5/10 · IMDb

මේක විද්‍යාබාලන්ගේ රංගනයෙන් බිහිවු Tumhari Sulu හින්දි ෆිලුමේ Remake එකක්. ඒකනම් මම බලල නෑ ඒ නිසා සංසන්දනය කිරීමක් නෑ.

රංගනයෙන් ජෝතිකා:
ජෝතිකාගේ ප්‍රධාන රංගනයෙන් මීට පෙර බිහිවු Naachiyaar වගේම මේ ෆිලුමටත් ජෝතිකාගෙන් හොද සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා. ඒ තරම් ඉහල රස වින්දනයක් සමගම ජීවිතයට වටිනා පාඩමක් ඉගෙන ගැනීමට හැකියාවක් මේ ෆිලුමෙන් ලැබේවි.

අධ්‍යක්ෂණයෙන් රධා මොහන්:
මෙයාගේ ෆිල්ම්කරල තියෙන්නෙ වැඩියෙන්ම ප්‍රකාෂ්‍ රාජ් යොදවගෙන. මේ ෆිලුමට නම තියෙල තියෙන්නෙත් මෙයාගේම ෆිලුමක් වන මොලි හි ජනප්‍රියම ගීතයක් වන කාට්ට්‍රින් මොලි කියන පද පේලිය යොදවගෙන. හැබැයි ඒක හොදටම ගැලපෙනවා .

පවුලක තිබිය යුත්තේ මොනවද ? ඒවා රැකගන්නේ කොහෝමද? සතුටින් ජීවත් වීම සදහා පවුලක් තුල තිබිය යුත්තේ මොනවද කියන දේ ඉතාමත් සරලව කියා දීමට මේ අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. ආදරය එකිනෙකාතුල පවතින විශ්වාසය, ඊටත් වඩා තමන් තුල පවතින විශ්වාසය තරම් තවත් දෙයක් නැතිතරම් එනෙක්ව ජීවත්කරවන්න හා තමන්ගේ ඉලක්කය දිනා ගන්න.

විජි ( ජෝතිකා) කියන්නේ ජීවිතයේ ලොකුවට සිහින මවන නමුත් ඒක මත්තේම නැහෙන්නේ නැති කාලයට අනුව වෙන්ස්විය හැකි ධෛර්යයවන්ත ගෘහණියක්. අයගේ ජීවන රටාවටම හරියන ඇගේ ස්වාමියා හා එකම පුතා. මොවුන්ගේ ජීවිතය එකවරම වෙනස්වෙන්න ගන්නවා විජීගේ අහම්බෙන් FM චනලයක විශේෂ වැඩසටහනක නිවේදිකාවක් ලෙස ලැබෙන රැකියාව නිසා. ඒ වැඩසටහන නම් මිනිසුන්ගේ ඇතිවෙන ප්‍රශ්නය මේ Fm චැනලය හරහා ඔවුන් සමග කතාකිරීමයි. ඉතින් විජි වැඩේනම් නියමෙට කරනවා චැනලයට නැතිවම බැරි නිවේදිකාවක් වෙනකොටම විජිගේ පවුලේ ප්‍රශ්න ගොඩායි පවුලේ සමගිය නැතිවෙලා තිබුන සතුට නැතිවෙලා ඉතින් බලන්න මේවා විජි කොහෝමද විසදගන්නේ කියල. විජීගේ හිතේ තියෙන එක වචනය “මට කරන්න පුලුවන් “. ඔව් අපට උවමනාව හා අනිත් කෙනාගේ හැගීම්වලට ගරුකරන්න පුලුවන් නම් අපට කල නොහැක්කක් නොමැත.

ඒ වගේම සින්දු ටිකත් සුපිරිම .විශේෂයෙන් Benny Dayal හා Swagatha S. Krishnan විසින් ගයන Dirty Pondatti සින්දුව සුපිරිම . මේකට සංගීතය සපයල තියෙන්නේ A. H. Kaashif විසිනුයි.

මගේ පෞද්ගලික මතයනම් සැහෙන කාලයකින් ලස්සන ෆිලුමක් බැලුවා කියන එකයි

සැකසුම: පීටර් බාත්ලට්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *