Jalebi (2018)

🎬Jalebi (2018)

Type : Drama/Romance
Language : Hindi
IMDb : 6.2/10
Running Time : 1h 52 min

 

 

මේ ලෝකේ සමහර ආදර කතා තියනවා අහම්බෙන් හමුවෙලා ආදරය කරත් දෛවය විසින් එයාලගේ ආදරය සදහටම විදින්න ලියවිලා නැති. “Jalebi” කියන්නේ සෑම ආදර කතාවක්ම වගේ “Happily Ever After” වෙන තවත් එක් ආදර කතාවක් නම් නෙමෙයි…
සුඛාන්තයක් නැති දුඛාන්තයක් නැති
නිමාවක් නැති,මීදීමක් නැති බැදීමක් ගැන කතාවක් මේක…

අවුරුදු 21 ක් වුන අයිෂා ලේඛිකාවක් වෙන්න සිහින මවන කෙනෙක් ඇය මුම්බායි නගරයේ සිට දිල්ලි වෙත පැමිණෙනවා.එහිදී ඇයට Tourist Guide කෙනෙක් වෙන දේව් කියන තරුණයා මුණ ගැසෙනවා. අවසානයේ අයිෂා දේව්ට ගොඩක් ආදරය කරන්න පටන් ගන්නවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වෙනවා දේව් අයිශාට ගොඩක් ආදරය කරනවා.මාස කිහිපයකට පසු ඇය ගැබ්ගෙන ඇති බව දැනගෙන ඇය ගොඩක් කලබල වෙනවා.ඇයට තවම අවුරුදු 21 රැකියාව පැත්තෙන් ඇයට ගොඩක් දුර යන්න හීන තියනවා කියලා ඇය දේව්ට කියනවා.ඒත් දේව්ගේ බලවත් ඉල්ලීම සහ ආදරය මත ඇය දරුවා ප්රසූර්ත කිරීමට කැමති වෙනවා.ඔහොම කාලය ගතවෙලා යනවා දේව් සහ අයිශා එයාට ලැබෙන්න ඉන්න දියණිය ගැන ගොඩාක් හීන මවනවා ඇයට දෙදෙනාගේ නම් එකතුකරලා දිශා කියලා නම් තියන්න.ඒත් සෑම ආදර කතාවක්ම අපි හිතන තරම් සුන්දර නැහැ. දෛවය සරදමක්දෝ අයිශාට ලැබෙන්න ඉන්න දරුවා නැති වෙනවා.ඒත් ඒකට දේව්ගේ මවගෙන් තනිකරම දෝශාරෝපණය එන්නේ අයිශාට. මවගේ කියවිල්ල සහ තමන්ගේ දරුවා නැතිවීම ගැන ගොඩක් අසහනයට පත් වූ අයිෂා ට දැනෙනවා දරුවා නැති වීමත් සමග දේව් ඇයට පෙරසේ ආදරය නොකරන බව. ඇය තනියම කාමරයට වෙලා අඩනවා අන්තිමට ආයේ මත්ද්රව්යවලට ඇබ්බැහි වෙනවා.ඊට පස්සෙ ඇය තීරණය කරනවා දේව්ව අතහැරලා යන්න.ඒත් දේව් එයාට ආදරය නිසා ඇයව සොයාගෙන ඒවි කියලා ඇය විශ්වාස කරනවා.

ඇත්තටම ඔහු ඇයට ආදරය කලාද කියන එක ඇයට තවමත් සිතට වදදෙන ප්රශ්නයක්. විරහව නිසා ජීවිතය නැති කරගන්න තරම් මානසිකව වැටුන ඇය වසර හතකට පසු තීරණය කරනවා දේව් අවසාන වරට හමුවෙන්න යන්න. ඒත් දෛවයේ අහඹු හමු වීමක් ලෙස අයිශා දේව් හම්බවෙන්න යන ගමන අතරතුර, මුල්වරට ඇයට අනූ සහ අනූගේ සුරතල් දියණිය වන දිශා හමුවෙනවා. පෙරදිනක හමුනොවූ කෝච්චියේදි දුටු අනු කියන මෙම කාන්තාව සමග සංවාදයේ යෙදෙන අයිශා ඉදිරියේ කෝච්චි පෙට්ටියේදි දිගහැරෙන ඔහුගේත් ඇයගෙත් ආදර කතාවයි මේ…❤️

මං ඔයාට ආදරෙයි…
ඔයත් මට ආදරෙයි…
මගේ ජීවිතයට ආදරයේ 
සෑම පාටක්ම රැගෙනවිත්
වර්ණවත් කලේ නුඹයි
අපි ගොඩක් හීන මැව්වා
ඒත් නිමේශයකින්
ඒ හැම දේම වෙනස් වුනා
ඒකට නුඹ වැරදිත් නෑ 
මම වැරදිත් නෑ
කොහේ කොතන වැරදුනාදැයි
අදටත් බෑ මට හිතා ගන්න
මේ තමයි අපේ දෛවය

ඒත්.. දන්නවද? 
මට ඕන උනේ නෑ… 
රණ්ඩු කර කර නුඹ එක්ක ඉන්න… 
ඉතින්.. මං හිත හදාගත්තා… 
නුඹට යන්න දෙන්න… 
ආදරේ නැති නිසා නෙවෙයි… 
ආදරේ වැඩි නිසා.. 
අපිට අපි මගහැරී
හුගක් දුර ගිහින් දැන්

ඇත්තටම…
නුඹේ සතුට හොයාගෙන
නුඹට යන්න දිලා.. 
හිත හදාගත්ත දවසෙ 
මට දැණුනා..
ජීවිතයේ සැනසීම තියෙන්නේ
අයිතිකරගත්ත තැන නෙවෙයි
අතහරින තැන…

අහම්බෙන් දිනක හමුවුන නුඹ 
තවත් හිතක සතුටින් ඉන්න බව දනිමි
නුඹට මා අතහැරුනාද
මට නුඹ මගහැරුනාද
තවම මට හිතාගන්න බැරි
පිලිතුරක් නැති ප්රශ්නාර්ථයක්
ඒත් අවසානයේ
බිදුණු හදවතක් එක්ක
ඉතිරි වුන මතකයන් එක්ක
අදටත් මං තනියම දුක් විදමි 💔

             හින්දි ෆිල්ම් වලට ආස කරන අය අනිවාර්යෙන් බලන්න. බෙංගාලි Praktan(2016) කියන ෆිල්ම් එකේ Remake එකක් වන Jalebi ෆිල්ම් එක Pushpdeep Bhardwaj විසින් අධ්යක්ශනය කරන ලද සුරූපි නිලි Rhea Chakraborti සහ නවක නලු Varun Mitra විසින් රංගන දායකත්වය ලබා දෙනවා. මේ හින්දි ෆිල්ම් එක ඇසට කදුලක් එක් කරන ලස්සන ෆිල්ම් එකක්. Shreya Goshal ගේ සහ Arijith Singh ගේ හදවතට දැනෙන ලස්සන සින්දු ටිකක් මේ ෆිල්ම් එකේ තියනවා.

#Jalebi #Romance #Hindi

Prathibha Mendis Wickramarathne‎

Leave a Reply

Your email address will not be published. Required fields are marked *