Idhe Kadha Nee Katha Full video With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමග

 

ඔන්න හා හා පුරා කියලා ජනප්‍රිය තෙලුගු සින්දුවකට සබ් එකක් අරගෙන ආවා. අඩු පාඩුනම් ගොඩක් ඇති. දන්න ටික ගලපලා උපසිරැසි ගැන්වූවා.

බැලුවද මහාර්ෂි..
අනිවාර්යයෙන් බලන්න ඇතිනේ. සාර්ථකත්වය පසු පස ගිහින් අන්තිමේ යථාර්ථය තේරුම් අරන්. ගොවියාට පිහිට වුන මිනිසාගේ කතාව. සුපර් ස්ටාර් මහේෂ් බාබු රගපෑ තවත් සුපිරිම නිර්මාණයක්නේ..

මහාර්ෂි චිත්‍රපටය තුල මට දැනුන හැඟීම්බරම ගීතය තමා මේ ගීතය.. Devi Sri Prasad මහත්මයා සංගීතවත් කල, Vijay Prakash කියන ගායන ශිල්පියා විසින් ගායනා කල, Shri Mani කියන ගේය පද රචකයා විසින් රචනා කල මේ ගීතය.. අපි දන්න සිංහල උපසිරැසි එක්ක රස විඳිමු.

අඩු පාඩු නම් ඇති. එහෙම වෙන්න එපැයි. මම තෙලුගු විශාරදයෙක් නෙවෙයිනේ. අවුරුදු ගානක් තෙලුගු චිත්‍රපට බලලා ලබාගත්ත දැනුමෙන් තමයි මේ ටික හරි සිංහලට හරවගත්තේ.

විශේෂ ස්තූතිය කරනවා අපේ sachith vidura dilshan මලයාට එයා තමයි මට කාල රාමුව සකස් කරලා දුන්නෙ. එහෙනම් මීලගට. කවුරුත් ආදරේ කරන ජනප්‍රිය ගීතය යෙවඩු චිත්‍රපටයේ චෙලියා චෙලියා ගීතයටත් සිංහල උපසිරැසි අරං එන්නම්.

මේ ගීතය .. idhe kadha nee kadha
මේ ඔබේ කතාවයි.. ශුද්ධවන්තයාගේ කතාවයි.

මම

මධුශංඛ ලියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *