Dil Bechara ( 2020 ) | Hindi | Movie Review

Dil Bechara ( 2020 ) / Hindi / Drama , Comedy , Romance

සැම විටම ඔයා සමග රැදී සිටින කෙනෙක් . . . ❤️

Dil Bechara trailer creates world record with 5M likes | OK Telugu

එක කාලෙක එක කුමාරයෙකුයි කුමාරිකාවකුයි හිටියා . . .
පොඩි කෙල්ලෙක් වෙච්ච මට අපේ ආච්චි කියපු කතාව පටන් ගන්නේ එහෙම . . .
හැමෝම ඒ වගේ සුරංගනා කතා වලට කැමතියි . . .
ආදරය , සෙනෙහස මේ වගේ දේවල් එකතු වෙච්ච කතා වලට
අපි පිස්සුවෙන් වගේ ආශා කරනවා . . .
හරියට හින්දි චිත්‍රපට වල වගේ . . .
කඩවසම් කුමාරයා , ලස්සන කුමාරිකාව සමග ලස්සන සිංදුවකට නටන්න . . .
ඇස ගැටෙන පළවෙනි මොහොතේම ඒ ආදරණීය පෙනුම . . .
බොරු පොරොන්දු වලින් පුපුරා යන ආදර ගීත
අන්තිමට සතුටුදායක අවසානයක් . . .
ඒත් ඒ අපි දකින සත්‍යට වඩා
හාත්පසින්ම වෙනස් දෙයක් . . .
ආච්ච්ගේ කතාව ඇත්ත . . .
එක කාලයක එක කුමාරයෙකුයි , කුමාරිකාවකුයි හිටියා . . .
අවසානයේදී ඔවුන් දෙදෙනාම මිය ගියා . . .

කොලේජ් එකේ මම ගත කලේ හැංගුණ ජීවිතයක්. අනික් ලමයි ගෙව්ව ජීවිතේ මට ගත කරන්න ලැබුනේ නැහැ. හැබැයි මම එයාලට ඊර්ෂියා කලේ නෑ. ඒක මගේ ලැබීම වෙන්න ඇති. අනික් ළමයි සෙල්ලම් කරදිදී , ආදරය කරද්දී , සිප ගද්දී , සිංදු කියද්දී , නටද්දී මම කලේ මග හැර යාම. ඒ මගේ නොලැබීම නිසා වෙන්න ඇති. ඒත් මගේ ජීවිතයේ ඒ තමයි මම දුක් වුණ තැන , ඒක කියන්නේ මගේ හිත. මම ගත කලේ මගේම ලෝකෙක , මටම උරුම වුණ නීරස ජීවිතයක්.

එයාලා හැමෝම මට ආගන්තුකයෝ . . .
ඒත් මම දන්නේ නැහැ ඇයි මම එයාලව බදාගෙන ඉන්නේ කියලා . . .
ඒකෙන් එයාලගේ තනිකම
පොඩ්ඩක් හරි මට අයින් කරන්න
පුළුවන් කියලා මට හිතෙනවා . . .
නැත්නම් ඒ මගේද ?
ජම්ෂෙඩ්පූර් වල තමා තියෙන්නේ
මගේ පුංචි ලෝකය . . .
මගේ නම ” කිසී බාසු “
ඇයි කියලා අහන්න එපා . . .
මගේ කම්මැලි ලෝකයට සාදරෙන් පිළිගන්නවා . . .
උදේට , දවල්ට ,රෑට හැමවෙලාවෙම බෙහෙත්
මම තාත්තා එක්ක නැෂනල් ජෝග්‍රැෆික් බලන්න පටන් ගන්නවා . . .
මම හිතන්නේ එයා මිනිස්සුන්නට වැඩිය සතුන්ට කැමතියි . . .
හේ කිසී , මේක කන්න , ඒ මගේ අම්මා . . .
බෙංගාලියි , එයාලගේ චීස්කේක්
එක්ක එහෙම කරන්න . . .
මට මගේ පිළිකාව එන්න කලින්
දියවැඩියාව නිසා ,
මාව මැරෙයි කියලා මට විශ්වාසයි . . .

පිළිකාව තමයි මගේ ජීවිතය මට නැති වුණ තැන. මම ජීවිතයට වෛර කළාද ? ඒක මටම කියන්න බැරි , මම තාමත් උත්තර හොයන ප්‍රශ්නයක්. මම හිනා වුණාද ? නෑ ගොඩක් වෙලාවට. නෑ හැම වෙලාවෙම මම හිනා වුනේම නැහැ. මගේ ජීවිතේ මට නීරස තැනක් කලේ මේක. හැබැයි දැන් දැන් මම හිනාවෙන්න පටන් අරන්. ඇයි ? 😄

ඔව් මට පිළිකාවක් තියෙනවා . . .
තයිරොයිඩ් වල පිළිකාවක්
එතකොට මේ සිලින්ඩරය තමයි
මගේ හොදම යාළුවා . . .
පුෂ්පින්ඩර් ය.
ඒ ඔක්සිජන් තමා මගේ ආශිර්වාදය
ඒකේ බර මගේ බර වගේම තමා . . .

මගේ ජීවිතය රැදුනේ මෙතන. ඒ පුෂ්පින්ඩර් මගේ හොදම යාළුවා මත. මම යන්නේ කොතනද එයා මගේ පස්සෙන්. මම හුස්ම ගන්න වාරයක් පාසා මම ඔයාට ණයයි.

ඒත් හොදම කෙනා
මගේ ඩොක්ටර් ජාන් . . .
එයා මට කියන්නේ මම හරි ශක්තිමත් කියලා,
විකාර . . .
මට ශක්තිමත් වෙන්න ඕනෑ නැහැ . . .
මට ඕනෑ සාමාන්‍ය කෙනෙක් විදිහට ඉන්න.
මට සාමාන්‍ය කෙල්ලෙක් වගේ හිනාවෙන්න.
සාමාන්‍ය හේතුවක් නිසා අඩන්න පුළුවන් වෙන්න ඕනෑ . . .
රෝසපාට සාය ඇදන් ඉන්න කෙල්ල ගැන ඕපාදූප කියන්න මට ඕනෑ . . .
ඒ වගේම මට ඕනා මගේ විද්‍යාලයේ , කඩවසම්ම පිරිමි ළමයා ,
මගේ පස්සෙන් එන්න . . .

මම එහෙම හිතුවට වැරදි නැහැ. ඒක තමයි තරුණ කෙල්ලෙකුගේ හැගීම. ඔයාලට දැනෙනවද ? පිළිකාවකින් පෙලෙන්නෙකුගේ වේදනාව ? නැහැ. ඔයාලට දැනෙන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරනවා කවදාවත් ඔයාලට ඒ වගේ හැගීමක් දැනෙන්න අවස්ථාවක් උදා නොවෙන්න කියලා. ඒක හරිම අමාරු දෙයක්. කොයි තරම්ද කියනවා නම් ඒක මට කියන්න වචන නැහැ. මා එක්ක මේකෙන් වේදනා වින්ද තවත් දෙන්නෙක් ඉන්නවා. ඒ මගේ අම්මයි , තාත්තයි. එයාලගේ උගුරෙන් පහළට ගිය හැම කෑම කටක්ම ගත්තේ එයාල රස බලන්න නෙවෙයි. ඒ එයාලා මම වෙනුවෙන් ජීවත් වෙලා ඉන්න ඕනෑ නිසයි.

ඒ නමුත් ගිටාරයක් වෙනුවට ,
මගේ හීන වල පවා . . .
මගේ වීරයා වෙච්ච
ඔක්සිජන් සිලින්ඩරය මාත් එක්ක ඉන්නවා.
මට හිතෙන්නේ මට ඒක නැති වෙනවා.
මට තියෙන්නේ එකම එක පැතුමයි . . .
මට අභිමන්‍ යු වීර් හම්බවෙන්න ඕනා . . .
එය තමා මගේ ආසම සංගීතවේදියා . . .
ඒත් හැමවෙලාවෙම , හැම පැතුමක්ම
ඉටු වෙන්නේ නැහැ . . .
කොහොම උනත් මේ ඇති , මේ කිසීගේ නීරස ජීවිතයේ තවත් එක දවසක් . . .

මගේ හීනේ උනේ අභිමන්‍යූ වීර් හම්බ වෙන්න. එයාගේ සංගීතයට මම වහ වැටිලා හිටියේ. ඒත් එයාව මට හොයාගන්න විදිහක් නැතිවයි මම ලතවුනේ. කිසිම පැතුමක් ඉටු නොවුණ මගේ ජීවිතේ , මම බලාපොරොත්තුවක් තියාගෙන හිටිය එකම පැතුම ඒක විතරයි. එයා සම්පූර්ණ නොකළ ගීතය ඇයි සම්පූර්ණ නොකළේ කියලා දැන ගන්නයි මට ලොකුම උවමනාව වුනේ.

Dil Bechara: Trailer, Teaser, Video Songs, Events, Promos, Song ...

සමහර වෙලාවට මට ,
රියළිටි ෂෝ තරගකරුවෙක් වගේ දැනෙනවා.
මම ඉවත් වෙන්න ආසන්නයේ
ඒත් මට කවුරු හරි ජන්දය දෙනවා . . .
මට තවත් සතියක්
ජීවත් වෙන්න පුළුවන් වුනා.
වයිල්ඩ් කාඩ් ඇතුලත් වීම පටන් ගත්තම, පස්සේ අනතුරක් තියෙනවා.
එම්මානුවෙල් රාජ් කුමාර් ජූනියර් ,
මට ඒ වයිල්ඩ් කාඩ්
ඇතුල්වීම මතක් කරලා දෙනවා.
කුපිත කරන අහංකාර ,
හරියට මත් ද්‍රව්‍ය වගේ . . .
ඒත් ඔහු ඉවත් කරනවා දකින්න
මම කැමති නැහැ . . .
ඔහු තවත් සතියක රගදැක්වීම නරඹන්නට මම කැමැත්තෙන් ඉන්නේ . . .

හිනාවක් නොතිබුණ මගේ ජීවිතයට හිනාව ගෙනාවේ එයයි. ඒ මැනී. පිස්සෙක්. හැබැයි එයාව මගේ හිතට ඇල්ලුවා. එයාට පුළුවන් වුණා හැමෝගෙම සිත් දිනා ගන්න. හැබැයි විශේෂයෙන් මගේ හිතත් එක්ක මගේ ආදරයත් දිනා ගන්න.එයා ඔස්ටියෝසාර්කෝමා නිසා එක පාදයක් අහිමිව සිටි කෙනෙක්. හැබැයි ජීවිතේ හිනාවෙන් ගත කල තවත් කෙනෙකුට හිනා වෙන්න උගන්නපු කෙනෙක්. මාව එයාගේ චිත්‍රපටියේ වීරවරිය කරන්න එයා මට පොරොන්දු වුණා. එයාට හිටියා හරි අපූරු එයාටම ගැලපෙන යාළුවෙකුත්. ඇයි මම එයාට ආදරෙයි කියන්න බය වුනේ. මන්දා මටම තේරුම් ගන්න බැහැ. මම බය වුණා වෙන්න ඕනෑ. කමක් නෑ , කාමරයකට හිර වෙලා හිටපු මගේ නීරස ජීවිතයට එයා ආලෝකයක් ගෙනාවා. මම දැන් මගේ හිත යටින් මේ කියන්නේ ” මම ඔයාය ආදරෙයි මැනී ” ❤️

එයා අහංකාරයි . . .
” බොරුකාරයා ” ,
මට ආයේ කිසිම දවසක
එයා මුණ ගැහෙන එකක් නෑ . . .
එවිට අපගේ නරකම බිය සැබෑ විය.
ජේපීට ශල්‍යකර්මය කර ,
ඔහුට පෙනීම නැති විය.
නමුත් අපි එකිනෙකාට පොරොන්දු වුණා , චිත්‍රපටය සම්පූර්ණ කරනවා කියලා . . .

මැනී කියන හැම වචනයක් ගානෙම මම වින්දා. මගේ නින්ද මට වෙනදාට වඩා සනීපයක් ගෙනාවා. ඇයි ? මගේ හිත වෙනදාට වඩා නිදහස්. ඒක ඇතුලේ ආදරය පිරිලා.
ඒ හැමදේම මට දුන්නේ මැනී. ජේපීට සැත්කමෙන් පස්සේ තිබ්බ එකම ඇහැත් අහිමි වෙලා ගියා. ඒත් එයාට හැම වෙලාවෙම මැනී හිටියා. අන්න ඒකයි හොද යාළුවෙක් කියන්නේ. සතුටේදී වගේම දුකේදීත් ළගින් ඉන්න එකට. ඒත් මාව වීරවරිය කරන චිත්‍රපටිය අපි කොහොමහරි කරනවා කියලා පොරොන්දු වුණා. ඉතින් එහෙනම් 🙌action🙌

ආදරණීය අභිමන්‍ යූ වීර් මහතා වෙත,
ඔයාගේ පිළිතුරට ස්තූතියි.
හේතුවක් නම් දන්නේ නෑ ,
ඒත් මට හිතෙනවා ඔයා මාව ,
තේරුම් ගත්තා කියලා . . .
මට තව වැඩි කාලයක් ජීවත් වෙන්න බැහැ.
ඒත් ඔයාගේ ගීත . . .
කෙනෙකුගේ හිමිවීම අල්ල ගන්න ,
අම්මා , තාතාතා , මැනී . . .
මේකෙන් එයාලව බේරගන්න ,
කිසිම ක්‍රමයක් නැද්ද ?
මට ඔයාව හම්බ වෙන්න ඕනෑ . . .
ප්ලීස් , මීට ආදරණීය කිසී බාසු.

අභිමන්‍යූ වීර් මගේ බලාපොරොත්තුව ඉටු කලෙත් මගේ මැනී විසින්මයි. ඒකෙන් මට වීර් එක්ක මේල් එක හරහා කතා කරන්න ලැබුණා. ඔහු මට ආරාධනා කලා ඔහු හමුවෙන්න ප්‍රංශයට එන්න කියලා. මට ඒ වෙලාවේ දැනුන හැගීම කියන්න වචන නැහැ. ඒත් මගේ ගමනට මුළින්ම විරුද්ධ වුනේ අම්මා. ඒත් තාත්තා මේ ප්‍රශ්ණය ඩොක්ටර් එක්ක කතා කරලා තීරණයක් ගන්න නියම කර ගත්තා. ඩොක්ට කිව්වේ අම්මා එක්ක යනවා නම් ඒකට අවසර දෙන්න පුළුවන් කියලා. අම්මා ඒ පිළිතුරෙන් කරකවලා ඇතෑරියා වගේ වුණා. මම ජීවිතේ පළමු වතාවට කොල්ලෙක් බදාගෙන නැටුවා. ඒ මැනී එක්ක. මට වෙහෙසක් දැනුනත් මැනී නිසා මගේ නීරස දවස් ටික ටික ලස්සන වෙන්න ගත්තා. මම ආදරයේ සුව විදින්න ගත්තා. ඒක දන්නේ මගේ හදවත.

ගොඩක් වෙලාවට ආදරය ,
නින්ද වගේ . . .
ටිකෙන් ටික එනවා ,
ඊට පස්සේ ඔක්කොම එක පාර වෙනවා . . .
මගේ ජීවිතෙත් ඒකමයි වුණේ . . .
මැනී එක්ක කතා කර කර ඉදලා ,
මට නින්ද ගියා . . .
මැනී , මැනී . . .
එයාගේ නම ඇහුනත් ඇති ,
මගේ මූණේ හිනාවක් ඇති වෙන්න . . .
හදවතට අළුත් හැගීමක් එකතු වෙනවා . . .

– විශේෂ පුවත් –

පිළිකාවකට ,
හිනාව හා සතුට දෙකම දරාගන්න බෑ . . .
මට මොකුත් හරියට පෙනුනේ නැහැ . . .
ඒත් අම්මගේ කදුළුයි ,
එයාගේ බයයි මට දැනුනා . . .
තාත්තගේ බොරු පොරොන්දු නිසා ,
එයත් දුක් වුණා . . .
මටත් බය හිතුනා . . .
මම බය වුණේ මැනීගේ මෝඩ හිනාව ,
ආයේ කවදාවත් ,
මට දකින්න නොලැබේවි කියලා . . .
හායි , මම ජීවතුන් අතර . . .
මට හිතෙන්නේ කිසී කියන්නේ ,
ඇත්තටම වැසිකිළියක් කියලයි . . .
ඒත් දැන් මට ජීවත් වෙන්න
හේතුවක් තියෙනවා . . .
ඒත් මගේ මේ තත්වය නිසා මම
ඒ හේතුව සපුරා ගන්න බය වුණා . . .
අම්මයි තාත්තයි ඩොක්ටර් දැකලා බය වුණා.
කොච්චර හොද ඩොක්ටර් කෙනෙක් උනත් , එයාගේ වචන වලට ,
තාත්තාව බය කෙරෙව්වා . . .
තාත්තා හැමදේම අහගෙන හිටියා.
ඒත් එයාට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ.

මට හිතා ගන්න බැරි වුණා. මගේ සතුටේ වැඩි කම නිසාම මම අසනීප වුණා. මට රෝහල් ගත වෙන්න වුණා. මගේ ප්‍රතිශක්තිය තව තවත් හීන වෙන්න ගත්තා. මැනී මාව බලන්න ඇවිල්ලා හිටියට මම හිටියේ එයාට මූණ දෙන්න පුළුවන් තත්වෙක නෙමෙයි. ඒ එයා ගැන ආදරයක් නැති නිසා නෙවෙයි මගේ හිතේ එයා වෙනුවෙන් තිබ්බ වැඩි ආදරය නිසයි. ඒත් මට එයාගෙන් මිදෙන්න බැරි වුණා. ආයේ අපි කතා කරන්න ගත්තා. ප්‍රංශ ගමනත් මැනී , අම්මා එක්ක මම පිටත් වුණා. ඒත් අභිමන්‍යූ හමු වුණත් මම බලාපොරොත්තු වුණ කිසි දෙයක් ඉටු වුනේ නැහැ. ඒ අහිමිවීමත් සැනසුවේ මැනී. මැනී ගැන අම්මාගේ හිතෙත් වඩා සන්සුන් චිත්‍රයක් මවන්න මේ ගමනට හැකි වුණා. අපි විනෝද වුණා. මැනී මාව සිප ගත්තා. මම මගේ ආදරය ඔහුට ප්‍රකාශ කලා.
නමුත් මැනී අඩන්න ගද්දී මගේ හිතට නැවත බය එකතු වුණා. මැනී ඔහුගේ සෞඛ්‍ය තත්වයේ බැරෑරුම් බව මට කිව්වා. ඒක මාව බය කලත් මම ඒක මැනීට නොපෙනෙන්නට හිටියා. මම ගෙදර ඇවිල්ලා ඇති වෙනකන් තනියම ඇඩුවා. ඒත් මගේ වේදනාව නවතින එකක් නෙමෙයි. ඒක මගේ පිළිකාවේ වේදනාවට වඩා මට තදින් දැනුනා.

ටිකෙන් ටික මැනීගේ ,
සෞඛ්‍ය තත්වය පිරිහෙන්න ගත්තා . . .
අපි දෙන්නටම ,
කිසිම දෙයක් අහන්නවත් ,
කිසිම දෙයක් කියන්නවත් ,
අවස්ථාව ලැබුනේ නැහැ . . .
මට මොකුත් කරන්න බැරි වුණා . . .

මැනී මට කෝල් කලා. එයා හිටියේ පායල් රගහලේ. එයාට උදව් ඕනා බව කිව්වා. මම ඉක්මනින් එතනට යනකොටත් ඔහු , ඔහුගේ අසනීපයත් එක්ක දැඩි සටනක හියියේ. මගේ දැනුම් දීම එක්ක ඔහුව රෝහලට ගෙනියන්න මට හැකි වුණා. ඒත් ඔහු ජීවිතය එක්ක දැඩි සටනක හිටිය බව මම දුටුවා. ඔහු මා සමග කතාව ප්‍රතික්ශේප කලත් එලෙස සිටීමට ඔහුට නොහැකි වූවා. මම වීරවරිය කරන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියා. ඔහුගේ මුහුණේ නැගුණ සිනහව මගේ දුක් මට අමතක කරවන්නට සමත් වුණා.

මට හිනාවෙන්න උගන්නපු කෙනා . . .
අද මෙහෙම වේදනාවෙන් කෑ ගහනවා . . .
ඒත් මට මොකුත් කරගන්න බැරි වුණා . . .
මැනී ගෙදර ආවා ,
ඒත් කොච්චර කාලයක් ,
අපිත් එක්ක ඉදීවිද කියලා ,
කවුරුවත්ම දන්නේ නෑ . . .

මැනී , මට කෝල් කලා. මම ඇයි ? කියලා ඇහුවම එයා මට දේවස්ථානයට එන්න කිව්වා. මම යනකොට ජේපීත් එහෙට ඇවිත් හිටියා. මැනී , ඇයි මට එන්න කිව්වේ ? ඇහුවම එයා ඉල්ලුව දේ දන්නවද ? එයා මැරුණම අපි කරන ප්‍රශංසාව අහන්න එයා නැති නිසා එයාට ඕනා කරා ඒක ජීවත් වෙලා ඉදිද්දීම අහගන්න. මුල්ම අවස්ථාව ලැබුනේ ජේපීට. ඒ කතාව මගේ ඇස් කදුළින් තෙත් කලා. ජේපී ඔහුට ආදරය කල තරම ඔහුගේ හදවතේ කතාවෙන් පෙන්නුම් කලා. ඊළගට මගේ අවස්ථාව. මගේ වචන එක්ක දුක කලවම් වුණ මගේ එළියට පනින්න දගලන කදුළු කළබල කරන්න ගත්තා. අවසානේ කදුළු වලට අවස්‍ථාව දෙමින් මම මගේ කතාවත් අවසන් කලා.

ඊට දවස් දෙකකට පස්සේ ,
මැනී අපි හැමෝවම දාලා යන්න ගියා . . .
එයා මට එක ලිපියක් ,
තියලා ගිහිල්ලා තිබ්බේ . . .
මේ ඒක ,
කිසී එක්කෙනෙක් රජෙක් . . .
අනික් කෙනා රැජිණක් . . .
දෙන්නම මැරුණා , කතව ඉවරයි.
හැම ආච්ච් කෙනෙක්ම ,
මේ කතාව කියනවා.
ඒත් ඒ කතාව අසම්පූර්ණයි . . .
මේ කතාව කුමාරයයි , කුමාරිකාවයි ,
දෙන්නම සම්පූර්ණ කරපු එකක් . . .
ඉපදෙන්නේ කවද්ද , මැරෙන්නේ කවද්ද ,
අපිට තීරණය කරන්න බැහැ.
ඒත් කොහොමද ජීවත් වෙන්නේ ,
කියන එක තීරණය කරන්න ඕනා ,
අපි . . .
ඉතින් කිසී බාසු ,
මේ කුමාරයනම් මැරුණා . . .
ඒත් මගේ රැජිණ තවම ජීවත් වෙනවා . . .
ඉතිං තවමත් අපේ කතාව ජීවත් වෙනවා . . .
සරි කිසී බාසු . . .
සරි❤️❤️❤️

මට කියන්න තියෙන්නේ එච්චරයි. මාව වීරවරිය කරලා එයා තනියම යන්න ගියා. අපේ කතාව ඔයාලත් බලන්න. ඔයාලගේ හිතේ මතුවෙන හැගීම අකුරු කරන්න අමතක කරන්න එපා. මම නවතිනවා.

මම කිසී බාසු . . . ❤️

Directed by : Mukesh Chhabra
Produced by : Fox Star Studios
Based on : The Fault in Our Stars
Starring : Sushant Singh Rajput
Sanjana Sanghi
Music by : A. R. Rahman
Release date : 24 July 2020
Running time : 101 minutes
Country : India
Language : Hindi
IMDb : 9.4/10

Perhaps , the difference between what is miserable , and that , which is speetacular , lies in the leap of faith . . .

– Sushant Singh Rajput – ( 21/01/1986 – 14/06/2020 )

ජය . . .!!!

ජායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි . . .
සටහන : ප්‍රමෝද් සදරුවන් ගමගේ.
प्रमोद संदरुवन गमगे ।

Leave a Reply

Your email address will not be published. Required fields are marked *