Dear Comrade (2019) Sinhala Subtitles | සටන් වදින්න…නුඹ ආදරය කරන දේ වෙනුවෙන් |

ඔන්න ආව ආයෙමත් තෙලුගු සිනමා ලෝලින් හමුවෙන්න.

හුඟ දෙනෙක් මග බලාගෙන හිටිය Rowdy Vijay Devarakonda (බොබී) සහ Rashmika Mandanna (ලිලී) රංගනයෙන් දායක වන 2019 වර්ශයෙ ජූලි 26 වන දින ලොව පුරා තිරගත කිරීම ආරම්භ කර IMDB දර්ශකය 7.1 ක අගයක් දක්වා ගෙන යාමට සමත් වගේම ගූගල් පරිශීලක 86% ක ප්‍රමාණයක කැමැත්ත පලවුන සලරුවක් තමයි මේක. අධ්‍යක්ෂක Bharat Kamma ගේ පළමුවන සිනමා නිර්මාණය වන මෙය Justin Prabhakaran ගේ සංගීතයෙන් හැඩවී පැය දෙකයි විනාඩි 50ක ධාවන කාලයක් සහිත අනර්ග ඝණයේ සලරුවකි.. මෙහි Box Office ආදයම ආසන්න වශයෙන් කෝටි 30ක් බවට තොරතුරු ඇත..

කතාව අතින් ගත්තොත් බොබී කියන දඩබ්බර ආදරණීය මිත්‍රශීලි කොල්ලෙක් සහ ක්‍රිකට් තම ජීවිතය කරගත් සුන්දර කෙල්ලෙක් ප්‍රධාන කරගත් කතාවක්. ඒවගේම මෙයින් දීමට උත්සහ කරන සමාජ පණිවිඩය වර්ථමාන සමාජයට වැදගත් වගේම එය සාර්ථක විදිහට සමාජ ගත කරා කියල කියන්න පුලුවන්.. ඉතින් කතාව වැඩිපුර විස්තර කරෝතින් රසවින්දනයට හානි වෙන හින්ද මම මේ ටික කියල නතර කරනව. ඉතිරි හරිය ෆිල්ම් එක නරඹලම අදහස ගන්න කියලත් ආරධනා කරනව..

විශෙශ්ෂයෙන් කියන්න ඕන මේකට ගොඩක් උදව් කර මදුශාන් වනසිංහ සහෝදරයට වගේම මදුශන්ක බණ්ඩාර සහෝදරයටත් ස්තූති කරනව. නිදි මරාගෙන උදව් කරාට ගොඩාක් ස්තූතියි සහෝදරයො දෙන්නටම.. ඒ වගේම නන් අයුරින් සහය දුන්නය සැමටත් මාගෙ හද පිරි ස්තූතිය..

මේ ලිපියෙ වගේම සබ් එකෙත් අඩු පාඩු ඇති මොකද සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයිනෙ. ඉතින් ඒ අඩු පාඩුත් පෙන්නල දෙන්න කියන ගමන් ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරනව…

තවත් උපසිරැසියක් එක්ක ආයෙම හම්බවෙමු එතෙක් ඔබට ජය ✌

සිංහල උපසිරස මෙතනින් ලබා ගන්න 


පහතින් උපසිරස සමග මෙහි පුර්ව ප්‍රචාරක පටය නරබිය හැක …..




*Dear Comarde (2019) – Telugu*

_[සටන් වදින්න..නුඹ ආදරය කරන දේ වෙනුවෙන්]_

Drama/Action ‧ 2h 44m

🎥Theatrical Trailer

~ සිංහල උපසිරැසි සමඟ ~

මෙම වසරේ තිරගත වන තවත් උද්වේගකර තෙලිඟු සිනමා පටයක් වන මෙහි පූර්ව ප්‍රචාරක පටය අද අන්තර්ජාලයට මුදා හැරුනා..තෙලිඟු සිනමාවේ නැගී එන තරු යුගලයක් වන *රශ්මිකා මන්දනා* සමඟින් *විජේ දේවරකොන්ඩා* ප්‍රධාන චරිත වලින් එක්වන මෙය මේ මස 26 සිට තිරගත කිරීම ආරම්භ කරනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *