Home / Featured / Che: Part One & Che: Part Two

Che: Part One & Che: Part Two

Che: Part One & Che: Part Two

2008 ‧ Drama/History 


Che: Part One

Che: Part One

Image result for che guevara childhood"ජී විතේ එකම එක පාරක් එකම එක දවසක් වෙන මිනිහෙක් විදිහට ජීවත් වෙලා මරණය වැළඳගන්න ලැබුනොත් මං තෝරගන්නේ ලෝක ඉතිහාසය වෙනස් කළ ලොව බිහිවුනු ශ්‍රෙෂ්ඨතම විප්ලවවාදියා වුනු සදාතනික චේ ව. චේ ගැන මට මුලින්ම අහන්න ලැබුනේ මගේ තාත්තගෙන්. චේ කියන්නෙ මගේ තාත්තටත් මටත් වීරයෙක් බඳුවූ පුද්ගලයෙක්. එහි කිසි සැකයක් නැහැ. ජීවිතේ එකම එක පාරක් ඒ සදාතනික විප්ලවවාදියා ඇවිද ගිය මංමාවත් දිගේ ඇවිද යන්න මා හට Rokhan Direkz පරිදි ඒ භාග්‍යසම්පන්න අවස්ථාව උදාවුනහොත් මා තෝරාබේරා ගන්නේද ඒ උතුම් මානව හිතවාදියාගේ අවසන් හෝරා කිහිපය ගෙවුනු බොලීවියාවේ වලෙග්‍රන්දා ගම්මානයමයි. චේ ගුවේරාගේ පුත් කැමිලෝ ගුවේරා සමඟ, චේ ගුවේරා අත්අඩංගුවට ගත් හමුදා කණ්ඩායමේ නායකයා වූ ගැරී ප්‍රාඩෝ සමඟ, චේ ගුවේරා හට පළමු ගරිල්ලා කණ්ඩායම සොයා දුන් චාටෝ පෙරේදා සමඟ, චේ ගුවේරාගේ සිරුර පිරිසිදු කළ හෙදිය සුසානා ඔසිනාගා සමඟද රොහාන් ඩිරෙක්ස් පරිදිම එකදු ඡායාරූපයක් හෝ ලබාගැනීමේ මහත්වූ ආසාවක් මා තුළඳ තිබෙනවා. චේ, හැමදාමත් මං ලෝකයා කියනව වගේ සුන්දර මනුස්සයෙක්. චෙස් ලෝලියෙක්. කවියෙක්. විහිලුකාරයෙක්. ස්වයං විවේචනයක් තිබුනු මිනිහෙක්. අද ඉන්න විප්ලවකාරයින් කියාගත් බහුතරයකට නැත්තේද ඒ ස්වයං විවේචනයමයි. කියුබානු නායක පිදෙල් කස්ත්‍රෝට නිසැකවම චේ ට වඩා හොඳ බුද්ධිමත් මිනිහෙකු සොයාගැනීමට අවස්ථාව තිබුනා. නමුත් කස්ත්‍රෝ දරන මතයන් සමඟ එකිනෙක පෑහුනු චේ වැ⁣න්නෙක් සොයාගැනීමම නම් ටිකක් අමාරු වේවි. කස්ත්‍රෝ උනත් කැමැතිවුනේ ජීවත්ව සිටිය චේ ට වැඩිය මියගිය චේ ටයි. ලොව පුරා වසංගතයක් මෙන් රැව්පිළිරැව් දුන් ඒ ශ්‍රෙෂ්ඨ නූතන මානවවාදියාගේ පෞර්ෂත්වයෙන් ඔපනැන්වුනු ගාම්භීර හඬ තවමත් කියුබාව පුරා දෝංකාර දෙනවා නම් නිසැකය. වෛද්‍යවරයෙකු වශයෙන් සිය වෘත්තීයට පමණක් සීමාවී සුවපහසු දිවියක් ගතකිරීමට ඉඩතිබියදීත් ඔහු අතිශය කර්කශක වූද විප්ලවීය මග තෝරාගත්තේ මරණය පිළිබඳවවත් කිසිදු චකිතයකින් තොරවය. ගුවාතමාලාවෙහි යෙදුනු සංචාරයෙන් පසුව යැංකීන්ගේ මිලේච්ඡ වූත් අධම වූත් ක්‍රියාකාරකම් පිළිකුල් කළ ඒ මානවවාදියා සිහින දුටුවේ මහද්වීපක විප්ලවයක් කරාය. එනම් මුලු ලතින්ඇමෙරිකානු විප්ලවයක් වෙතටය. එහි මුල්ම පියවර විදිහට චේ ගේ තේරීම කියුබාව විය. යැංකීන්ගේ හස්තයෙන් කොමියුනිස්ට්කාරයා සහ සමාජවාදියා පිළිබඳව විකෘතිකරන ලද සිතුවමක් ඇඳ තිබුනු ලතින්ඇමෙරිකානුවක බැටිස්ටාගෙ අධම පාලනයට එරෙහිව ගැමියන් සංවිධානය කිරීමම එතරම්ම ලේසි පහසු කාර්යයයක් නොවීය. කස්ත්‍රෝ හට ගැමියන් සහ තම ගරිල්ලා කණ්ඩායමෙහි අතර පැවතුනු විශ්වාසයෙහි දාමය ශක්තිමත් කිරීම සඳහා යොදාගතහැකි එකම පුද්ගලයාද සදාතනික චේ ම විය. උපතින් වසර දෙකක් යන තැන මියයන තෙක්ම ඇදුම රෝගයෙන් පීඩා විඳි මේ මානවවාදියා සිය අමාරුකම්ද නොතකා අනෙක් ගරිල්ලා යුදභටයන් හා කැටුව හරිහරියට පෑහෙන්න අදිටන් කරගත්තේද ස්වකීය දේශයේ විමුක්තිය පතාය. තම පුතු පිළිබඳව දොන් අර්නස්ටෝ සිය මතකය අවදි කරන්නේ මෙලෙසයි,

Image result for che guevara death"
“හැම එකාම උසස් අධ්‍යාපනයක් ලබල තම තමුන්නෙ දියුණුව හදාගත්තා. හැබැයි, මං හැබෑවටම වැඩියෙන් ආඩම්බර අර්නස්ටෝ ගැන තමයි. එයා ඇවිල්ලා නියම සත්‍යවාදී මිනිහෙක්! හැබෑ සටන්කාමියෙක්!”

තමන්ව කවියෙක් පරිදි සැළකුවේ නැතිද චේ කවියට මහත් සේ ඇලුම් කළා. වරෙක ඔහු තමන්ව අර්ථකතනය කරන්නේ, “කිසිදිනෙක කවියෙකු නොවූ විප්ලවවාදියා!” ලෙසයි. වෛද්‍ය චේ, මේජර් චේ දක්වා ආ ගමන හිතන්නටත් බැරි තරම්ම කටුකය. අමිහිරිය. නමුදු එහි ඵලය, සතුටුදායක ය. කියුබානු විප්ලවයේ ගිනිපුළිඟුව මුලු ලතින්ඇමෙරිකාවටම ආදර්ශයක් කරගෙන මහද්වීපක විප්ලවයක් වෙත ගෙනයාමට ඔහුට මහත්සේ ඕනෑකමක් තිබීය. බැටිස්ටාගෙ හමුදාවන් සමූලඝාතන්ට ලක්වුනු සියෙරා මයෙස්ට්‍රාව දැකබලා ගැනීමට මටද නොසෑහෙන ආසාවක් ඇත. විප්ලවයක් වෙනුවෙන් අවිගත් බොහෝමයකට එහි ජයග්‍රහණයෙන් පසු සමාජවාදී රාජ්‍ය පාලනයක් ගෙනයන්නේ කෙසේද යන්න පිළිබඳව පරස්පර අදහස් පැවතීය. චේ තුළද ඒ පිළිබඳව නිශ්චිත චිත්‍රයක් නොවීය. එහෙයින් ඔහු මාක්ස්ගේ ලෙනින්ගේ ඉගැන්වීම් කියවීය. විටෙක ඉස්පාසුවක් නොමැතිව දැනුම පිපාසයෙන් ඔහු පෙළුනු රැයවල්ද තිබුනි. අවසානයේදී ඔහු කස්ත්‍රෝ සමඟද සාකච්ඡා කර සැකැස්ම ගොඩනැංවීය. රැඩිකල් කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණයක් සහ නව කර්මාන්ත උත්පාදනයක් තුළින් කියුබාවෙහි ආර්ථිකය නැවැත ගොඩනැඟුවේ යැංකීන් විසින් ආර්ථික සම්බාධක පවා පනවා තිබූ කාලසීමාවකය. යැංකීන් විසින් කියුබාව, ලතින්ඇමෙරිකාව තුළ හුදෙකලා කිරීමේ කූට ප්‍රතිපත්තියක් අනුගමනය කළ මොහොතක මේ මානවවාදියා සෝවියට් සංගමය සමඟ සිය සබඳතා දිගින් දිගටම පවත්වාගෙන ගියේය. එය යැංකීන්ට විශාල පහරක් විය.

ජවිපෙ ටිල්වින් සහෝදරයා කියනා පරිදි පංති ඇසකින් ලෝකය තේරුම් ගන්න බැරි එකාට ප්ලේටෝගේ ඇරිස්ටෝටල්ගේ සිට ආ දේශපාලනයද තේරුම් ගත නොහැකිය. මේ සියල්ලම තිරය පිටුපස පංතිමය අර්ථයක් ඇත. එහෙයින් පංති දේශපාලනයෙන් තොරව ලෝකය තේරුම් ගන්න බැරි පරිදිම සදාතනික චේ වද තේරුම් ගත නොහැකිය. මාක්ස් සහ ලෙනින් අපට වැදගත් වන්නේ එතැනදීය. සමාජය කියවා ගැනීමේ දේශපාලනයේ නිර්ධන පංති දෘෂ්ටිය නිර්මාණය කළේ මාක්ස්ය. එම දෘෂ්ටිය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නගපු ක්‍රියාවලියට නායකත්වය දුන්නේ ලෙනින්ය. එහෙයින්ය, චේ ද මොවුන් පිළිබඳව දීර්ඝ කියවීමක යෙදුනේද. චේ එදා සිටම ලොව පළමු සමාජවාදී රාජ්‍ය වූ සෝවියට් සංගමයට මහත්සේ ඇලුම් කළේය. ඔවුනොවුන්ගේ ප්‍රතිපත්ති වලට ඔහු ගරුකළේය. ඒවා අධ්‍යනය තුළින් තම දැනුම වර්ධනය කරගත්තේය. මාක්ස්වාදියෙක් කියන්නේ පංති සටන පිළිගන්නා කෙනෙක් පමණක් නොව, නිර්ධන පංතියේ රාජ්‍ය බලය නිර්මාණය කරගැනීම සඳහාත් සටන් කරන පුද්ගලයාටය. සදාතනින චේ, ඊට කදිම නිදසුනකි. ධනේශ්වර මිථ්‍යාවන්හි ඇලීගැලී ඉන්න එකාට කිසිමදවසක සදාතනික චේ ව තේරුම්ගත නොහැකිය. ඒ සඳහා සමාජය සහ දේශපාලනය පිළිබඳව ගැඹුරු කියවීමක් අවශ්‍යය. එහිදී ඔබ මංමුලාව අතැරමංව සිටින තැනකදී ඔබ මාක්ස්ව කියවන්න. ලෙනින්ව අධ්‍යනය කරන්න. මානව නිදහස සමාජවාදයෙන් තොරව කිසිම දිනයක උදාකරගත නොහැක. ලෙනින් කිවූයේ එසේය. චේ එය අකුරටම පිළිපැද්දේය. ආර්ජන්ටීනු කෙල්ලෙක් චේ පිළිබඳව සඳහනක් කරන්නේ මෙලෙසය.

“හැම ලතින් ඇමෙරිකානු කෙල්ලෙක්ම චේ ට පණ ඇරලා ආදරෙයි. එයා හරිම කඩවසම්. සුදුමැලි,අනුරාගී මුහුණ, කලුපාට ලොකු ඇස්, අවුල් වුණ කුඩා යටි රැවුල, නියම ජුසේතුමෙක්!”

ධනේශ්වර දේශපාලන ක්‍රමවේදය තුළ ඔබ මුලාවට හසුනොවීමට නම්, ප්‍රථමයෙන් ඔබ දේශපාලනය ඉගෙන ගත යුතුය. පංති ඇසකින් ලෝකය දැකිය යුතුය. මාක්ස්ව ලෙනින්ව කියවිය යුතුය. සදාතනික චේ ව ගැඹුරින් අධ්‍යනය කළ යුතුමය.

උපන්නූපන් දරුවනට ඉඩදෙන්න,
අනාගතයේදී,
චේ වගේ මිනිහෙක් වෙන්න!

ලිපි සැකසුම 

අනුජ විජේසිංහ

Facebook පිටුවට 

Image result for che movie part 1"Image result for che movie part 2"

Leave a Reply

Your email address will not be published. Required fields are marked *