Ala Vaikunthapurramloo(2020) Review in Sinhala: “රාමුලෝ….රාමුලා මාව කරදරෙ දැම්මා”

මේ අවුරුද්දේ සංක්‍රාන්ති විනර් කවුද කියලා ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ?
ඔබ කියන්නේ “අල්ලු අර්ජුන් තමයි, ඒත්……” වගේ පිළිතුරක්ද?
ඒත් කියලා තව කෑල්ලක් අමුණන්න එපා මිත්‍රවරුනි. කෙලින්ම කියන්න ‘අල්ලු අර්ජුන් තමයි සංක්‍රාන්ති විනර්’ කියලා. ආය ඒකේ කතා දෙකක් එහෙම නෑ.

බිලියනපතියෙක්ගේ බිරිඳට සහ ඔහුගේ රියදුරුගේ බිරිඳට එකම දවසේ එකම රෝහලේදී පිරිමි දරුවෝ දෙන්නෙක් උපදිනවා. මේ ළමයි දෙන්නා ඉස්පිරිතාලෙදි මාරු වෙනවා. කතාව පටන් ගන්නේ එතනින්.

මේ වයිකුන්තපුරම් චිත්‍රපටිය ත්‍රීවික්‍රම් ශ්‍රීනිවාස් මහත්තයගේ වැඩක්. කතා දෙකක් නෑ මනුස්සයා රියල වැඩ්ඩෙක්. වැඩිය සද්ද බද්ද නැති පාඩුවේ ඉන්න මෙතුමා තමයි 2002 අවුරුද්දේ නාගර්ජුන රඟපෑ මන්මධුඩු ෆිල්ම් එකේ කතාව ලිව්වේ සහ දෙබස් නිර්මාණය කෙරුවේ. බලපු අය දන්නවා ඇති.ඒක කොහොමද කියලා. ඊට පස්සේ අල්ලු අර්ජුන්ම ඉන්න S/O සත්‍යමූර්ති, නිතින් සහ සමන්තාගේ A Aa, NTR Jr ඉන්න Aravinda Sametha වගේ ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂණය කලේ.

අල්ලු අර්ජුන් කියන්නේ පහුගිය කාලය තුල තරමක පසුබෑමකට ලක්වුනු නළුවෙක්. නමුත් ඔහු වයිකුන්තපුරම් තුලින් නැවතත් අලු ගසාදාලා නැගිටලා තියනවා.
ඔහුගේ පෙනුම, ස්ටයිල් එක, ඩාන්සින් හැම⁣ දෙයක්ම දියුණු වෙලා වගේ තමයි පෙනුනේ.

ඇත්තටම මේ චිත්‍රපටියේ රංගනය පැත්තෙන් අල්ලුට ලොකූ බරක් වැටිලා නෑ. මොකද සුපිරි, අති දක්ෂ නළු නිළියෝ විශාල පිරිසක් මෙයට සම්බන්ධ කරගෙන තියනවා. සපෝර්ටින් රෝල්ස් අතරින් සැලකුවොත් අති විශිෂ්ඨ මට්ටමේ දෙන්නෙක් ඉන්නවා.
1.මුරලි ශර්මා; අති විශිෂ්ඨයි ඔහුගේ රඟපෑම. අවෝර්ඩ්ස් ෆන්ක්ශන් එකකදි Best actor in supporting roll කැටගරි එකෙන් නිර්දේශ කරන්න පුලුවන් මට්ටමක ඔහු ඉන්නවා.
2. සමුතිරකානි; හැමදාම දකින උපදේශක චරිත වලින් ඈත් වෙලා වෙනසකටත් එක්ක විලන් රෝල් එකක් කරලා තියනවා වගේ. කෝම නමුත් ඔහුගේ රංගනයත් විශිෂ්ඨයි.

ඊළඟට ඉන්නවා අපේ ජයරාම් ඒට්ටන් සමග තබු. හොඳට ගැලපෙන ජෝඩුවක්. ඇත්තටම මලයාලම් සිනමාවට කරන්න බැරි වුනු සොයා ගැනීමක් ශ්‍රීනිවාස් මහත්තයා කරලා තියනවා. ජයරාම් බොහොම කඩවසම් විදියට ඉන්නවා, ඔහුගේ ස්ටයිල් එක දෙවෙනි වුනේ අල්ලුට විතරයි😃. ජයරාම්-තබූ දෙන්නම තමන්ට ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරන් තියනවා.

තබුගේ තාත්තා විදියට රඟපාන Sachin Khedekar නරකම නෑ. නමුත් ඔහුට කරන්න කියලා බැරෑරුම් යමක් තිබුනෙත් නෑ වගේ.

සුශාන්ත් හිටියට මිනිහට කරන්න දෙයක් තිබුනේ නෑ. පූජා සහ නිවේතා දෙන්නටත් කරන්න කියලා ලොකු රඟපෑමක් තිබුනේම නෑ.

රාජේන්ද්‍ර ප්‍රසාද්, රාහුල් රාමක්‍රිෂ්ණ, වෙන්නිල කිෂෝර් වගේ තවත් ගොඩක් නළු නිළියෝ ඉන්නවා. සමස්තයක් විදියට සැලකුවොත් මේ හැමෝගෙම දායකත්වය චිත්‍රපටි ලස්සන කරන්න උපකාඑී වෙලා තියනවා.

මියුසික් 🔥🔥🔥. වයිකුන්තපුරම් චිත්‍රපටියේ ඕඩියෝ ඇල්බම් එක ගොඩාක් ජනප්‍රිය වුනා.
සංගීත අධ්‍යක්ෂණය S. Thaman විසින් කරලා තියනවා. සිද් ශ්‍රීරාම් ඇතුලු දක්ෂ ගායක ගායිකාවන් පිරිසක් තම හඬ දායකත්වය ලබලා දීලා තියනවා. සිද් ශ්‍රීරාම් ගායනා කල Samajavaragamana සිංදුව අතිශය ජනප්‍රිය වුනා❤️❤️.
මගේ කැමතිම ගීතය තමයි Ramuloo Ramulaa🔥🔥.
අල්ලුගේ නැටුම් නම් කවදටත් වඩා හොඳටම තිබුනා🔥❤️

මේ චිත්‍රපටියේ ස්ක්‍රීන් ප්ලේ, ස්ටෝරි ලයින් ඔක්කොම හොඳයි. සිදුවීම් අතර හොඳ අන්තර් සම්බන්ධයක් තිබුනා. නිකං අහසින් වැටෙනවා වගේ දේවල් නම් නැහැ. අතීත කතාව වර්තමාන කතාව සමග ගැලපීමත් නියමෙටම කරලා තිබුනා. ඩයලොග්ස් ඒමත් මරු🔥.
අනිත් කාරණේ තමයි බලන මිනිහට හොටු පෙරාගෙන අඬන්න හිතෙන සිද්දි වගේම බඩ අල්ලගෙන හිනාවෙන්න හිතෙන සිද්දි සහ දෙබස් නැහැ. දුක, සතුට, හාස්‍යය ගාණට බැලන්ස් කරලා තිබුනා. නමුත් සමහර තැනක දෙකක හාස්‍යය බලෙන් දෙන්න හදනවා වගේ ගතියකුත් තිබුනා.

ඊළඟට මේ ෆිල්ම් එකේ නව්දීප් ඉන්නවා. නව්දීප් බොහොම කාලෙකින් ෆිල්ම් එකක දැක්කේ. ඔහුට දුෂ්ඨයගේ පුතාගේ චරිතය බොහොම පහසුවෙන් සහ සාර්ථකව, තාත්විකව කරන්න තිබුනා. නමුත් ඔහුව ඔෆිස් චරිතයකට දාලා ඔෆිස් චරිතයක් දෙන්න ඕන මනුස්සයව දුෂ්ඨයෙක් කරලා තිබුනා.
ඊළඟට ෆිල්ම් එක අවසාන භාගයේ බෝඩ් මීටින් රූම් එකක මේසයක් උඩ නැගලා අල්ලු කරන ඩාන්ස් එක. ඒක ෆුල් එන්ටර්ටේට්මන්ට් ගතියට තිබුනා. නමුත් ඒ ඩාන්ස් එක නිසා ඒ අවස්ථාවේ සිද්ද වුනු සිදුවීමේ තිබුනා ඒකාග්‍රතාවය බිඳිලා ගියා වගේ දෙයක් දැනුනා.
චිත්‍රපටියේ හාස්‍යය උපරිමයෙන්ම තිබුනා. ඒක අස්සට කිෂෝර්වත් දාගෙන අමුතුවෙන් විහිලු කරන්න උවමනාවක් තිබුනෙම නෑ.

ෆයිට්ස් තියනවා🔥🔥🔥🔥🔥. VFX එහෙමත් අවුලක්ම නෑ වගේ. හැබැයි ලේ පෙරාගෙන කරන අමානුෂික සටන් නම් නැහැ. ෆයිට් වුනත් ස්ටයිල් එකට තමයි කරලා තියෙන්නෙ.

කතාවක් තියනවා දන්නවනේ කුණාටුවට පෙර මුහුද නිසලයි කියලා. අල්ලුත් නිකං හරියට ඒ කුණාටුව වගේ. ඉඳලා ඉඳලා වැඩේ කරලා දැම්මා ආයේ කටඋත්තර නැතිම වෙන්නම. ඩාන්සින් එහෙම සුපිරියි❤️🔥
කෝටි සීයක් වියදම් කරලා දෙසිය පනහක් විතර හෙව්වා කියන්නේම ලොකු වැඩක්නේ.
ඒ වගේම අල්ලු තමන්ගේ ෆෑන්ස්ලට හොඳම entertainment treat එකක් කරලා තියෙන්නෙ.

අනිවාර්යයෙන්ම බලන්න මේක. සබ් එකත් අපි දීලා තියෙන්නෙ. අපේ අසංක මල්ලිටත් විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන සබ් එක වෙනුවෙන්❤️

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *