Aadai සිට Kolaiyuthir Kaalam දක්වා

ජූලි මාසය කාන්තාවන්ගේ මාසයක් ලෙසයි පෙනී යන්නේ. ජ්‍යෝතිකාගේ Raatchasi සහ සමන්තාගේ Oh! Baby තිරගත වීම ඇරඹී තිබෙන අතර අමලා පාවුල්ගේ Aadai චිත්‍රපටිය තිරගත කිරීම ජූලි 19 දින ආරම්භ වෙනවා. එසේම ජූලි මාසයේ අවසාන සිකුරාදා නීතිමය ගැටලු හේතුවෙන් දීර්ඝ කාලයක් ප්‍රමාදයට ලක්වුනු නයන්තාරාගේ Kolaiyuthir Kaalam චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කිරීමට නියමිතයි.

ටීසර් පටය නිකුත් වීමත් සමග විශාල ආන්දෝලනයකට තුඩු දුන් අමලා පාවුල්ගේ Aadai චිත්‍රපටියේ ට්‍රේලරය නිකුත් කිරීමෙන් පසුව එම කතාබහ නැවතත් අලුත් වටයකින් ආරම්භ වී තිබෙනවා. අධික පිරිවැයක් දරා නිමවූ නමුත් නිශ්පාදකවරුන්ගේ බලාපොරොත්තු යම් තරමකට බිඳ දමමින් A ශ්‍රේණියේ සහතිකයක් සඳහා නිර්දේශ වුනු මෙම චිත්‍රපටිය ලාභ ඉපයීමට හැකි මට්ටමකට සාර්ථක වුවහොත් අමලා ඇතුලු කණ්ඩායමට ‘ලාභය බෙදා ගැනීමේ පදනම’ මත තවත් මුදලක් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා. එසේම බොහෝ නිළියන් චිත්‍රපටියේ කතාව තමා වටා කේන්ද්‍රගත වන අවස්ථාවකදී චිත්‍රපටියෙන් ලැබෙන ලාභය බෙදා ගැනීමේ පදනම මත චිත්‍රපටිය සඳහා දායක වීමේ ප්‍රවනතාවයක්ද දැන් දැන් ඇතිවෙමින් තිබෙනවා.

අමලා විශ්වාස කරන්නේ මෙම වකවානුව නිළියන් සඳහා හොඳම කාලය බවටයි. එයට හේතු ලෙස ඇය දක්වන්නේ සෑහීමකට පත්විය හැකි ආකාරයේ චරිත ලැබීමත් ක්‍රමයෙන් ‘කාන්තා කේන්ද්‍රීය’ සිනමාපට සඳහා ඇති නැඹුරුව වැඩි වෙමින් පැවතීමත් යන කරුණුයි. Aadai යනු ඇය රඟපෑ නිර්භීතම චිත්‍රපටිය බව ඇය පවසනවා. යූ ටියුබ් විචාරකයින් ⁣කුමක් පැවසුවද Aadai තමිල්නාඩුව තුළ විශාල උණුසුමක් ඇතිකොට තිබෙනවා. බොහෝ චිත්‍රපටි ශාලා ඔවුන්ගේ prime shows වෙනුවෙන් Aadai සඳහා ඉඩලබා දීමට සැලසුම්කරන්නේ Lion King සහ වික්‍රම්ගේ Kadaram Kondan චිත්‍රපටි සමග ඇතිවන ගැටීම පවා නොසලකා හරිමින්.
නම සඳහන් කිරීමට අකමැති චිත්‍රපටි නිෂ්පාදකවරයෙක් පවසන අන්දමට කාන්තා කේන්ද්‍රීය වීරවරියන් සිටින චිත්‍රපටි බිහිවීමට ප්‍රධානම හේතුව වන්නේ චිත්‍රපටියක් ලාභ උපයන මට්ටමට පත්කිරීමට හැකියාවක් ඇති දෙවන සහ තුන්වන මට්ටමේ වීරයින් හිඟ වීමයි. කාන්තා වීරවරියක් සිටින චිත්‍රපටියක්, ප්‍රධාන මට්ටමේ වීරව⁣රයෙකු සිටින චිත්‍රපටියකට වැයවන වියදමෙන් සහ ගතවන කාලයෙන් අඩක් යොදවමින් නිර්මාණය කලහැකියි. එසේම එම පිරිවැය තමිල්නාඩුවේ සිනමාශාලා තුලින් පමණක් වුවද උපයා ගැනීමට පුලුවන්.
උදාහරණයක් ලෙස Imaikkaa Nodigal චිත්‍රපටිය කේන්ද්‍රගත වීමට නියමිතව තිබුනේ ප්‍රධාන වීරයෙක් වටා වුවත් එම වීරයාගෙන් දින ලබා ගැනීමේදී ඇතිවුනු ගැටුම්කාරී තත්වය නිසා අවසානයේදී එය නයන්තාරා වටා නොහොත් වීරවරියක් වටා කේන්ද්‍රගත කරමින් රූගත කරනු ලැබුවා. එසේම එය වාණිජ වශයෙන්ද ඉහළ සාර්ථකත්වයක් ලැබූ චිත්‍රපටියක් බවට පත්වුනා.

ජ්‍යෝතිකාගේ Raatchasi චිත්‍රපටියද අඩු පිරිවැයකින් නිපදවුනු නමුත් එහි නිෂ්පාදකයින්ට ලාභදායී චිත්‍රපටියක් බවට පත්වුනා. එහි රූපවාහිනී,digital සහ විදේශීය රටවල ප්‍රදර්ශන අයිතීන් චිත්‍රපටිය නිකුත් වීමටත් පෙරම විකිණී අවසන් වුනා.
ඉදිරි මාස කිහිපය පුරාම මේ ආකාරයේ කාන්තා කේන්ද්‍රීය චිත්‍රපටි නිකුත් වීමට නියමිතව තිබෙනවා. ඒවා අතරින් හාෂා හතරකින් ප්‍රතිනිෂ්පාදනය වන Queen චිත්‍රපටියත් ජ්‍යෝතිකාගේ Jackpot සහ ට්‍රිශාගේ Paramapadham Vilayattu චිත්‍රපටත් විශේෂ වනවා.

එපමණක් නොවෙයි. සත්‍යය කතාවක් ඇසුරින් නිමවන වරලක්ෂ්මී සරත්කුමාර්ගේ Velvet Nagaram සහ ඇයගේම කාන්තා කේන්ද්‍රීය චිත්‍රපටියක් වන Danny චිත්‍රපටියත් එසේම ඓශ්චර්යා රාජේශ්ගේ Ka Pae Ranasingham චිත්‍රපටියත්, ඇයගේම Magalir Ani චිත්‍රපටියත් මෙම නාමාවලියට ඇතුලත් වනවා. සනී ලියෝන්ගේ Veeramadevi චිත්‍රපටියද මෙම වසරේ අගදී තිරගත වීමට නියමිතයි. එසේම අමලා පාවුල්ගේ Adho Andha Parvai Pola චිත්‍රපටියත් මෙම වසර අග කලඑලි බසිනු ඇති.

|2019 ජූලි 10 දින The Hindu පුවත්පතේ පලවුනු ශ්‍රීධර් පිල්ලෛ මහතාගේ ලිපියක් ඇසුරිනි.|
©️Indeewari Herath

3 comments

  1. පීටර් බාත්ලට්

    සුපිරිම ලිපියක් ❤ ❤ ❤

  2. නියමයි අක්කේ ලිපිය නම්..😗😗
    හොදටම රිවීව් එක තියෙනවා එල..👍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *